Operation Red Sea (2018) Sinhala Subtitle

/

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔන්න අපේ ඇඩ්මින් මණ්ඩලයේ
කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Duck Duck Goose චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන එද්දි මම කිව්ව චීන චිත්‍රපටය තමයි මේ. සත්‍ය සිදුවීමක් යම් තරමකින් පදනම් කරගෙන නිර්මාණය වුණ මේකෙ නම තමයි Hong hai xing dong නොහොත් Operation Red Sea (2018).ජී ෆෙන්ග් ගේ රචනයෙන් ඩාන්ටේ ලිම්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී Imdb අගය 7.1ක්ද Rotten tomatos අගය 86%ක්ද ගූගල් පරිශීලකයන් 91%ක ප්‍රසාදයත් දිනා සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතු කරගෙන ඇති මේ චිත්‍රපටය යුධමය /ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්හට හොඳ අත්දැකීමක් වනු ඇති. ඩාන්ටේ ලිම්ගෙ කියන්නෙ ඉතිං ඇක්ෂන් ලෝකයක් කියල ඔහුගෙ චිත්‍රපට බලන අය දන්නව ඇතිනෙ. මේකත් එහෙමයි ආරම්භයේ ඉඳන්ම එක හුස්මට බලන්න පුළුවන් හැබැයි යුධමය එකක් නිසා ටිකක් සංවේදී දර්ශන තියනව සමහර තැන්වල. මේ චිත්‍රපටය චීන මහජන විමුක්ති හමුදාවේ 90 වැනි සංවත්සරය වෙනුවෙනුයි එලි දක්වා තිබෙන්නේ. ඒ වගේම මේ වසරේ චීනය තුල ලද ඉහලම ආදායම වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත්කම් දක්වනවා. කෙසේවෙතත් පැසසුම් එක්කම ගල්මුල් රාශියක්ද මේ වෙතට එල්ල වෙන්නෙ මෙය චීන රජයේ තවත් ප්‍රොපගැන්ඩාවක් බවට එල්ලවෙන චෝදනාත් සමගින්. ඒක එහෙම කියන්නත් සාධාරණ හේතු තියනවා හැබැයි. බලද්දි පෙනෙයි ඔයගොල්ලන්ට. චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි…

යෙවායර් සමූහාණ්ඩුව නම් රටක කැරැල්ලකින් රාජ්‍ය බලය අත්පත්කරගැනීමක් සිද්ධ වෙනවා. එහි සිටින චීන පුරවැසියන් මුදාගැනීමේ වගකීම ඒ වනවිට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුදාගනිමින් සිටින ලින් යී නම් යුධ නැවට සහ එහි සිටින චීන ජියාඕලොන් කමාන්ඩෝ බලකායට පැවරෙනවා. ඒ කාර්යය සාර්ථකව කරමින් සිටින ඔවුන්ට පැවරෙනවා තවත් රාජකාරියක්, අවසානයේ එය ඉතාම බිහිසුණු සටනක් දක්වා දිවයනවා… එහෙනම් මම එයින් එහාට කියන්න යන්නෙ නෑ,  ඉතිරිය නරඹන ඔබට බාරයි. කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම ම ගිහින් එන්නම් අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම….

විශේෂ :-
*මේ චිත්‍රපටයට පාදක වෙන සත්‍ය සිදුවීම තමයි චීන හමුදාව විසින් 2015 වසරේදී යේමනයේ සිටින චීන ජාතිකයන් පිරිසක් ඇතුළු විදේශිකයන් රැසක් මුදාගැනීමේ මෙහෙයුමක්. කෙසේ හෝ චිත්‍රපටය තුලදී  ඔවුන් යෙවායර් නම මනඃකල්පිත නමක් යොදාගන්නවා අදාල රට හැඳින්වීමට.

* ජියාඕලොන් කියන නමේ තේරුම මුහුදු මකරා.

* කට්ටිය චිත්‍රපටිය බලල ඉවරවෙලා එහෙම මේ විනාඩි අටේ රිවීව් එකත් බලන්න. හොලිවුඩයට ඔළුව අතගාලා පොඩි ටොක්කකුත් අනිනවා අන්තිම හරියෙ.
https://www.youtube.com/watch?v=z5jLVcbB6jw

7.2
IMDB

Year : 2018

Actors : Yi Zhang, Johnny Huang, Hai-Qing, Jiang Du

PLA Navy Marine Corps launch a hostage rescue operation in Ihwea and undergo a fierce battle with rebellions and terrorism.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 17288
  • File Size : 31.106KB
  • Sub Update :2020-07-21
  • buddhika Unregister User
    Windows 8.1Chrome 67

    tnks saho sub ekta😊

    2018-07-30 at 12:09 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx godak

    2018-07-30 at 2:04 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-30 at 6:29 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 68

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

    2018-07-30 at 6:47 am
  • Madusha Unregister User
    Windows 10Opera 54

    නියමයි.බොහොම ස්තූතියි. The Eternal Zero (2013) පුලුවන්නම් සබ් දෙන්න සහෝ

    2018-07-30 at 9:31 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      හොඳ ෆිල්ම් එකක් එවගේ නේද? මාත් බලල නෑ මේකනම්. මම සබ් දෙන්නම්, මධූෂ 🙂 බොහොම ස්තූතියි තොරතුරට සහ ප්‍රතිචාරයට.

      2018-08-01 at 12:32 am
    • Madusha Unregister User
      Windows 10Opera 54

      නියමයි.ජය වේවා!

      2018-08-01 at 5:55 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 7.2

    ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගත්තා.තෙරුවන් සරණයි…!

    2018-07-31 at 7:43 am
  • හසිත ප්‍රසාද් Super Mod
    Windows 7Opera 54

    ප්‍රතිචාර දැක්වූ දක්වන සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි ❤💓❤💓

    2018-08-01 at 12:33 am
  • Mithun Unregister User
    Android 8Chrome 67

    බොහොම ස්තුතියි සබ් එකට💖

    2018-08-01 at 1:02 am
  • Mithun Unregister User
    Android 8Chrome 67

    Maka fatta .supiri ekata set una .Hodatama aram thiyanna boru nawa kiyala danannama

    2018-08-01 at 6:24 pm
  • Red Unregister User
    Android 7.1UC Browser 11.4

    Patta😀

    2018-08-02 at 11:20 am
  • Red Unregister User
    Android 7.1UC Browser 11.4

    Niyamai

    2018-08-02 at 11:23 am
  • silent$ Unregister User
    Windows 10Chrome 67

    Thnxxxxxxxxxxxxxxxx

    2018-08-02 at 7:54 pm
  • Mithun Unregister User
    Android 8Chrome 67

    මෙ ෆිල්ම් එකට දල තියෙන තාක්ෂණය නම් හිතාගන්න බැ ,ඉටත් වඩා මෙක අරම් තියෙන විදිය. මන් පුද්ගලිකවම චයිනිස් චිත්‍රපට වලට අස නැ ,jetli,jackie chan ගෙ old මුවි ඇරුනම . කොරියන් චිත්‍රපට තමා පට්ට. හැබැයි මෙක නම් නියමයි .කාලෙකින් බැලුවෙ මෙවගෙ සුපිරි පහරක්. ඔය මෙකට සබ් දුන් නැත්නම් මලාට මන් මෙක බලන් නැ ස්තුතියි සහෝ

    2018-08-03 at 8:00 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      ආයි මොනවද, මිතුන්, මේක හදල තියෙන්නෙ කෙලින්ම චීන හමුදාවෙ අනුග්‍රහය යටතෙ,ෆිල්ම් එකේ ක්‍රෙඩිට්ස්වලත් තියනවනෙනම. ඒක වෙන්න ඕනෙ එච්චර රියල්. කවීෂට තමා ස්තූතිය යන්නෙ ඕනෙ, එයාගෙ ඉල්ලීමටනෙ සබ් එක කලේ, නැත්තං මටත්බොහෝවිට මේක මග ඇරෙන්න තිබුණ 🙂

      2018-08-03 at 9:46 pm
    • Dilan Unregister User
      Android 5.1UC Browser 12

      NIyamayi sub aka thnkzzz hasithaa

      2018-08-04 at 11:11 am
  • Dilan Unregister User
    Android 5.1UC Browser 12

    LAgadima den aluth sub aka mokkda🙂

    2018-08-04 at 11:14 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      අපේ හිතවතෙක් ඉල්ලපු ජපන් ෆිල්ම් එකක් තියනව The Eternal Zero කියල. ඒක තමයි ඊලඟට අරගෙන එන්න හිතාඉන්නෙ.ආ තව Ready Player One දුන්න මේකෙන් පස්සෙ.

      2018-08-04 at 1:24 pm
  • චමර Unregister User
    Android 7UC Browser 12.8

    උපසිරියට තුති

    2018-08-13 at 7:37 pm
  • sandy Unregister User
    Android 7Chrome 58

    Thank u for subtitles brother 💖💖

    2018-08-25 at 10:46 am
  • Sachith Rathbayake User
    Android 6Chrome 68

    Patta tks broooo

    2018-08-30 at 1:28 am
  • janith_3 User
    Android 4.4Chrome 59

    Thnxx saho sub ekata😍😍

    2018-08-30 at 8:08 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    tnx godak

    2018-09-07 at 11:37 pm
  • Dilu Unregister User
    Android 5.1Facebook App 193

    සුපිරි tnx aiya

    2018-11-10 at 4:16 pm
  • D.Krishan Unregister User
    Android 6Samsung Browser 4

    තැන්ක්ස් බ්‍රදර් සබ් වලට.. කිසි කරඩ්ගරයක් නැතුව බාගන්න පුලුවන් එකත් ලොකු දෙයක්. ඔබට ජය. 🍻

    2019-02-02 at 10:15 am
  • darshana Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Ftt bn red sea eke nm.puluvnnm kanchana 3 ekata deehankoo

    2019-02-16 at 9:47 pm
  • darshana Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Supiri bn bagannath lesii❤️❤️❤️

    2019-02-16 at 9:49 pm
  • sub ekata thanks saho

    2021-07-24 at 10:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *