The Accidental Spy (2001) Sinhala Subtitle
හැමෝම වගේ හොඳින් කියල හිතනවා, මේ වතාවෙ අරගෙන එන්නෙ ජැකීගෙ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා, කොහොම නමුත් මේ ෆිල්ම් එකට BluRay කොපියක් නිකුත් උනේ සති දෙකකට විතර කලින්, මේක ජැකීගෙ සුපිරිම සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ආස ඇති කියල හිතනවා, ෆිල්ම් එක නිදහස් උනේ, 2001 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Teddy Chan කියන අධ්‍යක්ෂකවරයා, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 90% ක් ලැබිල තියෙනවා, IMDB අගය 5.8 ක් විදිහට සඳහන් වෙනවා.
ෆිල්ම් එකේ කතාව චුට්ටක් මතක් කලොත්, ජැකීට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ යුඒන් කියල, එයා සේවය කරන්නෙ ව්‍යායාම් උපකරණ අලෙවිකරන සාප්පුවක, එයා දවසක් වැඩ ඉවර වෙලා ගෙදර එන අතරෙ බැංකු කොල්ලකරුවන්ගෙ හිරිහැරයකට ගොදුරු වෙනවා, කොල්ලකරුවන්ගෙ අතේ මුදල් බෑගයක් තියෙනවා, ඒ වෙලාවෙ ජැකී ඒ කොල්ලකරුවන්ට පහර දීල මුදල් බෑගය අරගෙන පොලීසියට බාර දෙනවා, ජැකීගෙ වීර ක්‍රියාව ගැන මාධ්‍ය වල පවා විකාශනය වෙනවා, ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ ටික දවසක් ගෙවිල යනවා, ඊට පස්සෙ ජැකීට යම් පුද්ගලයෙක් හම්බ වෙනවා, එයා කියනවා ජැකීගෙ පියා ඉන්නෙ උතුරු කොරියාවෙ රෝහලක කියල, ඊට පස්සෙ ජැකී යනවා උතුරු කොරියාවෙ එයාගෙ පියාව හම්බ වෙන්න, ෆිල්ම් එකේ හැටියට ඔහු විශාල ධනවතෙක්, ජැකී එයාගෙ පියාව මුණ ගැහුනට පස්සෙ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට පෙරලෙනවා, මොකද රෝහලේදි ජැකීගෙ පියා යම් වගකීමක් බාරදෙනවා, ඊට පස්සෙ ජැකී යනවා තුර්කියට, එහෙදි ජැකීට විශාල මුදලක් ලැබෙනවා, බැංකුවකින් තමයි ඒ මුදල ජැකීට ලැබෙන්නෙ, ජැකීට ඒ මුදල ලැබුනට පස්සෙ ෆිල්ම් එක තවත් පැත්තකට පෙරලෙනවා, මොකද තුර්කියෙ ඉන්න ත්‍රස්තවාදි කල්ලි සහ පාතාල කල්ලි විසින් එයාව පැහැරගෙන ගිහිල්ල පහර දෙනවා, ඒ හැම කල්ලියක්ම ජැකීට පහර දීල ජැකීගෙන් යම් දෙයක් ඉල්ලනවා, ජැකී දන්නෙ නෑ ඒ මොකක්ද ඉල්ලන්නෙ කියල, කොහොම හරි එයාට ඒ හැම කල්ලියකින්ම බේරිලා යන්න විශාල සටනක් දෙන්න වෙනවා, අපි බලමු එතනින් එහාට මොන විදිහට සිද්ධ වෙයිද කියල, තවත් උපසිරැසියකින් හම්බ වෙනතුරු සියළුම දෙනාට ජයෙන් ජය෴෴
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ඔන්න මමත් උපසිරැසිය ගත්තා.
thnx bro sub ekta😊
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…!දිගටම සබ් දෙමු, ඔබට දෙවි පිහිටයි…!
Thanks, bro…! obata jaya…!!
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය…!!
Good job..
Nice, brooo.. good luck…