අද කතාවේ මෙච්චර කල් හිටපු ෂෝක් චරිතයක් සමුගන්නවා. කොහොමත් සමුගන්න හිටිය කෙනෙක් තමා. අද එයා ගැන වැඩිපුර තොරතුරු ටිකක් දෑන්ගන්න ලැබෙයි.
පෙටී තමන්ගෙ වැඩේ දිගටම කරන් යනවා. නතර වෙන්නේ ස්නෙල්ස්ලගේ ඉඩමෙන් ඇටකටුත් හොයාගෙන. ඒවා ග්‍රේස්ගෙද? ඩෙල් රියෝගෙද? මතක ඇතිනේ මේසන් දේවගැතිතුමා, එයත් මේක ආරංචි වෙච්ච් ගමන්ම අපූරු වැඩක් කරන්න යනවා. ඒක කෙළවර වෙන්නේ හොඳකින් නෙමේ. ඒවගේම ජේකබ්ව බේරගන්න මාටි කරන වැඩේ තමා වැඩේ.
ඒවගේම චාල්ස් විල්ක්ස්ගේ ඇත්ත අරමුණ අද හෙළිවෙනවා.
ජෝනාගේ හොරෙන් පොඩි වැඩකුත් පටන් ගත්තා මතක ඇතිනේ. බැංකු ගිණුමක් එහෙම පටන් අරන්. අද ඒකත් හබක් වෙනවා.
රේචල්ගේ හොර ඔත්තු සැපයීමත් අද කොහෙන් කෙලවර වෙයිද කියලා බලාගන්න පුලුවන්.
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍
Thanks Machan <3
thanks, bro. waiting for the rest.