Island of Fire Aka The Prisoner Sinhala Subtitle October 29, 2021 Rasika Samanjith | Admin IMDB RATING 5.8 GENRES ActionChinese MoviesCrimeDramaGenresMovies CAST Jackie Chan,Andy Lau,Sammo Kam-Bo Hung අභිරහසක් සොයා හිරගෙදරට ජැකී චෑන්ගෙ පැරණි සිනමා පට නිරන්තරයෙන්ම ඉල්ලන රසිකයින් වෙනුවෙන් Subz.lk අදත් ඔන්න එකක් තිලිණ කරනවා. මේකම තෝරගත්තෙ අපේ ශාමල් මනෝජන් සහෝදරයගෙ ඉල්ලීමක් නිසා. චිත්‍රපටය තමයි Island of Fire නොහොත් The Prisoner. මේකෙ ඔරිජිනල් චීන නම Huo shao dao. මුලින්ම තිරගත වුනේ 1990 මාර්තු 28 තායිවාන් වලදී. මේක තායිවාන් – හොංකොං ෆිලුමක්. භාෂාව චීන. තායිවාන් පිටපත විනාඩි 125 ක් වන අතර හොංකොං පිටපතේ ධාවන කාලය විනාඩි 96 යි. ඔයාලට ලබා දීලා තියෙන්නෙ හොංකොං පිටපත. හැබැයි පහසුවක් විදිහට ඉංග්‍රීසි පිටපතේ නම් තමයි පාවිච්චි කලේ. ඒක ඔයාලගෙ රස වින්දනයට බාධා කරන එකක් නෑ. Action, Crime, Drama වර්ගයේ සිනමා පටයක්. එකල පවා ඉතා ජනප්‍රියව සිටි ප්‍රබල තරු කීපයක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පසු කාලීනව මෙහි VHS සහ DVD නිකුත් කරන විට, කවරයට ජැකීගෙ පින්තූරෙ දාලා Island of Fire සහ Jackie Chan is the Prisoner යනුවෙන් Jackie Chan ගේ ෆිල්ම් එකක් හැටියට හයිලයිට් කරලයි පෙන්නුවෙ. අවුලකුත් නෑ ෆයිට් තියෙන්නෙ ජැකීගෙ ඒවා. නමුත් ඇත්තටම බැලුවොත් මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Tony Leung Ka fai. නම නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති. නමුත් Hong Kong Film Award සම්මාන උළෙලේ හොඳම නලුවා සම්මානය හතර වතාවක් දිනා ගත් රංගන ශීල්පියෙක්. ඒ වගේම ඔහුගේ චිත්‍රපට අතරින් අදටත් ඉතාම ජනප්‍රිය චිත්‍රපට දෙකක් තමයි බ්‍රිතාන්‍ය නිළි Jane March සමඟ රඟපෑ The Lover [1992] සහ ජැකී සමඟ රඟපෑ The Myth [2005]. ඒ වගේම රඟපෑමට එකතු වෙනවා අපි කවුරුත් දන්න Sammo Hung. අනිත් කෙනා තමයි, 80 දශකයේ මැද භාගයේ ඉඳලා අද වෙන තුරුත් හොංකොං වල, වාණිජමය අතින් අති සාර්ථකම රංගන ශීල්පියා ලෙස හැඳින්වෙන Andy Lau. Mission Milano [2016], Firestorm [2013], The Great Wall [2016], The Adventurers [2017] සහ Shock Wave චිත්‍රපට පෙළ ඔහුගේ මෑත කාලයේ ජනප්‍රියම චිත්‍රපටි. කතාවට ආරම්භයක් දෙන්නම්. ඇන්ඩි පොලිස් නිළධාරියෙක්. ඔහුගේ මාමාණ්ඩි වන පොලිස් කමිෂනර්ව යම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මිනීමරුවාද ඒ මොහොතේම කාර් බෝම්බයකින් මිය යනවා. මිනීමරුවාගේ ඇඟිලි සළකුණු වලින් කියන්නෙ පුදුම දෙයක්. ඔහු මරණීය දණ්ඩනය නියම වෙලා, ඊට මාස තුනකට කලින් මරණයට පත්වුනු සිරකරුවෙක්. ඔවුන් චෙක් කරල බලනවා පරිගණක දත්ත වෙනස් කරලද කියල. ඒත් නෑ. ඒ කියන්නෙ මේක හිරගෙදර දෙයක්. මේ රහස හොයාගන්න ඔවුන් භයානක මෙහෙයුමක් දියත් කරනවා. ඒ අනුව ඇන්ඩි හිරකාරයෙක් විදිහට හිර ගෙදරට යනවා. ජය වේවා. QUALITY 480p // 400 MB 720p // 800 MB // 885 MB 1080p // 1.6 GB SUB FORMAT // SRT & IDX TV ♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
ගොඩක් ස්තුතියි බ්‍රදර් SUB එකට.:tulip: පුළුවන්නම් ඊලග සබ් එක Donnie Yen ගේ MOVIE එකකට දෙන්න. ඔබට සහ ඔබගේ පවුලේ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.:pray::pray::pray:
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ඇත්තෙන්ම හරිම වටිනවා මෙවැනි පරණ ෆිල්ම් වලට උපසිරැසි ලබාදීම.
දිගටම ජැකී චෑන්, ජෙට් ලී ගේ හා වෙනත් පැරණි ෆිල්ම් වලට උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.
තෑන්ක්ස් සබ් එකට සහෝ ජැකී චෑන්ගෙ ජෙට්ලීගෙ පරණ ෆිල්ම්වලට මෙහෙම සබ් දෙන එක පට්ට වටිනවා