Police Story: Lockdown (2013) Sinhala Subtitle

October 21, 2025 Admin
Subtitle by Rasika Samanjith
පස් වසරකට පසු එලියට ආ සත්‍යය

           රාජකාරි ජීවිතයේ විභාගයකට පාඩම් කිරීමට සිදු වුනු නිසා ටික දවසකින් උපසිරැසියක් ගේන්න බැරි වුනා. ඒ කෙටි නිහඬතාව බිඳමින්, කාලෙකට පෙර පටන් අරන් නැවතිලා තිබ්බ සබ් එකක් අද අරගෙන ආවා. ඒ තමයි සුපිරි සටන් නලු ජැකී චෑන්ගේ “පොලිස් ස්ටෝරි” චිත්‍රපට පෙරහැරේ 6 වෙනි චිත්‍රපටය, එහෙම නැත්නම් දැනට නිර්මාණය වුනු අවසන් චිත්‍රපටය වන Police Story : Lockdown හෙවත් Police Story 2013. ඔරිජිනල් නම Jing cha gu shi 2013. මුලින්ම නිකුත්වුනේ 2013 දෙසැම්බර් 24 දින චීනෙදි. මිනිත්තු 110 ක ධාවන කාලයක් සහිත Action / Crime / Suspense / Drama / Thriller වර්ගයේ ෆිලුමක්. බොක්ස් ඔෆීස් සීමාවද තරණය කල ‘පොලිස් ස්ටෝරි 2013’ චීනයේදී ‘අති සාර්ථක වෙමින් පළමු සතිය තුලදී ඩො.මි. 100 ක වාර්තාගත ආදායමක් උපයාගන්න සමත් වුනා. මේක චීන – හොංකොං සම නිෂ්පාදනයක්. මුල් පොලිස් ස්ටෝරි චිත්‍රපට පහේදී හොංකොං පොලිස් නිළධාරියෙක් ලෙස රඟපෑ ජැකී, මෙහිදී චීන පොලිස් නිළධාරියෙක් ලෙස රඟපානවා. ඊට සරිලන පෙනුම ලබාගන්න ඔහුගේ කොණ්ඩය කොටට කපන්නත් ජැකීට සිද්ධවුනා. ඔහුගේ නවතම චරිතය ගැන ඔහු, චීනයේ විශාලතම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් වන Sina Weibo හී ජැකී මෙහෙම පෝස්ට් එකක් දාලා තිබ්බා. “මම මීට පෙර ඕනෑතරම් පොලිස් නිළධාරින්ගේ චරිත නිරූපණය කරල තියෙනවා. නමුත් කවදාවත් චීන පොලිස් නිළධාරියෙකුගේ සැබෑ ජීවිතය වටා ගෙතුනු චරිතයක් කරන්න ලැබුනේ නෑ. මේ පාර, ඒ විදිහේ චරිතයක් කිරීමේ භාග්‍යය ඉෂ්ට කරගන්න මට අවස්ථාව ලැබුනා”. Jackie Chan (ඉන්ස්පෙක්ට ෂොං), Liu Ye (වූ ජියැන්ග්), Jing Tian (මියාඕ) සහ
Yu Rongguang (කැප්ටන් වූ) යන අය රඟපෑමෙන් එකතුවෙනවා. ඔහුගේ පොලිස් ස්ටෝරි චිත්‍රපට පෙළ පොඩ්ඩක් මතක් කරගමු.

Police Story (1985)
Police Story 2 (1988)
Police Story 3 : Supercop (1992)
Police Story 4 : First Strike (1996)
New Police Story 5 (2004)
Police Story : Lockdown (2013)

       ඉන්ස්පෙක්ටර් ෂොං ඔහුගේ දුවව මුණ ගැහෙන්න “වූ ක්ලබ්” එකට යනවා. එදා එහි අවුරුදු තුනේ සංවත්සර පාටිය. ආරාධිතයන් පිරිසකුත් ඉන්නවා. ක්ලබ් එකේ අයිතිකරු වූ ජියැන්ග් හෙවත් වූ බොස් නමැත්තායි. නමුත් කවුරුවත් නොසිතූ විදිහට ඉන්ස්පෙක්ටර් ෂොං, ඔහුගේ දුව මියාඕ ඇතුලු මේ සියලු දෙනාම වූ බොස් සහ එම කල්ලියේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වෙනවා. මේ ප්‍රාණ ඇපයට ගත් පිරිස ගැන සලකා බැලුවම, ඔවුන්ගේ යම් සමානකමක් ෂොංට නිරීක්ෂණය වෙනවා. ඒ තමයි මේ පිරිස, මීට අවුරුදු 5 කට පෙර, එක් තරුණියක් මිය ගිය, ෆාමසියක් කොල්ලකෑමේ සිද්ධියකට නන් අයුරින් සම්බන්ධ බව. ඒ වගේම ෂොං තවත් පුදුමයට පත්වෙන්නේ, ඒ සිද්ධියට කෙලින්ම සම්බන්ධවූ පොලිස් නිළධාරියා තමන් බව සිහි වුනාමයි. මොකක්ද මේ වෙන්නේ?

       ජෑකී චෑන්ගෙ සුපුරුදු කොමඩි රෝල් එක නම් මේකෙ දකින්න ලැබෙන්නෑ. හිනාවෙන්න හිතාගෙන නම් මේක බලන්න එපා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ දෙබස් නැති බවත් විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ජය වේවා.

Quality // 480p – 400mb // 720p – 1gb // 1080p – 1.9gb

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rip Type: Bluray
Available Torrents
720p bluray 1014.31 MB
1080p bluray 1.96 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search