Shaolin Wooden Men (1976) Sinhala Subtitle October 09, 2021 Rasika Samanjith | Admin IMDB RATING 6.5 GENRES ActionChinese MoviesGenresMovies CAST Jackie Chan,Chun-Erh Lung,Kang Chin තමන්ටම වැදුනු තමන්ගේ පහර ඉතින්, ජැකී චෑන්ගේ චිත්‍රපට වලට වගේම පැරණි චීන චිත්‍රපට බලාපොරොත්තුවෙන් නිරතුරුවම අපිත් එක්ක රැඳී ඉන්න හිතවතුන් වෙනුවෙන්, තවත් ජැකීගේ පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ තමයි Shaolin Wooden Men. මුලින්ම තිරගත වුනේ 1976 නොවැම්බර් 10 දින හොංකොං වලදියි. ඔරිජිනල් නම Shao Lin mu ren xiang. ඒ කාලෙ හැටියට නැගෙනහිර ආසියාවෙන් පමණක් ඇ.ඩො.මිලියන 1 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්න සමත්වෙලා තියෙනවා. Action, Martial Arts වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපට අන්තර්ජාතික වශයෙන් නම් කීපයකින් නිකුත් වෙලා තියෙනවා. ♦ “36 Wooden Men” ♦ “Shaolin Chamber of Death” (මූලිකවම එක්සත් රාජධානිය) ♦ “Shaolin Wooden Men – Young Tiger’s Revenge” (ඇමෙරිකාව) ♦ “Wooden Man” (ජර්මනිය) ධාවන කාලය විනාඩි 107 යි. Jackie Chan ට අමතරව වෙන විශේෂ රංගන ශීල්පින් නම් නෑ. ජැකීගෙ අඹ යාලුවා Yuen Biao නම් සුලු චරිතයකට ඉන්නවා. ඒකත් මැරයෙක්ට. නිෂ්පාදනය Lo Wei ගෙන්. ෂාඔලින් පන්සලට අලුතෙන් බැඳුණු තරුණ ගැටයෙක් ඉන්නවා. මෙයා ගොලුයි. අනාථයෙක්. එයා පොඩි කාලෙ එයාගෙ තාත්තව කෙනෙක් මරා දානවා, මෙයාගෙ ඇස් ඉදිරිපිටම. ඒ කවුද කියල මෙයාට අදහසක් නෑ, පොඩි නිසා. පන්සලේ මූලික පුහුණුවීම් මෙයාට හරිම අමාරුයි. දවසක් මෙයා දකිනවා ෂාඔලින් වල රහසිගත ගුහාවක්. ඒකෙ මනුස්සයෙක් හිරකරල ඉන්නවා දම්වැල් වලින් බැඳලා. ඔහුගෙ නම පායී. ගොලු කොලුවා මෙයාට හොඳට සලකනවා. දෙන්නා යාලුවො වෙනවා. පායී අති දක්ෂ මාෂල් ආට් කාරයෙක්. ඔහු තමාගෙ ශිල්පය ගොලු ළමයට උගන්වනවා. ඒ ඔහුට පන්සලේ තියෙන “ලී මිනිසුන්ගෙ මාවත” හරහා යන්න පුලුවන් වෙන්න. ඒ කියන්නෙ පන්සලේ තියෙන ඉතාම පටු දිග ශාලාවක්. ඒ ශාලාව ඇතුලෙ දෙපැත්තෙම යන්ත්‍රානුකාරයෙන් ක්‍රියාත්මක වෙන ලී මිනිස්සු 36 ක් ඉන්නවා. ඒවල අත් පා ඔක්කොම වැඩ. ඒක පහු කරන්න ලේසි කෙනෙකුට බෑ. පුහුණුවේ ඉහළටම ගිය කෙනෙක්ට ලී මිනිස්සු එක්ක සටන් කරල ඒක පහු කරන්න පුලුවන් වෙන්නෙ. අනිත් කාරනේ තමයි ඒක ජයගත්තාම එයාට පන්සලෙන් පිටවෙලා යන්න පුලුවන්. ඒකත් පායීගෙ යටි අරමුණක්. ඒ ඇයි? ගොලුවා කොහොම තම අරමුණට ළඟා වෙයිද? ඔහුගේ පියාගෙ මිනීමරුවා හමුවෙයිද? මේ පායී කවුද? “ෂාඔලින් වුඩ්න් මෙන්” බලමු. ජය වේවා. QUALITY 480p // 500 MB 720p // 989 MB 1080p // 1.8 GB SUB FORMAT // SRT & IDX ♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට සහෝ
ගොඩක් ස්තුතියි බ්‍රදර් මගේ ඉල්ලීම ඉටු කරාට.:tulip:☺ පිට පිටම English Movies වලටම Sub දුන්න හින්දා. පුළුවන්නම් ඊලග Sub එකත් Old Chinese Movie එකකටම දෙන්න. බුදු සරණයි දෙවි පිහිටයි.:pray::pray::pray:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ ෆිල්ම් ටිකක් වැඩිපුර දෙන්නකෝ.