ආයුබෝවන් සෑහෙන දවසකට පස්සෙ ඔන්න උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණ.
පහුගිය දවස් ටිකේ පොඩි පොඩි පෞද්ගලික වැඩ වගයකට එහෙ මෙහෙ දුවන්න වීම නිසා උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබුණෙම නැති තරම්. කොහොමහරි කාලය හොයාගෙන දවසට ලයින් 30 -40 ටයිප් කරල හදාගෙන අද මේ අරගෙන එන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීම් ලැයිස්තුවෙන් තවත් එකක්. එකක් කිව්වට මේක පසුගිය වසරේ Netflix මගින් විකාශය වුණ ටීවී මිනී සීරීස් එකක්. සම්පූර්ණ කොටස් ගණන 7යි. Imdb වෙතින් 8.4 අගයක් සහ Rotten Tomatos වෙතින් 88% ක අගයක් ලබාගෙන Imdbහි හොඳම රූවාහිනී කතාමාලා 250 ලැයිස්තුවේ 229 වන ස්ථානයත් ලබාගෙන සිටින මේ මිනී සීරීස් එකේ නම තමයි Godless එහෙමත් නැත්නම් දෙවියන් අහිමි දේශය කියල කිව්වත් හරි. ’71, Unbroken, Starred up වගේ චිත්‍රපටවල මතකයේ රැඳෙන රංගනයන්ගෙන් අප දැක තිබෙන Jack O’Connell ( රෝයි ගුඩ්) ඇතුළුව Michelle Dockery ( ඇලිස් ෆ්ලෙචර්), Scoot McNairy ( බිල් මැක්නිව්), Merritt Wever ( මේරි ඇග්නස්), Thomas Brodie-Sangster ( වයිටි වින්) , Tantoo Cardinal ( අයෝවි) , Jeff Daniels ( ෆ්‍රෑන්ක් ග්‍රිෆින්) ,Samuel Marty ( ට්‍රකී) ඇතුළු නළු නිලි පිරිසක් තමයි මෙයට රංගනයෙන් දායක වෙන්නෙ.
කතාවට පසුබිම් වෙන්නෙ 1880 දශකයේ ඇමරිකාව. අපේ භාෂාවෙන් කිව්වොත් කව්බෝයි කතාවක් තමයි මේක. මේ කාලය නීතියට ,සාමාන්‍ය ජනයාට හිසරදයක් වුණ අවනීතිකයන් බොහොමයක් සැරිසැරූ කාලයක්. මේ කතාවෙ ෆ්‍රෑන්ක් ග්‍රිෆින් කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. ඔහු සහ ඔහුගේ සොරමුළ බොහොම කරදරයක් වෙනවා ඒ වකවානුවේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ තිබුණ රිදී පතල් කර්මාන්තයට…
ඔන්න ඔය කාලයේ දවසක රාත්‍රියේ ලා බෙල් නම් ගම්මානයේ ගොවිපොළකට එනවා කරදරයකට පත්වුණ නාඳුනන අමුත්තෙක්. හැබැයි ඒ ගොවිපොළේ උදවියගෙන් ඔහුට ලැබෙන්නේ හොඳ පිළිගැනීමක්නම් නෙමෙයි. කොහොමවුණත් ඒකටත් තියනවා ලොකු හේතුවක්, ඒක ඒ ගොවිපොළට විතරක් නෙමෙයි ලාබෙල් නගරයටම පොදු හේතුවක්… මේ නාඳුනන අමුත්තා පිටිපස්සෙන් එනවා ලොකුම ලොකු කරදරයක්… එතනින් එහාට මම කියන්නේ නෑ ඔයගොල්ලොම බලන්නකො. කව්බෝයිලට ප්‍රිය කරන අයට මේක හොඳ කතාවක් වේවි කියල මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්…
විශේෂ :-
Buffalo soldiers ( බෆලෝ සෝල්ජර්ස් )
බෆලෝ සෝල්ජර්ස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ අසහාය ගායක බොබ් මාලේගේ ඒ නමින්ම යුත් ගීතය. මේ කතාමාලාවෙත් ඉන්නවා බෆලෝ සෝල්ජර්ස්ල. මේ නමම දාන්න බැරි නිසා මම කුළු භටයො විදියට නම වෙනස් කලා. ඇත්තටම කිව්වොත් මේ කුළු භටයින් කියන්නෙ 1880 කාල සමයේ එක්සත් ජනපද හමුදාවෙ සිටි අශ්වාරෝහක බළඇණියකට පටබැඳුණ නමක්. මුළුමුනින්ම නීග්‍රෝ ජාතිකයන්ගෙන් සැදුම්ලත් මෙම බල ඇණියට මෙම නම පටබඳින්නේ එවක ඇමරිකානුවන් හා යුධ වැදුන ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර විසින්, අපේ වචනයෙන් කිව්වොත් රතු ඉන්දියානු ගෝත්‍රයන් විසින්. නම ලැබෙන්න හේතුව කතාමාලාවෙ මුල් කොටස් කීපයෙන් එකක සඳහන් වෙනවා.
Thanks machan sub ekata
Thanx brooo
meke sub ntd
බොහොම ස්තූතියි සබ් එක බෑවා තව සීරිස් එකක් තියෙනවා සබ් එක දෙන්න බැරිද කොහෙවත් නෑ
මොකද්ද සීරීස් එක? ගොඩක් දිග ඇදෙන ඒවනං අමාරුයි. මිනී සීරීස් වගේ තමයි කලත්.
සබ් එකට බොහොම් ස්තූතියි සහෝ
තවත් tv seriesවලට සබ් ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
ඇයි මේ සයිට් එකේ අඩුවෙන් වැඩ වෙන්නේ ,බයිස්කෝම් එකට වඩා මේ සයිට් එකේ සබ් හොදයී , දිගටම කරගෙන යන්න