Knightfall (2017) [S02 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් knightfall 2 වන කතාමාලාවේ 2 වන කොටසටත් උපසිරස අරගෙන ආව.උපසිරස ලාබාදෙන්න පරක්කු වෙනවනම් එහෙම වෙන්නෙ මේ දිනවල පවතින විදුලිය විසන්ධි කිරීම.ඊයෙ දිනය පුරාවටම වගේ විදුලිය තිබුණේ නෑ.කොහොම උනත් හැකි ඉක්මණින් උපසිරස අරගෙන ආව ඔන්න.
වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්….අද කතාව ගොඩක් විශේෂයි.ඒ මොකද කිව්වොත් අද කතාවෙ ප්‍රධාන චරිත දෙකක්ම මිය යන නිසා..කවුද මේ මිය යන ප්‍රධාන චරිත දෙක???බලලම දැනගන්නකො ඒ කවුද කියල.මේ කොටසෙත් ලැන්ඩ්රිගෙ පුහුණුවීම් දැකගන්න පුළුවන්.කට්ට කාගෙන ලැන්ඩ්රි මේ පුහුණුවීම් කරන්නෙ තමන් අතින් වෙච්ච වැරදි ජිවරදී කරගෙන නැවතත් ටෙම්ප්ලර් තනතුරට පත් වෙන්න.මේ අතරෙ පිලිප් රජුගෙ මාලිගාවෙත් සිද්ධි දාමයක් සිද්ධවෙනව.ඒ තමයි පිලිප්ගේ දුවගෙ විවාහය ඔහු විසින් ස්ථිර කිරීම,නමුත් මේකට දුව නම කැමති වෙන්නෙ නෑ.පිලිප් රජු බියවද්දල තමයි ඇගේ කැමත්ත අරගන්නෙ.ඒ වගේම පැරිස් පල්ලියෙ සියලු කටයුතු වල බලය පිලිප් රජු විසින් තමන්ගෙ පුතා ලුවීට බාර දෙනව.ලුවීනම් මේ ගැන උඩින්ම සතුටු වෙනව.ඒ වගේම පිලිප් රජු කියනව ටෙම්ප්ලර්ලට විරුද්ධව ප්‍රහාරයක් දියත් කරන්න කියලත්.ලුවී කොහොම මේ ප්‍රහාරය දියත් කරයිද?ඒ ප්‍රහාරය සාර්ථක වේවිද?කියල දැනගන්න මේ කොටස රසවිඳින්න කියල ආදරෙන් ආරාධනා කරනව.අඩු පාඩු තිබ්බොත් තරහක් ගන්නෙපා…..
එහෙනම් ගිහින් එන්නම්.හැමදෙනාටම ජය………!!!!!!! සතුට…….!!!!!
Thank you bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාව…දිගටම සබ් දෙමු..
me kathawa balanna gathe nadeera oya nisai. supiri supiri….. kiyanna wadan ne dikatama denna. sub ekata bhooma sthuthi jayawewa……
Sub එකට thanks සහෝ..
Ko knightfall episode 3 subtitles .ikmanata dendoooo
thanks bro