Born to Defense (1986) Sinhala Subtitle

March 16, 2023 Admin
Subtitle by Rasika Samanjith

                 ජනප්‍රිය සටන් නලු ජෙට් ලිගෙ තවත් පැරණි හොංකොං චිත්‍රපටයක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ. ඒ වගේම ජෙට් ලිගේ හතරවන වගේම, ප්‍රථම සහ එකම චිත්‍රපට අධ්‍යක්ෂනය. ජෙට්ගේ හැකියාවන් විද්‍යාමාන වුනු තවත් සුපිරියක්. ඒ තමයි 1986 පෙබරවාරි 16 දින මුලින්ම තිරගත වුනු Born to Defence නොහොත් Zhong hua ying xiong. සමහර තැන්වල Born to Defend කියලත් සඳහන් වෙනවා. Action, Martial Arts, Drama යන කාණ්ඩ වලට අයත් වෙනවා. ධාවන කාලය විනාඩි 91 යි. හොංකොංහීදී එම වසරේ ඉහළම අදායම් වාර්තා අතර 38 වන ස්ථානයට පත්වෙන්නේ හොංකොං ඩො. 11,456,731 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන. මෙය හොංකොංහීදී බලාපොරොත්තු කඩවීමක් හැටියටයි සැලකෙන්නේ. නමුත් චීනයේදී අති සාර්ථක වෙමින් දෙවෙනි ඉහළම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපටය බවට පත්වෙන්නේ ඇ.ඩො.මි. 23 ක් උපයා ගනිමින්. Jet Li (ජෙට්) සමග රංගනයෙන් එකතු වන්නේ Zhao Erkang (ෂියැං), Song Jia (ෂොරේන්), Kurt Roland Petersson (කැප්ටන් හේස්) සහ Paulo Tocha (බේලි).
                    කතාවට පසුබිම් වෙන්නෙ දෙවෙනි ලෝකෙ යුද්ධයේ අග භාගය සහ යුද්ධය අවසන් වූ කාලයයි. හමුදා සෙබළෙක් වන ජෙට්, ජපන්නු සමග සටනින් පසු තම හමුදා යහලුවන් සමග ආපහු ගමට එනවා. ගම, නගරය ගොඩක් වෙනස් වෙලා. එයාලව ගණන් ගන්නෙවත් නෑ. යුධ ජයග්‍රහණයේ සියලුම ගෞරවය ලැබෙන්නේ ඇමරිකානු සෙබලුන්ට. ඇමරිකන් සෙබලු චීන වැසියන්ව ගොඩක් පහත් කරල සලකන්නෙ. හිරිහැරත් කරනවා. පොලීසිය තිබ්බට ඇමරිකන් බලය තමයි රජයන්නෙ. ඔවුන්ගේ නොපණත්කම් ඉවසන්න බැරි තැන අවස්ථා දෙකකදී ජෙට් රණ්ඩු වලට පැටලෙනවා. ඒ දක්ෂ සටන් කරුවන් වන කැප්ටන් හේස් සහ නාවික සෙබලෙක් වන බේලි සමග. ඔවුන් දෙදෙනාම ජෙට්ගෙන් පලිගැනීමට උත්සහ කරන නිසා ජෙට්ගේ සාමකාමී ජීවිතය උඩු යටිකුරු වෙනවා.
චිත්‍රපටයෙ නම් ගම් වල පොඩි වෙනස්කම් ඇති. චීනනෙ. ඒක එච්චර ගණන් ගන්න එපා. අසභ්‍ය දර්ශන නම් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 480p – 440mb // 720p – 890mb

SUB FORMAT // SRT / IDXTV

♣♣ WEB-DL / 480p / 720p ♣♣

Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (2)
  • Lahiru Unregistered
    Android 12 Chrome 110

    කාලෙකට පස්සේ සබ් එකක්. තෑන්ක්ස්! :thumbsup:

  • Shamal Manojan Unregistered
    Windows 10 Chrome 109

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න පුළුවන්ද?

    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search