S.M.A.R.T. Chase (2017) Sinhala Subtitle
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ හතරවැනි උපසිරසිය විදියට අද අරන් ආවෙ Action, Adventure ගනයට වැටෙන S.M.A.R.T. Chase එහෙමත් නැත්තම් Shanghai Job කියලත් හදුන්වනු ලබන චීන-බ්‍රිතාන්‍ය චිත්‍රපටය. 2017 වසරේදී චීනයේ තිරගත වීම ආරම්භ වෙලා පසුව වෙනත් රටවල තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටියෙ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවත්. ඊට අමතරව චීන මැන්ඩරීන් භාෂාවත් සුලු වශයෙන් අඩංගු වෙනවා. බය වෙන්නෙපා භාෂා දෙකටම උපසිරසි තියෙනවා යාලුවනේ. Charles Martin මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන කොට ප්‍රධාන චරිතය විදියට Black Hawk Down, Pirates of The Caribbean, The Hobbit වගේ සුපිරි චිත්‍රපටවල රංගනයෙන් දායක වුනු Orlando Bloom එක් වෙනවා. ඊට අමතරව Leo Wu, Simon Yam ඇතුලු තවත් පිරිසක් මෙයට එකතු වෙලා තියෙනවා. ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන යාලුවොන්ට මේක අල්ලලා යාවි කියල හිතනවා. ඒ වගේම මේකෙ IMDB අගය 4.1 ක්. ක්‍රියාදාමනෙ ඉතින්.
හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. ඩැනී කියන්නෙ ආරක්ෂක ප්‍රවාහන සේවා සපයන කෙනෙක්. ඔහුට උදව් කරන කිහිප දෙනෙකුත් ඉන්නවා. දවසක් ඔවුන් යම් වටිනා දෙයක් ප්‍රවාහනය කරන අතරතුර පිරිසක් ඔවුන්ව මංකොල්ල කනවා. ඒ සිද්දියෙන් අවුරුද්දකට පස්සෙ ඉදන් තමා කතාව ගලාගෙන යන්නෙ. ඩැනීට තවත් වැඩක් සම්බන්ධ වෙනව වගේම එතනින් තවත් දේවල් වලට මග පෑදෙනවා. මෙයාලා අභියෝග මැද මේ වැඩේ කරන්නෙ කොහොමද කියල තමා කතාව තියෙන්නේ. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙ හමු වෙනතුරු සමුගන්නවා. බුදු සරනයි!
A private security agent gets ambushed while trying to transport a valuable Chinese antique out of Shanghai. With help from his team, he must now battle his way through a gang of thugs to reclaim the prized possession — and his reputation.
Fatta Bro thnq
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Elama bro digatama demu…
Tankuuuuuuuu sahoooooooooooooooooo
tnq sub ekata
Thanks bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
thnx broo..digatama sub karanna jaya wewa…!!
Ela saho thanks