Godless (2017) [S01 : E01] Sinhala Subtitle

March 19, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සෑහෙන දවසකට පස්සෙ ඔන්න උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණ.
පහුගිය දවස් ටිකේ පොඩි පොඩි පෞද්ගලික වැඩ වගයකට එහෙ මෙහෙ දුවන්න වීම නිසා උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබුණෙම නැති තරම්. කොහොමහරි කාලය හොයාගෙන දවසට ලයින් 30 -40 ටයිප් කරල හදාගෙන අද මේ අරගෙන එන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීම් ලැයිස්තුවෙන් තවත් එකක්. එකක් කිව්වට මේක පසුගිය වසරේ Netflix මගින් විකාශය වුණ ටීවී මිනී සීරීස් එකක්. සම්පූර්ණ කොටස් ගණන 7යි. Imdb වෙතින් 8.4 අගයක් සහ Rotten Tomatos වෙතින් 88% ක අගයක් ලබාගෙන Imdbහි හොඳම රූවාහිනී කතාමාලා 250 ලැයිස්තුවේ 229 වන ස්ථානයත් ලබාගෙන සිටින මේ මිනී සීරීස් එකේ නම තමයි Godless එහෙමත් නැත්නම් දෙවියන් අහිමි දේශය කියල කිව්වත් හරි. ’71, Unbroken, Starred up වගේ චිත්‍රපටවල මතකයේ රැඳෙන රංගනයන්ගෙන් අප දැක තිබෙන Jack O’Connell ( රෝයි ගුඩ්) ඇතුළුව Michelle Dockery ( ඇලිස් ෆ්ලෙචර්), Scoot McNairy ( බිල් මැක්නිව්), Merritt Wever ( මේරි ඇග්නස්), Thomas Brodie-Sangster ( වයිටි වින්) , Tantoo Cardinal ( අයෝවි) , Jeff Daniels ( ෆ්‍රෑන්ක් ග්‍රිෆින්) ,Samuel Marty ( ට්‍රකී) ඇතුළු නළු නිලි පිරිසක් තමයි මෙයට රංගනයෙන් දායක වෙන්නෙ.

කතාවට පසුබිම් වෙන්නෙ 1880 දශකයේ ඇමරිකාව. අපේ භාෂාවෙන් කිව්වොත් කව්බෝයි කතාවක් තමයි මේක.  මේ කාලය නීතියට ,සාමාන්‍ය ජනයාට හිසරදයක් වුණ අවනීතිකයන් බොහොමයක් සැරිසැරූ කාලයක්. මේ කතාවෙ ෆ්‍රෑන්ක් ග්‍රිෆින් කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. ඔහු සහ ඔහුගේ සොරමුළ බොහොම කරදරයක් වෙනවා ඒ වකවානුවේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ තිබුණ රිදී පතල් කර්මාන්තයට…

ඔන්න ඔය කාලයේ දවසක රාත්‍රියේ ලා බෙල් නම් ගම්මානයේ ගොවිපොළකට එනවා කරදරයකට පත්වුණ නාඳුනන අමුත්තෙක්. හැබැයි ඒ ගොවිපොළේ උදවියගෙන් ඔහුට ලැබෙන්නේ හොඳ පිළිගැනීමක්නම් නෙමෙයි.  කොහොමවුණත් ඒකටත් තියනවා ලොකු හේතුවක්, ඒක ඒ ගොවිපොළට විතරක් නෙමෙයි ලාබෙල් නගරයටම පොදු හේතුවක්… මේ නාඳුනන අමුත්තා පිටිපස්සෙන් එනවා ලොකුම ලොකු කරදරයක්… එතනින් එහාට මම කියන්නේ නෑ ඔයගොල්ලොම බලන්නකො. කව්බෝයිලට ප්‍රිය කරන අයට මේක හොඳ කතාවක් වේවි කියල මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්…

විශේෂ :-
Buffalo soldiers ( බෆලෝ සෝල්ජර්ස් )
බෆලෝ සෝල්ජර්ස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ අසහාය ගායක බොබ් මාලේගේ ඒ නමින්ම යුත් ගීතය. මේ කතාමාලාවෙත් ඉන්නවා බෆලෝ සෝල්ජර්ස්ල. මේ නමම දාන්න බැරි නිසා මම කුළු භටයො විදියට නම වෙනස් කලා. ඇත්තටම කිව්වොත් මේ කුළු භටයින් කියන්නෙ 1880 කාල සමයේ එක්සත් ජනපද හමුදාවෙ සිටි අශ්වාරෝහක බළඇණියකට පටබැඳුණ නමක්. මුළුමුනින්ම නීග්‍රෝ ජාතිකයන්ගෙන් සැදුම්ලත් මෙම බල ඇණියට මෙම නම පටබඳින්නේ එවක ඇමරිකානුවන් හා යුධ වැදුන ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර විසින්, අපේ වචනයෙන් කිව්වොත් රතු ඉන්දියානු ගෝත්‍රයන් විසින්. නම ලැබෙන්න හේතුව කතාමාලාවෙ මුල් කොටස් කීපයෙන් එකක සඳහන් වෙනවා.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (28)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65

    උපසිරැසියට වගේම කියන්න ඕනෙ මගෙ තවත් එක් ඉල්ලීමක් ඉෂ්ට කරාට ස්තූතියි කියලා..??ඔබට ජය සහෝ..??

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59

      බොහොම ස්තූතියි, සුමින්ද 😉

  • sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    13rw වලින් පස්සෙ හොද tv show එකක් ඔයාගෙන් හම්බ උනෙම නැ මේ පාරනම් පට්ට එකක් ගෙනත් තියෙන්නෙ ඔය thank you verymuch amigo??

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59

      මේකෙ ස්තූතිය තනිකරම යන්න ඕනෙ ඔය උඩ කමෙන්ට් එකේ ඉන්න මිත්‍රයට තමයි. බලල කියන්නකො මිත්‍රයා සීරීස් එකේ තත්වෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

  • Mithun Unregistered
    Android 7 Chrome 64

    දැම් දවස් දෙකතුනක ඉදම් ඇවිත් බැලුව හසිත මුකුත් දීල නැද්ද කියල .. Clash (2016) එක නම් කියන්න වචන නැ සහෝ.. අනගිබවනියයි එ නිර්මාණය නම්.. මට ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක්. එ එක්කම හිතුන දෙයක් තම ඔබ වැනි උපසිරැසකරුවෙක් අපෙන් වෙන් නොවේවා කියල . ෆිල්ම් ටිකක් නම් ඔන හසිත හොද ආපහු…??

    • Mithun Unregistered
      Android 7 Chrome 64

      භාෂා හැසිරීවිම නියමයි ?

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59

      බය වෙන්න එපා, මම Subzlk දාල කොහෙවත් යන්නෙ නෑ, මිතුන්. Clash එකේ ස්තූතිය යන්න ඕනෙ ඔය උඩම කමෙන්ට් එකේ ඉන්න සුමින්ද සහෝදරයට තමයි( මේ සීරීස් එකත් එයාගෙ ලිස්ට් එකෙන් තෝරගත්ත එකක්)ඇනිමේෂන් එකක් තියනව බාගෙට කරපු, ඒක ඉවර කරල දෙන්නම් හෙට අනිද්දම. කොහෙද මේ වැඩ හින්ද මොකවත් කරගන්න බැරිවුණානෙ පහුගිය ටිකේ.* භාෂා හැසිරවීම – තැනේ හැටියට ඇණේ තමා ඉතිං .

    • Mithun Unregistered
      Android 7 Chrome 64

      Taxi ? driver eka download kara ekatat ona balan na sab enakal

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      OK , Mithun.

  • tharindu gunarathna User
    Windows 7 Opera 51

    thanks

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59

      Thanks, Tharindu 🙂

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 65

    මිතුන් කිව්වා වාගේ මමත් හොයලා බැලුවා ..හසිතට මොකද උනේ කියලා

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59

      පහුගිය දවස්වල පොඩි වැඩකට හිරවුනා, දමිත් 🙁 ඒක නෙමෙයි මේල් එක වැඩ නැද්ද? මම මේල් කීපයක්ම දැම්ම Tvd 2nd season එක 5th episode එකේ ඉඳන් දෙන්නද නැත්තං මුල ඉඳන්ම දෙන්නද කියල අහන්න. පොඩ්ඩක් බලලකියන්නකො එතකොට මට ඒකත් පටන්ගත්තහැකි 🙂

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 65

      මේල් එකේ අවුලක් bro ..මේල් එකේ හිරවීමක් තියෙනවා ..ඒ හින්දා මේකේ තියෙන msg systemඑකෙන් msg එවන්න

  • Sandun Unregistered
    Android 5.1 Chrome 64

    Supiri series ekak.. TVD walatath ikmanata dennako saho puluwannam….

  • uchitha aroshan Unregistered
    Windows 7 Opera 36

    ela machoo ela -tkz

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    patta mchoooooooooooooooooo

  • Shan Unregistered
    Windows 10 Chrome 65

    නියමයි bro… අනිත් epi ටිකත් ඉක්මනට sub ෙදන්න.. epi ටික ඔක්ෙකාම අරන් බලන් ඉන්ෙන් sub ෙදනකම්….

  • viraj Unregistered
    Windows 8.1 Firefox 59

    sub ekata thanks saho.. jaya wewa!!

  • ලහිරු ක්ලේගන් Unregistered
    Windows 10 Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

  • Damien Unregistered
    Windows 10 Chrome 66

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search