Godless (2017) [S01 : E03] Sinhala Subtitle

March 29, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Godless කතාමාලාවත් එක්ක රැඳී ඉන්න හැමකෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ 3වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Wisdom of the Horse කියලයි. මේ කොටස ලබා ඇති Imdb අගය 8.3ක්. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. ෂෙරීෆ් මැක්නිව්ට බාර වුණ රෝයිගුඩ් මැක්නිව් එක්කම ලා බෙල් නගරෙට ආවා. මැක්නිව් තමන්ගෙ දෙවැනි නිලධාරී වයිටිට රොයිව බාරදෙන්නෙ මිස්ට.වෝඩ් කියන නමින්. ඒකට හේතුව ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ගෙන් එල්ලවියහැකි අනතුර වලක්වාගැනීම බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නෑනෙ. ඔය අතරෙ ක්වික්සිල්වර් රිදී පතල් ව්‍යාපාරයේ වැලන්ටයින් මහතා ආවා ලාබෙල් නගරයේ පතල මිලදී ගැනීම ගැන සාකච්ජා කරන්න, අපූරු වාද විවාද බොහොමයකට පස්සෙ ක්වික් සිල්වර් ව්‍යාපාරෙ සමත්වුනා ලාබෙල් නගරය මිලට ගන්න. කොහොමවුණත් රෝයිගුඩ් නැති අඩුව හොඳින්ම දැනෙන්නෙ ඇලිස් ෆ්ලෙචර්ට, ඒ ඇගේ අශ්වයන් හීලෑ කරවා දෙන්නට කෙනෙක් නැතිවීම නිසා. ෂෙරීෆ් මැක්නිව් රෝයිගෙන් අහගන්නවා ඔහු සහ ෆ්‍රෑන්ක් කල්ලිය අතර වෙඩි හුවමාරුව සිදුවුණ තැන, අහල නිකං ඉන්නෙ නෑ ඔහු යනව එතනින් ෆ්‍රෑන්ක් ගිය අතක් ගැන හෝඩුවාවක් දැනගන්න. රෝයිගෙ අවශ්‍යතාවය තදින්ම දැනෙන ඇලිස් ෂෙරීෆ් නැති අතරෙ ගිහින් වයිටිට පොඩි වැඩක් පෙන්නල රෝයිව හිරබාරෙව අරගෙන එනව. මේ අතරෙ ටාඕස් නගරයට යන ෆ්‍රෑන්ක් ඇතුළු නඩය දිනපතා පුත් සංග්‍රහයෙ කතෘ A.T ග්‍රිග්ට බාරදෙනව යම් කාර්යයක්. ඔන්න ඔය වගේ සිදුවීම් රැසක් තමයි පසුගිය කොටසින් අපි දැක්කෙ.. අද එතැන් සිට.. එහෙනම් හමුවෙමු ඊලඟ කොටසින්.

විශේෂ-
දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

* රිසවේෂන්
මේ කොටසෙදි මැක්නිව්ට හමුවන රතු ඉන්දියානුවා කියනව රිසවේෂන් කොටසක් ගැන.
සුදු ජාතීන් ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානුවන්ව යටත් කරගත්තයින් පසු ඔවුන්ව පිටමං කරනවා විවිධ ප්‍රදේශවලට.බොහොම දුෂ්කර නිසරු ප්‍රදේශවලට තමයි ඔවුන්ව ගාල් කරන්නෙ. වයෝමින්ග් කියන්නෙ එහෙම ඒ වගේ එක් ප්‍රදේශයක්.‍Wind River (2017) චිත්‍රපටය බලපු අයට මේ කතාව හොඳටම පැහැදිළි ඇති. මේ අසාධාරණේ නිසා ඔවුන් අදටත් බොහොම දුක් ගැහැට විඳිනවා.

* 1884 සමූහ මිනිස් ඝාතනය :-
මතකද ගිය කොටසෙ ෆ්‍රෑන්ක් අර නෝර්වේ සංක්‍රමණික නඩයට තමන් ඇමරිකාවට ආ හැටි කියනව. ඒ සඳහන් කල මවුන්ටන් මෙඩෝස් සමූහ මිනිස් ඝාතනය සැබෑ සිදුවීමක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. හැබැයි වැරැද්දකට තියෙන්නෙ සැබෑ සිද්ධිය වෙලා තියෙන්නෙ 1857 අවුරුද්දෙදි වීම. ඒක නිර්මාණකරුවන්ට( Timeline වලදි)  වුණ පොඩි පටලැවිල්ලක් කියලයි කියන්නෙ.

* Buffalo soldiers ( බෆලෝ සෝල්ජර්ස් )
“බෆලෝ සෝල්ජර්ස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ අසහාය ගායක බොබ් මාලේගේ ඒ නමින්ම යුත් ගීතය. මේ කතාමාලාවෙත් ඉන්නවා බෆලෝ සෝල්ජර්ස්ල. මේ නමම දාන්න බැරි නිසා මම කුළු භටයො විදියට නම වෙනස් කලා. ඇත්තටම කිව්වොත් මේ කුළු භටයින් කියන්නෙ 1880 කාල සමයේ එක්සත් ජනපද හමුදාවෙ සිටි අශ්වාරෝහක බළඇණියකට පටබැඳුණ නමක්. මුළුමුනින්ම නීග්‍රෝ ජාතිකයන්ගෙන් සැදුම්ලත් මෙම බල ඇණියට මෙම නම පටබඳින්නේ එවක ඇමරිකානුවන් හා යුධ වැදුන ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර විසින්, අපේ වචනයෙන් කිව්වොත් රතු ඉන්දියානු ගෝත්‍රයන් විසින්. නම ලැබෙන්න හේතුව “තියනවා මේ කොටසේ.

 

 

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • tharindu gunarathna User
    Windows 10 Opera 51

    thanks bro,,,

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු සහෝ..?

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • viraj Unregistered
    Windows 8.1 Firefox 59

    sub ekata thanks saho.. jaya wewa!!

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    Thak you bro

  • ලහිරු ක්ලේගන් Unregistered
    Windows 10 Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

  • kasun Unregistered
    Windows 7 Firefox 59

    thankuuuuuuuuuu

  • Ricado Damien User
    Windows 10 Chrome 66

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search