Operation Red Sea (2018) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔන්න අපේ ඇඩ්මින් මණ්ඩලයේ
කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Duck Duck Goose චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන එද්දි මම කිව්ව චීන චිත්‍රපටය තමයි මේ. සත්‍ය සිදුවීමක් යම් තරමකින් පදනම් කරගෙන නිර්මාණය වුණ මේකෙ නම තමයි Hong hai xing dong නොහොත් Operation Red Sea (2018).ජී ෆෙන්ග් ගේ රචනයෙන් ඩාන්ටේ ලිම්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී Imdb අගය 7.1ක්ද Rotten tomatos අගය 86%ක්ද ගූගල් පරිශීලකයන් 91%ක ප්‍රසාදයත් දිනා සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතු කරගෙන ඇති මේ චිත්‍රපටය යුධමය /ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්හට හොඳ අත්දැකීමක් වනු ඇති. ඩාන්ටේ ලිම්ගෙ කියන්නෙ ඉතිං ඇක්ෂන් ලෝකයක් කියල ඔහුගෙ චිත්‍රපට බලන අය දන්නව ඇතිනෙ. මේකත් එහෙමයි ආරම්භයේ ඉඳන්ම එක හුස්මට බලන්න පුළුවන් හැබැයි යුධමය එකක් නිසා ටිකක් සංවේදී දර්ශන තියනව සමහර තැන්වල. මේ චිත්‍රපටය චීන මහජන විමුක්ති හමුදාවේ 90 වැනි සංවත්සරය වෙනුවෙනුයි එලි දක්වා තිබෙන්නේ. ඒ වගේම මේ වසරේ චීනය තුල ලද ඉහලම ආදායම වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත්කම් දක්වනවා. කෙසේවෙතත් පැසසුම් එක්කම ගල්මුල් රාශියක්ද මේ වෙතට එල්ල වෙන්නෙ මෙය චීන රජයේ තවත් ප්‍රොපගැන්ඩාවක් බවට එල්ලවෙන චෝදනාත් සමගින්. ඒක එහෙම කියන්නත් සාධාරණ හේතු තියනවා හැබැයි. බලද්දි පෙනෙයි ඔයගොල්ලන්ට. චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි…
යෙවායර් සමූහාණ්ඩුව නම් රටක කැරැල්ලකින් රාජ්‍ය බලය අත්පත්කරගැනීමක් සිද්ධ වෙනවා. එහි සිටින චීන පුරවැසියන් මුදාගැනීමේ වගකීම ඒ වනවිට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුදාගනිමින් සිටින ලින් යී නම් යුධ නැවට සහ එහි සිටින චීන ජියාඕලොන් කමාන්ඩෝ බලකායට පැවරෙනවා. ඒ කාර්යය සාර්ථකව කරමින් සිටින ඔවුන්ට පැවරෙනවා තවත් රාජකාරියක්, අවසානයේ එය ඉතාම බිහිසුණු සටනක් දක්වා දිවයනවා… එහෙනම් මම එයින් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි. කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම ම ගිහින් එන්නම් අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම….
විශේෂ :-
*මේ චිත්‍රපටයට පාදක වෙන සත්‍ය සිදුවීම තමයි චීන හමුදාව විසින් 2015 වසරේදී යේමනයේ සිටින චීන ජාතිකයන් පිරිසක් ඇතුළු විදේශිකයන් රැසක් මුදාගැනීමේ මෙහෙයුමක්. කෙසේ හෝ චිත්‍රපටය තුලදී ඔවුන් යෙවායර් නම මනඃකල්පිත නමක් යොදාගන්නවා අදාල රට හැඳින්වීමට.
* ජියාඕලොන් කියන නමේ තේරුම මුහුදු මකරා.
* කට්ටිය චිත්‍රපටිය බලල ඉවරවෙලා එහෙම මේ විනාඩි අටේ රිවීව් එකත් බලන්න. හොලිවුඩයට ඔළුව අතගාලා පොඩි ටොක්කකුත් අනිනවා අන්තිම හරියෙ.
https://www.youtube.com/watch?v=z5jLVcbB6jw
tnks saho sub ekta😊
tnx godak
උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!
නියමයි.බොහොම ස්තූතියි. The Eternal Zero (2013) පුලුවන්නම් සබ් දෙන්න සහෝ
හොඳ ෆිල්ම් එකක් එවගේ නේද? මාත් බලල නෑ මේකනම්. මම සබ් දෙන්නම්, මධූෂ 🙂 බොහොම ස්තූතියි තොරතුරට සහ ප්‍රතිචාරයට.
නියමයි.ජය වේවා!
ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගත්තා.තෙරුවන් සරණයි…!
ප්‍රතිචාර දැක්වූ දක්වන සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි ❤💓❤💓
බොහොම ස්තුතියි සබ් එකට💖
Maka fatta .supiri ekata set una .Hodatama aram thiyanna boru nawa kiyala danannama
Patta😀
Niyamai
Thnxxxxxxxxxxxxxxxx