Fearless Hyena 2
ඉතින් ගොඩ දවසකට පස්සෙ තවත් ජැකී චෑන්ගෙ සිනමා පටයක සිංහල උපසිරැසියක් අරගෙන එන්නට හැකියාව ලැබුනා. ජැකීගෙ ෆිල්ම් බලාපොරොත්තුවෙන් කට්ටියක් අපිත් එක්ක ඉන්න බව අපි දන්නවා. වැඩ රාජකාරි මැද වුනත් මේ සබ් අරන් එන්නෙ එයාල වෙනුවෙන්, ජැකීගෙ රසිකයන් වෙනුවෙන්. මම කලින් සබ් දීපු Fearless Hyena [1979] ඔයාල රස විඳින්න ඇතිනෙ. මේ පාර අරන් ආවෙ ඒකෙ දෙවෙනි කොටස විදිහට ආපු Long teng hu yue හෙවත් Fearless Hyena 2. හැබැයි කතා දෙක නම් එකකට එකක් සම්බන්ධ නෑ. මුල් කොටසෙ හිටපු රංගන ශීල්පීන් කීප දෙනෙක් නම් ඉන්නවා. මුලින්ම තිරගත වුනේ 1983 මාර්තු 04 දින හොංකොං වලදි. කතාව සහ නිෂ්පාදනය Lo Wei ගෙන්. Martial Art, Action, Comedy, Drama වර්ග වලට අයත්වෙන අතර ධාවන කාලය මිනිත්තු 92 යි. Jackie Chan (ලුන්ග්) සමග Austin Wai (ටුන්ග්), Dean Shek සහ James Tien රඟපෑමෙන් එක්වෙනවා. සුපුරුදු පරිදි කිසිම අසභ්‍ය දර්ශනයක් නැති ෆිලුමක්.
කතාවෙ නම් කියන්න ලොකු දෙයක් නෑ. ස්වර්ගයේ යක්ෂයින් ලෙස හැඳින්වෙන අපරාජිත, අති දක්ෂ, දුෂ්ට සටන් කරුවන් දෙදෙනෙක් එක්තරා සටන් කලා වංශයක් මේ ලෝකෙන් අතුගා දැමීමට අදිටන් කරගෙන ඉන්නවා. මේ දෙන්නා ඒ වංශයේ ප්‍රධානීන් සියලු දෙනාම වගේ මරා දමනවා. ඒ පවුල් වලින් බේරී ඉතිරිවෙන කුඩා ඥාති සහෝදරයන් දෙදෙනෙක් උස් මහත්වී ස්වර්ගයේ යක්ෂයින්ගෙන් පලිගැනීමට සූදානම් වෙනවා. ඉන් එක්කෙනෙක් වන ලුන්ග් දක්ෂයි. අනෙකා වන ටුන්ග් අදක්ෂයි, කම්මැලියි. හැබැයි මොළකාරයා. කම්මැලි ටුන්ග්වත් එකතු කරගෙන, තම පලිය ගන්න උත්සහ කරන ලුන්ග්ගේ කතාව තමයි Fearless Hyena II.
ජය වේවා.
QUALITY // 480p – 400 MB // 720p – 850 MB // 1080p – 1.5 GB
SUB FORMAT // SRT // IDX TV
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට සහෝ පට්ට මෙහෙම පැරණි ෆිල්ම්වලට සබ් දෙන එක
the ugly american එකට සබ් එක දෙමු
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පැරණි ෆිල්ම් සබ් දෙමු