Knightfall (2017) [S02 : E01] Sinhala Subtitle

March 31, 2019 Executive Subtitler

ඔන්න එහෙනම් හැමෝම මගබලාගෙන හිටපු KNIGHTFALL දෙවන කතාමාලාවේ පලවෙනි කොටසට අදාළ සිංහල උපසිරසත් අරගෙන ඔයගොල්ලො හමුවෙන්න ඉක්මනටම ආවා.කාලෙකින් උපසිරසක් කරන්න බැරි උන නිසා ගොඩක් අයට මාව නම් මතකවත් නැතුව ඇති කියල හිතනවා.අපේ නායකතුමාගේ ඉල්ලීම නිසාත් ලොසාකා සහෝදරයගෙ ඉල්ලීමත් නිසා තමයි KNIGHTFALL දෙවන කතාමාලාවට උපසිරසි කරන්න පෙළඹුණේ.

මේ කතාමාලාව පාදක කරගෙන තියෙන්නේ 14වෙනි ශතවර්ෂයේ හිටපු නයිට්වරුන් අවසන් කාලය ගැන.පලවෙනි කතාමාලාව බැලුවනම් මේ කතාමාලාවේ රඟේ තේරේවි. Action,Adventure,Drama ගණයට අයිති වෙන මේ කතාමලාවට imdb 6.6/10 අගයකුත් 95% ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා තියෙන්නෙ නිකන් නෙවේනෙ ඉතින්..

කලින් කතාමාලාවේ ප්‍රංශ රජුගේ හමුදාව සහ නයිට් ටෙම්ප්ලර්වරු අතර ඇතිවෙච්ච සටන කට්ටියට මතක ඇතිනේ.එහිදී පිලිප් රජු විසි තම බිරිඳ එහෙමත් නැත්තන් ජෝන් රැජිණට කඩුවෙන් ඇණ මරාදමනව.ඊට හේතුව තමයි මේ කතාවේ කතානායකයා එහෙමත් නැත්තන් ලැන්ඩ්රිත් සමඟ ජෝන් රැජිණ අසම්මත ප්‍රේමයක් ගෙන යාම….මේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහට ඇයට දරුවෙකු පිළිසිඳ ගන්නව.මේ ගැන කේන්තියෙන් පසුවෙන පිලිප් රජු කඩුවෙන් ඇණ ජෝන් රැජිණ මරාදනව.රැජිණ මියගියත් රැජිණට ලැබෙන්න ඉන්න දරුවාව බේරගන්න ලැන්ඩ්රි සමත්වෙනව.

කතාව පටන්ගන්නෙම බලන කෙනාට ලොකු කුතුහලයක් ලබාදෙමින්…..මොකද්ද මේ කුතුහලය??? මං නම් හිතුවෙම පොර මැරුණ කියල??කවුද මේ පොර????

කොහොම උනත් මේ කොටස නම් ලැන්ඩ්රිට සුබදායක කොටසක් නෙවේ.මොකද කිව්වොත් තමන් කරපු වරදට පව් කමාකරගන්න ඔහුට ඕන කරලා තියෙන නිසා ඔහු ටෙම්ප්ලර්වරුන්ගෙ පල්ලියට ගියත්.ඔහුව ඔවුන් පිළිගන්නේ නැතුව නෙරපාල දානවා.කොහොම උනත් ඔහුව ආපහු පල්ලියට බඳවාගත්තත් ඒ බඳවාගන්නෙ ටෙම්ප්ලර්කෙනෙක් විදිහටනම් නෙවේ.සාමාන්‍ය පුහුණුවෙන්නෙක් විදිහට. ඔහුට සිද්ධවෙන තාඩන පීඩන බලාගන්න පුළුවන් මේ කොටසින්..
තවත් අලුත් මුහුණු කීපයකුත් අපට බලාගන්න පුළුවන්. ප්‍රධාන මාස්ටර්,ගුරුතුමා වගේ අය තමයි අලුතෙන් එකතුවෙච්ච මුහුණු. කොහොම නමුත් මේ පුහුණුකරුවන් සහ ටෙම්ප්ලර්වරු එකතුවෙලා පිලිප් රජුට ලොකු පාඩුවක් සිද්ධ කරනව..මොකද්ද ඒ පාඩුව කියල දැනගන්න කතාව බලන්නම ඕන ඉතින්.. පිලිප් රජු කඩුවෙන් ඇණල ජෝන් රැජිණ මරාදම්මත් දරුවට මොකද උනේ???දරුවා බේරුනාද??? මැරුණද???? ග්වෙන්ට මොකද එතකොට උනේ???? තමන්ගේ මව මියගිහින් කියල දැනගත්ත ලුවී මොනවා කරයිද????? ඔන්න ඔය ප්‍රශ්ණවලට  උත්තර ඕන නම් ඉතින්…කතාව බලන්නම වෙනව.

විශේෂයෙන් මතක් කරන්න ඕන තාමත් මේ කතාමාලාවේ එක කොටසක්වත් නරඹපු නැති කෙනෙක්නම් දැන්ම අපේ subz.lk වෙබ්පළට ගොඩවෙලා ඒ අදාළ කොටසුත් රසවිඳින්න කියලා ඉල්ලනව. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ කොටසින් හමුවෙමු.

සැමදෙනාට ජය……..!!!!!!!!!! සතුට………….!!!!!!!!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (14)
  • Savindu Induvara Unregistered
    Android 8 Chrome 75

    Thank you

  • LxmN Unregistered
    Android 9 Chrome 76

    ස්තූතියි…👍❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search