Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle

December 02, 2017 Senior Subtitler
Subtitle by Dinusha Rukshan

සියළුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!ඉතින් සෑහෙන දවසකින් තමයි සබ් එකක් අරගෙන එන්නෙ.ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් හින්ද චුට්ටක් පරක්කු වුනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා.මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු අපේ කවීෂ සොහොයුරා ඇතුළු Subz LK වෙබ් අඩවියේ සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ බොහොම ස්තූතියි කියල මතක් කරනවා.ඉතින් මේ Kingsman ෆිල්ම් එකේ කලින් ෆිල්ම් එක ඔයාලට මතක ඇති.ඊටත් වඩා සුපිරි විස්තරයක් තමයි මේ ෆිල්ම් එකේ සිද්ධ වෙන්නෙ.ෆිල්ම් එක නිදහස් වුනේ 2017 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 20 වෙනිද, එක්සත් රාජධානියෙදි තමයි පළමු වරට තිරගත වෙන්නෙ.IMDB අගය 7.1 කියල තමයි සටහන් වෙන්නෙ.ඉතින් මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරන්නෙ Matthew Vaughn, ඔහු ගැන නොදන්න කෙනෙක් නම් නැතුව ඇති.ඔහු ජනප්‍රිය ෆිල්ම් ගණනාවක් අධ්‍යක්ෂණ කරපු අධ්‍යක්ෂකවරයෙක්.කලින් ෆිල්ම් එකේ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Taron Egerton, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදමට වෙන් කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 104. අදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 394.1, කොහොම හරි අලුත් ෆිල්ම් එකක් නිසා ලිපිය බොරුවට දික් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒක නිසා අපි ඉක්මනින්ම ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු…

ඉතින් මම හිතනවා ෆිල්ම් එකේ රංගන ශිල්පීන් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ කියල, එග්සි සහ චර්ලි, ඔයාලට මතක ඇති මේ දෙන්නගෙ ගැටුම ඇති වෙන්නෙ කලින් ෆිල්ම් එකේ ඉඳලමයි, කලින් ෆිල්ම් එකේදි චාර්ලි මියගියා කියල හිතුවත් චාර්ලි මියගිහින් නෑ, වැලන්ටයින්ගෙ මූලාස්ථානයේදි චාර්ලි බේරෙනවා, එතනදි චාර්ලිට එයාගෙ අත සහ කටහඬ විතරයි නැති වෙන්නෙ, නමුත් චාර්ලි මේ ෆිල්ම් එකේදි කෘතිම අතක් සවි කරගෙන තමයි එග්සිව හම්බ වෙන්න එන්නෙ, ෆිල්ම් එක ආරම්භයේදිම එග්සි සහ චාර්ලි අතර ලොකු ගැටුමක් ඇති වෙනවා, ඒ ගැටුමෙදි චාර්ලි තාවකාලිකව ඉවත් උනත්, එයාගෙ කෘතිම අත, එග්සිගෙ කාර් එකේ බැරි වෙනවා, එග්සි සහ මර්ලින් ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ, නමුත් ඒ කෘතිම අතට හැකියාව තියෙනවා දුරස්ථ ලෙස පාලනය වෙලා යම් පද්ධතියක් හැක් කරන්න, ඉතින් ඒ විදිහට සිද්ධ වෙනවා, කෘතිම අත විසින් Kingsman අංශයේ ඉන්න සියලුම නියෝජිතන්ගෙ පෞද්ගලික තොරතුරු හොරෙන් ලබා ගන්නවා, ඒ හේතුව නිසා Kingsman අංශයේ තියෙන සියළුම දේපල විනාශ වෙලා යනවා, හැම නියෝජිතයෙක්ම මිය යනවා, සිද්ධ වුනු හැමදේටම හේතු වෙන්නෙ Golden Circle කියන සංවිධානයයි, එම සංවිධානය ගැන ගොඩක් විස්තර කියෙනවා කියන්න, නමුත් ලිපියට හැම විස්තරයක්ම ඇතුළත් කරන්න අමාරුයි, ෆිල්ම් එක බලද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන්, කොහොම හරි Kingsman දේපළ සහ නියෝජිතයින් විනාශ වුනාට පස්සෙ ඉතුරු වෙන්නෙ එග්සි සහ මර්ලින් විතරයි, එතන ඉඳල ඒ දෙන්නට කරන්න වෙන වැඩසටහන සුලුපටු දෙයක් නෙමෙයි, තවත් පැත්තකින් Golden Circle  සංවිධානය දිනෙන් දින දියුණු වෙනවා, එම සංවිධානය උත්සාහ කරන්නෙ මුළු ලෝකෙම යටත් කරගන්න, චාර්ලි කියන්නෙත් ඒකෙ කොටස්කරුවෙක්, ඉතින් අපි බලමු එග්සි සහ මර්ලින්, කොහොමද ලෝකය බේරගන්නෙ කියල, මේ කිවුවෙ සම්පූර්ණ ෆිල්ම් එක නෙමෙයි, කෙටි විස්තරයක් පමණයි, එහෙම නම් ඉතින් මෙතන ඉඳල ෆිල්ම් එක ඔයාලට බාරයි…තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සියළුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!!

Spoiler Warning : With their headquarters destroyed and the world held hostage, members of Kingsman find new allies when they discover a spy organization in the United States known as Statesman. In an adventure that tests their strength and wits, the elite secret agents from both sides of the pond band together to battle a ruthless enemy and save the day, something that’s becoming a bit of a habit for Eggsy…

Available Torrents
720p bluray 1.01 GB
1080p bluray 2.15 GB
2160p bluray 6.29 GB
Dinusha Rukshan
24 Movies
0 TV Series
24 Total
Discussion (15)
  • sumeda kasun Unregistered
    Windows 10 Chrome 80

    Thanks Machan……..

  • sajini sayanjana Unregistered
    Windows 8 Chrome 80

    video links download krnna bhne . ai e

  • susil dissanayake Unregistered
    Android 5.1 Chrome 50

    Kingsman 1 ekatath avanna

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search