Frantz (2016) Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ හිතවතුන් හැමදෙනෙක්ටම.පසුගිය කාලය පුරාවට වැඩිපුරම උපසිරැසි කලේ ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි චිත්‍රපටවලට නිසා වෙනසකටත් එක්ක මේ වතාවෙ ප්‍රංශ චිත්‍රපටයකට උපසිරැසි ගේන්න හිතුවා. මේක මම මීට මාස කීපෙකට කලින් කරන්න අත තියපු එකක්, ලයින් බොහෝ ප්‍රමාණයක් කරල පැත්තක තිබුණෙ (මම පටන්ගන්න ගොඩක් වැඩ එහෙම තමයි ). ඉතින් මේ වගේ ලස්සණ චිත්‍රපටයකට එහෙම කරන එක අසාධාරණ නිසා මම තීරණය කලා උපසිරැසිය සම්පූර්ණ කරල ඕගොල්ලන්ට දෙන්න. එක එක ඒව කිය කිය හිටියට මම තාම චිත්‍රපටයෙ නම කිව්වෙ නෑනෙ,මේ තමයි ප්‍රංශ ජාතික අධ්‍යක්ෂක François Ozonගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී 2016 වසරේ තිරගතවුණ Frantz චිත්‍රපටය. Imdb අඩවියෙන් 7.5ක අගයක් සහ Rotten Tomatosවෙතින් 90% තරම් ඉහල අගයක් සහ එහි ප්‍රේක්ෂක ප්‍රසාදය 84%කුත් ලබාගෙන සම්මාන 4ක් දිනා තවත් 29කට නිර්දේශවුණ මේ චිත්‍රපටයට පළමු ලෝක යුද්ධය අවසන් වුණ පසු සමයේ එනම් 1919 වසරේ ජර්මනිය සහ ප්‍රංශය කේන්ද්‍ර කරගත් කතාන්දරයක් තමයි ඇතුලත් වෙන්නේ. මෙහි රංගනයෙන් දායක වන්නේ Pierre Niney ( ඒඩ්‍රියන් රිවෝරා), Paula Beer( ඇනා), Ernst Stötzner ( වෛද්‍ය හාන්ස් හොෆ්මෙස්ටර්), Marie Gruber ( මග්ඩා) ,Johann von Bülow (ක්‍රොයිට්ස්), Anton von Lucke ( ෆ්‍රාන්ස් හොෆ්මෙයිස්ටර් ) වගේ නළු නිළි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේක බොහොම සුන්දර නමුත් ටිකක් විතර ශෝකජනක ආදර කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටයෙන් 98%ක් පමණම කළු-සුදු.
මම මුලින් කිව්ව විදියටම මෙහි කතාව ගලායන්නෙ පශ්චාත් පළමු ලෝක යුධ සමයේ, එනම් 1919 වර්ෂයේ . ජර්මනියට අමිහිරි පසුබෑමක් අත්කර දෙමින් අවසන් වූ එම යුද්ධයේ ප්‍රධානම පසමිතුරන් දෙදෙනෙක් වුණේ ප්‍රංශය සහ ජර්මනිය . දෙපාර්ශවයම යුද්ධය නිසා ජීවිතය අහිමිවූ තම ආදරණීයයන් සිහිකරමින් ගත කල කාලයක් මේ. ඇනාත් සහ වෛද්‍ය හොෆ්මෙයිස්ටර් පවුලත් අයිතියි මේ කොටසට. ඔවුන් ජීවත්වෙන්නේ ජර්මනියේ ක්වෙඩ්ලින්බ(ර්)ග් නගරයේ. යුධ සමයේදී ප්‍රංශයේදී දිවි පිදූ තම ප්‍රේමවන්තයා සිහිකරමින් බොහොම ශෝකයෙන් තමයි ඇනා කල් ගෙවන්නේ. ඇය සිරිතක් වශයෙන් සැමදාම ඔහුගේ සොහොන මලින් සරසමින් ගරු කරනවා. නමුත් මේ එක් දිනයකදී ඇය දකිනවා නාඳුනන අද්භූත පුද්ගලයෙක් මේ සොහොන අසලට වී දුකින් ගත කරන ආකාරය….
මෙතනින් ඉදිරියට ඕගොල්ලන්ට බාරයි කතාව. මේක බොහොම සීරුවට ගලායන සුන්දර චිත්‍රපටයක් කියල කියන්න පුළුවන් ඒ වගේම සුළු සිපගැනීමේ දර්ශණ දෙකක් හැරුණවිට වෙන කිසිම ඔබ අපහසුතාවට පත්වෙන විදියේ දර්ශණ මෙම චිත්‍රපටයේ නැහැ .එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ආයිත් දවසක.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..? තවත් මේ වගේ උපසිරැසි නොදීපු ෆිල්ම්ස් වලට උපසිරැසි ලබා දෙන්න..? ..☺️ඔබට ජය සහෝ..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ඔයාගෙ ෆිල්ම් ලිස්ට් එකටත් සබ් දෙනවා ලඟදිම.
supiri ohoma yan
බොහොම ස්තූතියි, දිනේෂ් 🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
බොහොම ස්තූතියි, Kantha 🙂
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි, මධුෂ 🙂
ඇත්තටම කියනවනම් සහෝ ඔයා උපසිරැසි ලබාදෙන මුවි පට්ට අසාවෙන් ඩව්න්ලෝර්ඩින් කරගන්නෙ සුපිරි රේටින් වගේම අරුතක් තියෙන චිත්‍රපට. ඩ්‍රාමා,ත්‍රිලර් ෆිල්ම් තම සුපිරි.. ගොඩක් ස්තුතියි සබ් එක සතුටින් ගත්ත ජය ඔබට✨✨??
බොහොම ස්තූතියි, මිත්‍රයා 😉
මේක නම් කාලොචිත කතාවක්(කාල+උචිත, කල ඉතිං කට්ටිය දන්නවනෙ උචිත කිව්වාම පාවිච්චියට සුදුසු වගෙ අර්ථයක් එන්නෙ,එකියන්නෙ සෑහෙන්න බොන්න වෙන film එකක් වගෙ??)ප්‍රංශය කිව්වාම කට්ටිය කියන්නෙ ආදරවන්තයින්ගෙ නගරය කියලනෙ ඉතිං එගොල්ලො හදපු love story යක් බලල තියන එක හොදයි?.ඔයාගෙ මේ විදෙස් චිත්‍රපට පිලිබදව තියන උනන්දුව ඇත්තටම අගෙ කරන්න වටිනව.ස්තුති සහො
ඔව්,ඔව් ටිකක් බොන්න වෙන ෆිල්ම් එකක් තමයි මේක. බලල කියන්නකො තත්වෙ.
බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂
මේ ෆිල්ම් එක කලු සුදු එකක්ද සහෝ???
ඔව් මිතුන්, ඕකෙ 98%ක්ම කළුසුදු. මම ලිපියෙත් ලියල තියනවා ඒක.
Muhammad: The Messenger of God
2015 ‧ Drama/History
මේ ෆිල්ම් එකටත් සබ් එකක් දෙන්න සහෝ.
Imdb 7.9i. මෙක mkvcage සයිඩ් එකට අලුතින් බ්ලුරෙ ටොරෙන්ට් එක අප්ලෝඩ් උන. පුළුවන් නම් දෙන්න හොද කතාවක් වගෙ
හොඳ ෆිල්ම් එකක් වගේ,නේද මිතුන්? බලමු මම ට්‍රයි එකක් දෙන්නම්.
Lassana kathawak
tnx sub ekata
elama saho thanks
ela. හොඳ ෆිල්ම් එකක් වගේ, දැන් download වෙන්න දැම්ම.. ජය සහෝ