ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළග කතාංගයත් එක්කයි ඔයාලා එකතු වෙන්නේ.
කලින් කතාවේ දී x කිරණ සිද්ධිය දැක්කනේ. අයින්ස්ටයින් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ ගේම ඉල්ලලා තමන්ගේ මුළු අනාගතයම නැති කරගත්තු එක තමා පේන්නේ. ඒවගේම මිලේවාට අයින්ස්ටයින්ගෙන් දරුවෙකුත් ලැබෙන්න යන්නේ. ඒත් ඒක කවුරුත් දන්නේ නෑ වගේ. ඒත් අයින්ස්ටයින්ගේ නංගි මායා නම් දැන ගන්නවා. අයින්ස්ටයින් උගන්වන්න හැදුවට කවුරුත් ගන්නේ නැති නිසා ටියුෂන් කරන්න පටන් ගන්නවා. ඉතින් අපූරු ගොලයෝ තමා හම්බෙන්නේ. අයින්ස්ටයින්ගේ දරුවා ලැබුනම ගිහින් බලන්න හැදුවත් තාත්තා අසනීප වෙලා මැරෙනවා. කතාව ඉතාමත් සංවේදී කරමින් අයින්ස්ටයින්ගේ පලමු ගැහැනු දරුවා උපතින් ටික කාලයකට පස්සේ මියැදෙනවා. අයින්ස්ටයින් ගැන විකිපීඩියා එකේ හොයනකොට ලමයි විදියට පිරිමි ලමයි දෙන්නෙක් ගැන සදහන් වෙනවා. ඒත් මේ මැරුනු ගැහැනු ළමයාගේ ඇත්ත නැත්ත මන් දන්නෙත් නෑ. ඉතින් දරුවා නිසාම මිලේවා ව බදින්න උනත් දරුවා නැති උනාම එහෙම අවශ්‍යතාවක් නැති නිසා හැමෝම දෙන්නටම වෙන් වෙන්න කියලා උපදෙස් දෙනවා. ඒත් අයින්ස්ටයින් දැඩි තීරණයක් අරන් පේටන්ට් කාර්යාලයට යන්න බෑ කිව්ව මිනිහා ඒකේ වැඩ බාරගන්නවා කරන්න දෙයක් නැති කමට. අද කතාව එතැන් සිට....... අද කතාවනම් ගොඩක් තීරණාත්මක එකක්. අද හම්බවෙනවා කතාවේ දී මාරි කියුරිවයි පියරේ කියුරිවයි. පොලෝනියම් රේඩියම් හොයාගත්තු විකිරණශීලීතාවය ගැන පර්යේෂණ කරපු අන්තිමේදී මැරෙන්නෙත් විකිරණ වලට අධික ව නිරාවරණය වෙච්ච නිසා. ඒ හින්දා 1903 නොබෙල් තෑග්ග හම්බවෙනවා භෞතික විද්‍යාවට. ඒ තමා පලවෙනි කාන්තාව නොබෙල් තෑග්ගක් දිනපු. 1911දී රසායන විද්‍යාවටත් නොබෙල් තෑග්ගක් හිමි වෙනවා. නොබෙල් තෑග්ග දෙපාරක් දිනපු එකම කාන්තාව.
ඒ වගේම අද කතාවේ ඉස්මතු වෙන වැදගත් චරිතයක් තමා මැක්ස් ප්ලාන්ක්.
ආලෝකය ගැන පරීක්ෂණ කරපු ආලෝක ක්වොන්ට හෙවත් ශක්ති ක්වොන්ටා සංකල්පය හදුන්වලා දුන්නු ජර්මන් ජාතික විද්‍යාඥයා. හැබැයි ප්ලාන්ක්ගේ සිද්ධි ගොඩක් පැහැදිලි කෙරෙන්නේ අයින්ස්ටයින්ගේ සොයාගැනීමුත් එක්ක. අයින්ස්ටයින් ප්ලාන්ක් එක්ක සම්බන්ධ වෙන හැටි අද කතාවෙන් බලාගන්න පුලුවන්.
අපි හැමෝම දන්නවා අයින්ස්ටයින් ප්‍රසිද්ධම සාපේක්ෂතාවාදයටයි පරමාණු බෝම්බ කතාවටයි. ඔය වචන දෙකම අපි හැමෝම අහලා තියෙනවා විද්‍යාව ගැන මෙලෝ මගුලක් දන්නේ නැති උනාට. ඒව හොයාගන්න හැටි අද කතාවේ ලස්සනට බලාගන්න පුලුවන්.
අන්තිමට කියන්න ඕන තව දෙයක් තියෙනවා. පරමාණු බෝම්බය හොයාගත්තේ අයින්ස්ටයින් නෙමේ. ඒකට අදාළ තියරිය හැදෙන්නේ අයින්ස්ටයින්ගේ සොයාගැනීමකින්.




Windows 10Chrome 77
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
Windows 7Firefox 69
sub ekata thanks saho.
Windows 10Firefox 69
Thank you bro..
Android 7Chrome 77
Elaa digatma karamu
Android 9Chrome 77
Legacies season 2 akata aub dennko
Android 9UC Browser 12.13
ස්තූතිය.දිගටම මේක සබ් දෙන්න.Peaky Blinders එකෙත් සබ් දෙන්න නවත්තන්න එපා.
Android 9Chrome 77
සබ් එකට තෑන්ක්ස් සහෝ
iOS 12.4Opera Touch 2
ස්තූතියි අදහස් දක්වපු හැමෝටම ✌️✌️✌️
Windows 10Chrome 77
thanks bnnnnnnnnnnnnnnnnnnnnnnnn
Windows 10Chrome 76
Thanks Machan <3