• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Soul (2020) Sinhala Subtitle

Soul (2020) Sinhala Subtitle

2021/01/03 at 7:06 pm
Hasitha Prasad
 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම අදත්. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ඩිස්නි ප්ලස් (Disney Plus) හරහා නිකුත්වූ ඩිස්නි පික්සාර්හි නවතම ත්‍රිමාණ සජීවීකරණ සිනමා සිත්තමේ සිංහල උපසිරැසිය: මේ තමයි Soul (2020). මේ වනවිටත් සම්මාන 28කට නිර්දේශව එයින් අටක් තමන් සතු කරගෙන Imdb අඩවියෙන් 8.2ක් තරමේ ඉහල අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 167වන ස්ථානය තමන් සතු කරගන්නට සමත්ව ඇති මේ අපූරු සහ යම් විටක සංවේදී චිත්‍රපටය Rotten Tomatoes වෙතින් 95%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 83%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් වශයෙන් ලබාගන්නටද සමත්කම් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය PG (එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් සීමාවක දරුවෙකුට නැරඹිය හැකි) ලෙස ඇමරිකාව තුල නිර්දේශ ලබා ඇතත්, මෙහි ඇති යම් දර්ශන හා දෙබස් ලමා මනසට නොගැලපීමට ඉඩ ඇති බවයි මගේ හැඟීම, එම නිසා මෙය දරුවෙකුට නරඹන්නට දෙන්නේනම් ඒ ගැන සැලකිලිමත් වන ලෙසත් මතක් කරන්නට කැමතියි. නමුත් චිත්‍රපටය තුලින් නරඹන්නාට දෙන්නට වෑයම් කරන සමස්ත පණිවිඩය ඉතාම වටින බවත් කියන්න ඕනෙ.

පවත්නා තත්වය හමුවේ ඩිස්නි ප්ලස් වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවය හරහා මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත පිලිගැන්වෙන මේ නිර්මාණය සිනමා ශාලාවක් හරහා එලි නොදැක්වූ ප්‍රථම පූර්ණ ධාවන කාලයක් සහිත පික්සාර් චිත්‍රපටය බවටද පත්වෙනවා ඒ අනුව. එසේම අප්‍රිකානු ඇමරිකානු ප්‍රධාන චරිතයක් (ජෝ ගාඩ්නර්) ඇති ප්‍රථම පික්සාර් චිත්‍රපටයද මෙය බවට පත්වෙනවා.එසේම නත්තල් දිනයේ මුදාහැරුනු ප්‍රථම පික්සාර් චිත්‍රපටය වන්නේද මෙයයි. පීට් ඩොක්ට, මයික් ජෝන්ස්, කෙම්ප් පවර්ස් තිදෙනාගේ කතාව සහ තිර රචනයෙන් පණ ලබන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පීට් ඩොක්ට විසින්ම වන අතර සම අධ්‍යක්ෂණය කෙම්ප් පවර්ස්ගෙන්. මේ අනුව පීට් ඩොක්ට විසින් අධ්‍යක්ෂණ කරනු ලැබූ චිත්‍රපටයක් හා පික්සාර් නිමැවුමක් ප්‍රංශ කැනස් සිනමා සම්මාන උළෙලට පිට පිටම නිර්දේශවන තුන්වන අවස්ථාව මෙයයි, මින් පෙර එම වරම් ලැබුවේ Up (2009) සහ Inside Out (2015) යන සජීවීකරණ චිත්‍රපට ද්විත්වයයි.

Soul (2020) චිත්‍රපටයට තම හඬ දායකත්වය දක්වන්නේ: ජේමි ෆොක්ස් (ජෝ ගාඩ්නර්), ටීනා ෆේ (22), ග්‍රැහැම් නෝටන් (මූන්වින්ඩ්). රේචල් හවුස් (ටෙරී), ඇලිස් බ්‍රාගා (ජෙරී), රිචඩ් අයෝඩේ (ජෙරී), ඩොනල් රෝලින්ස් (ඩෙස්), ක්වෙස්ට්ලව් (කර්ලි), ඇන්ජෙලා බැසට් (ඩොරතියා), කෝරා කැම්පොමියර් (කොනී), මර්ගෝ හෝල් (මෙල්බා) ඇතුළු පිරිසක්. විස්තර ඒ ඇතිනෙ. මම කතාවට පොඩි ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම් ඔබේ රසවින්දනයට හානියක් නොකර...

ජෝ ගාඩ්නර්...ඔහු ජෑස් සංගීතයට තදින්ම ආශා කරනව පියානෝ වාදකයෙක්. ඔහුගේ සිහිනය ජෑස් සංගීත ලෝකයේ නමක් සාදාගැනීම වුවත්, ඔහුට ඒ වරම ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු පාසලක සංගීත ගුරුවරයා ලෙස අර්ධ කාලීනව සේවය කරනවා. ඔහුගේ මවගේ වුවමනාව වන්නේ තම පුත්‍රයා වාදක අවස්ථා සොයන්නට නොයා ස්ථිර රැකියාවක් කරගෙන සිටිනු දැකීමයි. කෙසේ වෙතත් තම ජෑස් සිහිනයේම ඇලි ගැලී සිටින ඔහුට දිනෙක නොසිතූ අවස්ථාවක් උදාවෙනවා තම සිහිනයට ලං වෙන්නට, නමුත් ඒ සමගම සිදුවන තවත් නොසිතූ විරූ ඇබැද්දියක් නිසා ඔහුට යන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතයට ජීවිතයට බියෙන් සැඟවී සිටින තවත් අයෙකුට පිහිට වන්නට, ඒ ඔහු නොසිතූ තැනකදී...එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

 අන්තර්ජාලයේ ඇති සියලුම WEB සහ Bluray පිටපත් සඳහා වෙන් වෙන්ව උපසිරැසි දෙකක් ලබාදී ඇත.

විශේෂ :- ♠ ඔබට මෙහි එක් තැනක මීයෙකු විසින් පීසා පෙත්තක් ඇදගෙන යන දර්ශනයක් දකින්නට ලැබෙනු ඇති.එය චිත්‍රපටයට එක්කර තිබෙන්නේ හාස්‍ය ශිල්පී මැට් ලිට්ල් විසින් 2015 වසරේදී නිව්යෝක්හීදි කැමරාවට හසුකරගත් පීසා පෙත්තක් ඇදගෙන යන මීයාගේ වීඩියෝව සිහිවීමටයි. මේ එම වීඩියෝව.

♠ අංක විසිදෙකගේ පෙර උපදේශකවරුන්ගේ නම් සඳහන් බිත්තියේ පොප් ගායක මයිකල් ජැක්සන්, ජෑස් ගායක ප්‍රින්ස්, කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගූ මාටින් ලූතර් කිං, ප්‍රංශ ඡායාරූප ශිල්පී Jr, හිටපු ඇපල් සමාගම් ප්‍රධානී ස්ටීව් ජොබ්ස්, ගායිකා ඇරීතා ෆ්‍රෑන්ක්ලින් යන අයගේ නම්ද ඇතුලත්.

♠ සම තිර පිටපත් රචක හා සම අධ්‍යක්ෂ කෙම්ප් පවර්ස්ට මුලින්ම ලැබී තිබෙන්නේ චිත්‍රපටයේ තිර පිටපත ලිවීමට පමණයි. නමුත් ඔහු එහිදී දැක්වූ කැපවීම මතයි ඔහුව සම අධ්‍යක්ෂක දක්වා උසස් කර තිබෙන්නේ. ඒ අනුව පික්සාර්හි මුල්ම අප්‍රිකානු-ඇමරිකානු සම අධ්‍යක්ෂකවරයා ඔහුයි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2175

Download Links:

පිටපත (Torrent)
පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Direct)
Soul
  • 720p (bluray)
    924.87 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.85 GB
    Download Torrent
  • 720p (web)
    924.87 MB
    Download Torrent
  • 1080p (web)
    1.85 GB
    Download Torrent
  • 2160p (web)
    4.49 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 73

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.:star_struck::star_struck::star_struck:
    දෙනකන් බලාගෙනයි හිටියේ.

    2021-01-04 at 12:49 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 87

    ෆිල්ම් එක නම් ආපු දවසෙම තමයි බැලුවේ ..මට නිකමට හිතුනා හසිත මේකට අනිවා කරාවි කියල ..මොකද coco ෆිල්ම් එක ගොඩාක් ආශාවෙන් කරපු නිසා ..රසික කෝල් කරපු වෙලාවෙත් මම කිව්වා අන්න හසිත මේ ෆිල්ම් එකට සබ් එක කරනවා කියලා ..හසිත ආපු එකට වැඩියෙන්ම සතුටු වුන කෙනත් එයා කියලා විශේෂයෙන් සදහන් කරන්න කැමති ..අර ෆිට්සා එක මියා අරගෙන යන එක පිටි පස්සේ තියන හැබෑ කතාව දන්නේ මම මේ ලිපිය කිව්වාට පස්සේ …අවංකව කිව්වොත් 22 වොයිස් කරපු නිළිය අතිවිශ්ෂ්ටයි …හරිම ආශාවෙන් බැලුවා ..ඒ වගේම මම හිතන්නේ ඉස්සරහාට disny plus පෙරේලිකාර දෙයක් කරාවි කියලා ….ඔහ ඒවා කිව්වොත් ස්පොයිල් වෙයිද මන්ද …

    2021-01-04 at 5:45 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      පීසා කතන්දරේ මමත් දැක්කෙ ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි, දමිත්. 22ට වොයිස් කරපු කෙනාට (ටීනා ෆේ) පොඩි ප්‍රශ්ණෙකුත් ආවා ෆිල්ම් එකට වොයිස් කරන එක ගැන, ඒ එයා කලින් කරපු මොකක්හරි කළු ජාතික විරෝධී දෙයක් හින්ද.

      2021-01-04 at 6:14 pm
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි සබ් හසිත එකට :slight_smile:❤… සුපිරි film එකක්..
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-04 at 6:31 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms