
ඔයාලට කොහොමද. මේ තමයි මගෙ 2වෙනි සිංහල Subtitle එක.
මේපාර මම subtitle එක හැදුවෙ “Home” කියන cartoon එකට. ඒකනං හරිම ලස්සන cartoon එකක්.ඒක Boov කියල පිටසක්වලින් එන කටටියක් ගැන කතාවක්. ඒ අයගෙනුත් ප්‍රදාන චරිතෙ තමයි “oh” කියන්නෙ.මේ Boovල කියන්නෙ පැනලයන්නම ඉපදුනු ජාතියක්. එයාලට ඉන්නව ලොකු හතුරෙක්. එයාගෙ නම Gorg. එයා මේ Boovලට වඩා ගොඩක් ලොකු කෙනෙක්. මේ Boovල පෘථිවියට එනව.ඇවිත් පෘථිවියෙ පදිංචි වෙනව. එයාල මෙහෙට එන්නෙ Gorgගෙන් බේරෙන්න. මේ Boovල පෘථිවියේ ඉන්න හැම මිනිහෙක්ම වෙන තැනකට ගෙනියනව. ඒත් එක පොඩි ගෑණු ළමයෙක්ව ගෙනියන්න මෙයාලට බැරි වෙනව .ඒ අතරෙ මේ Oh කියන Boovට පෘථිවියෙදි ලොකු අවුලක් වෙනව. එයාට යාළුවො කවුරුත් නෑ. පෘථිවියෙදි මෙයා Party එකක් දාන්න ලෑස්ති කරනව. ඒත් ඒකට කවුරුවත් එන්නෙ නෑ. ඒ හින්ද එයා අවුලෙන් ඉද්දි දකිනව Kayl කියල එක්කෙනෙව. මෙයා Kaylගෙ යාළුවෙක් වුනාට, Kayl මෙයාගෙ යාළුවෙක් නෙවෙයි. මෙයා kaylට ගෙදර තියෙන පාටියට එන්න කියල e-vote එකක් දානව. හැබැයි මෙයාට වැරදිල මේ e-vote එක විශ්වයේ හමෝටම යනව. ඒ කියන්නෙ මේ e-vote එක Gorgලටත් යනව කියල තමයි හැමෝම හිතගෙන ඉන්නෙ. ඒ වරද නිසා මේ Boovලගෙ ලොක්ක Ohව අත්තඩංගුවට ගන්න හොයනව. මෙයා ඒකට බයවෙලා පැනල යනව. එතකොට තමයි අර ගෑණු ළමයව මේ Ohට හම්බවෙන්නෙ. මුලදිම මේ දෙන්න තරහ වෙලා හිටියට පස්සෙ මේ දෙන්න යාළුවො වෙනව. මේ ගෑණු ළමයගෙ නම Tip. ඉතින් මේ ළමය එයාගෙ අම්මව හොයනව. Oh ඒකට උදවු කරනව. ඒ අතරෙම මේ දෙන්න එකතුවෙලා Oh කලින් වැරදිල යවපු e-vote එක අයින් කරනව. ඉතින් ඒක Gorgල දකින්නෙ නෑ. ඒත් කතාව තාම ඉවර නෑ. මොකද Gorgල පෘථිවියට එනව. ඒ එන්නෙ Boovල අල්ලගන්න. මේ Gorgට Boovල පස්සෙන් පන්නන්න එක හේතුවක් තියනව. ඒ තමයි Boovල එයාගෙ ජීවිතේට වටිනම දෙයක් නොදැනුවත්වම අරගෙන නියන එක. ඒ තමයි එයාගෙ පැටවු ඉන්න බිත්තරේ. මේක දැනගත්ත Oh මේ බිත්තරේ එයාට දෙනව. ඉතින් Gorg මෙයාලට කරදර කරන්නෙ නැතුව යනව. Oh අර Tip කියන ගෑණු ළමයට එයාගෙ අම්මත් හොයල දෙනව.
👍 මේ අය තමයි මේ Cartoon Charactersවලය Dub කරන්නෙ
Oh – Jim Parsons
Tip – Rihanna
Kyle – Matt Jones
Gorg – Brian Stepanek
Captain Smek – Steve Martin
👍 මේ Cartoon එකේ Director තමයි
Tim Johnson
Download Links:
Download Torrent 720P පිටපත 755.3 MB Download Torrent 1080P පිටපත 1.44 GB
Sasith Hasindu
Comments: 5
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Nuwan
Good job bro
Sasith Hasindu
thanks sahoo:grinning:☺
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
nicromancer
Thanks Brother