A Better Life (2011) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ 2011 වසරේ නිකුත්වූ එහෙත් මා මෑතකදී නැරඹූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත අරගෙනයි. ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් සමන්විත, මෙක්සිකෝවේ සිට ඇමරිකා සිහිනය සොයා අනවසරයෙන් සංක්‍රමණය වූ පියෙක් තම පුත්‍රයා රැකබලා ගනිමින් වඩා යහපත් ජීවිතයක් සොයා කරනා අරගලය ඇතුලත් මෙය නමින් A Better Life. මෙහි කතාවට සහ රංගන ප්‍රතිභාවන්ට ආකර්ශණය වීමත්, තවමත් මෙහි සිංහල උපසිරැසියක් අන්තර්ජාලයේ සොයාගැනීමට නැතිවීමත් නිසා මම පෙලඹුනා මෙය පරිවර්තනය කර ඔබ වෙත ලබාදෙන්නට.
රොජර් එල් සයිමන්ගේ කතාවක් ඇසුරින් එරික් ඒසන්ගේ තිර රචනයෙන් මෙය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිවස වෙයිට්ස් විසින්. IMDb වෙතින් 7.2ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 85%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 92%ක්ද ලබා ඇති මෙය 2012 වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම ප්‍රධාන චරිත රංගන ප්‍රතිභාව සඳහා වූ සම්මානයටද නිර්දේශ වූ එකක්, ඒ ඩේමියන් බෙෂර් රඟදක්වන කාලෝස් ගලින්ඩෝ චරිතය සඳහා. රංගනයෙන් දායක වන්නේ ඩේමියන් බෙෂර් ( කාලෝස්), හොසේ ජුලියාන් ( ලුයිස්), හ්වොකින් කොසියෝ ( බ්ලාස්කෝ), චෙල්සි රෙන්ඩන් ( රූති), බොබී සොටෝ (ෆකුන්ඩෝ) ඇතුළු පිරිසක්. කතාව සැකෙවින් මෙසේයි…
කාලෝස් ගැලින්ඩෝ යනු ඉතා විනීත පුද්ගලයෙක්, මෙක්සිකෝවේ සිට කලකට පෙර ඇමරිකාවට සංක්‍රමණය වූ අයෙක් වුවත් තවමත් නීත්‍යානුකූල පුරවැසි ලියකියවිලි සාදාගැනීමට අපොහොසත්ව සිටින ඔහුට සිටිනවා නව යොවුන් වියේ පුතෙක්. මව නොමැති ඔහුව කාලෝස් රැකබලාගන්නේ උයන් නඩත්තු කරන්නෙකු ලෙස උපයන ජීවිකාවෙන්. මෙක්සිකානුවන් බහුල පෙදෙසක ජීවත්වන ඔහු දැඩි බියකින් පසුවෙනවා තම පුතු මෙක්සිකානු මැර කැල්ලි සංස්කෘතියේ ගොදුරක් වෙනු ඇතැයි කියා. එම නිසාම ඔහුගේ අරමුණ වෙනත් වැදගත් පෙදෙසක පදිංචියට යාමයි පුත්‍රයාත් සමග. මේ අතරෙදි තමන් කරනා රැකියාවෙන් යම් ඉහල තැනකට යාමට ඔහුට අවස්ථාවක් පෑදෙනවා, තමන්ට දැරිය නොහැකි මිලකට ලැබෙන මෙම අවස්ථාව ඔහු තමන් සතු කරගනීවිද නැද්ද, එයින් පසු මේ පිය පුතු යුගලය කෙසේ ජීවන අරගලයට මුහුණ දෙයිදැයි දැනගැනීමට ඔබට මේ චිත්‍රපටය නැරඹීමට සිදුවෙනවා. එහිදී ඔබ ගෙවනා හෝරාවකුත් අඩකට මදක් වැඩි කාලය කිසිසේත් අපතේ යාමක් නොවන බවට සහතික විය හැකියි. එසේනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින් ලඟදීම.
ලබාදි ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා ගැලපේ.
චිත්‍රපටයේ ස්පාඤ්ඤ භාෂා දෙබස් ඉංග්‍රීසි දෙබස්වලින් වෙන්කර දැක්වීම සඳහා ( ) වරහන් භාවිතා කර ඇත.
මං මේ ෆිල්ම් එකේ පොඩි හරියක් බලලා තියෙනවා.
ලස්සන කතාවක් වගේ. නම හොයාගන්න බැරුවයි හිටියේ.
ට්‍රේලර් එක බලද්දි තමා දැනගත්තේ මේ ඒ ෆිල්ම් එක කියලා.
ආයේ මුල ඉඳන් බලන්න ඕනේ සබ් එකත් එක්ක.
තෑන්ක්ස් අයියේ සබ් එකට.:smiley:
මමනං මේ ලඟදි බැලුවෙ, ලහිරු. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
තෑන්ක්ස් සබ් එකට සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanks Hasitha Bro