ආයුබෝවන් Godless කතාමාලාවත් එක්ක එකතුවුණ හැමකෙනෙක්ටම. අද මම අරගෙන එන්නෙ මේ කතාමාලාවෙ 2වන කොටස. මේ කොටස නම් වෙන්නෙ The Ladies of La Belle( ලා බෙල් හි කාන්තාවන්) කියලයි. Imdb අගය 8.2 ක් විදියටයි මේ කොටසට ලැබී තිබෙන්නේ.පසුගිය කොටස ටිකක් මතක් කලොත්….. ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු දාමරික සොරමුළේ සාමාජිකයෙක් වුණ රෝයි ගුඩ් කණ්ඩායමෙන් පැන යනවා. ඒ නිකම්ම නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ගෙ අතකුත් අහිමි කරමින් ඔහු ඇතුළු සොර නඩය විසින් කොල්ලකෑ ක්‍රීඩ් ප්‍රදේශයේ ටොම්බෝයි රිදී පතල් සේවකයන්ට ගෙවීමට ගෙන ආ පඩි මුදල් සේරමත් අරගෙනයි. එතෙන්දි මේ සොර නඩයෙ දෙදෙනෙක් ක්‍රීඩ් ගම්වාසීන් විසින් අල්ලාගන්නවා, නමුත් තම පැරණි හිතවතාගෙන් වෙඩි කා වියරු වැටී ආපසු එන ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු නඩය අතින් මුළු ක්‍රීඩ් ගම්මානයම මැරුම් කනවා. ඒ විතරක් නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින් හැමතැනම හොයනවා රෝයි ගුඩ් ගිය අතක්. අපි හැමෝම දන්නවා දැන් රෝයි ගුඩ් ඉන්නෙ ලාබෙල්වල, තමන්ව අසුන්දර විදියට පිලිගත් ඇලිස් ෆ්ලෙචර්ගෙ ගොවිපොළේමයි, ඒ තම තුවාලවලට සැලකුම් ලබමින්. කොහොමහරි ක්‍රීඩ්වල සිදුවීම ගැන මාෂල් කුක්ගෙන් ලාබෙල් නගරෙ ෂෙරීෆ්වරයා වන බිල් මැක්නිව්ට දැනගන්න ලැබෙනවා. අවසානයේ බිල් ඇලිස්ගේ ගොවිපොළට ආ අවස්ථාවේ රෝයිගුඩ් ඔහුට යටත් වෙනවා කැමැත්තෙන්ම. එතනින් පස්සෙ අපි දැක්කෙ ෆ්‍රෑන්ක් ඇතුළු සොර නඩය රෝයි ගුඩ්ව සෙවීම ආරම්භ කරන විදියයි. අද එතැන් සිට… එහෙනම් හමුවෙමු ඊලඟ කොටසින්..
විශේෂ-
පසුගිය කොටසෙදි මතක් කරන්න තිබුණ දෙයක් අමතක වුණා මට. ඒ තමයි මම දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.
Thanks machan sub ekata