Fast and furious spy racers S01E01
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න නත්තල් සීතලත් ගෙවීගෙනම යනකොට Netflix ලා තව සුපිරි Animated series එකක් 26 වෙනිදා අරන් ආවා. ඒ වෙන මොකක්වත් නෙමෙ. Fast and furious Spy racers. ගොඩක් අය මෙක එනකන් බලන් හිටියේ. ඒ වගේම මාත් පෞද්ගලිකව ගොඩක් ආසා කරා. ආ ඒ වගේම මතක් කරන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැස. ඒ නිසා පුංචි පුංචි අඩුපාඩුකම් තිබ්බොත් සමාවෙන්න.
හරි කතාව පැත්තට හැරෙමු අපි දැන්. Fast and furious කිව්ව ගමන් මතක් වෙන්නෙ Paul Walker ව නමුත් ඒ එක්කම අපිට Vin diesel අමතක කරන්න බෑ. ඒ වගේම සුපිරි කාර්… කතාව ගැන කිව්වොත් මේකෙ වෙන්නෙ Dominic Toretto ගේ ඥාති සහෝදරයෙක් වටා. අපිට මේකෙ සමහට තැන් වලදි Dominic Toretto වත් දැකගන්න පුළුවන්.
SH1FT3R නමින් පවත්වගෙන යන සංවිධානයක ඔත්තු බලන්න තමා මේ ඥාති සහෝදරයයි එයාගෙ කණ්ඩායමයි යන්නෙ. මේකෙ ප්‍රධාන චරිතේ තමා Tony Toretto ඒ වගේම මෙයාගෙ කණ්ඩායමත් සුපිරි. මුලින්ම Frostee මෙයා තාක්ෂණික වැඩ්ඩෙක්, Cisco මෙයා තමා මෙයාලගේ මිකෑනික්, Echo මෙයාගේ වැඩ ඔයාලම බලනන්න මොකද හැමදේම මං කිව්වම වැඩක් නෑනෙ. මේකෙ එක කතාවක් විනාඩි 25ක් වගේ තමා වෙන්නෙ. මං ඔයාලට ගොඩක් Recommend කරනවා මේ සීරිස් එක බලන්න කියලා විශේශයෙන් ඇනිමේශන් බලන්න කැමති අය ගොඩක් ඉන්නවා මේක නම් මග ඇරගන්න එපා.
හරි එහෙනම් ඉක්මනින් ඊලග එකටත් සබ් එක අරන් එන්නම් කියන පොරොන්දුව පිට මං අදට නවතිනවා. ආ මතක ඇතුව මොනහරි අවුල් තැන් තියනවනම් ඒවා ගැන එච්චර හිතන්න එපා මේක මගෙ පලවෙනි එක නිසා…
එහෙනම් හැමෝටම ජය වේවා.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Congrats bro. Keep it up. Good luck. Wish you all the best. 😍
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ
Thanks බ්‍රෝ,එනකං හිටියේ
thanks for sub machn, supiri animation kathawak patta
episode eka beluwa patta machn.. 1st sub eka supiriyata krla thiyenwaa. hoda gamanak yanna suba pathanawa..
ස්තුතියි සබ් එකට , පලවෙනි උපසිරැසියට සුභ පතනවා ඉක්මනින්ම ඉතුරු කොටස් ටිකත් ගෙන්න..
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.
sound wada naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එන්න…
Thank you for the subtitles
සුපිරි මචං. දිගටම සබ් දෙන්න..