මදක් ඉවසන්න
Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 3
    • Chinese Movies 39
    • Denmark Movies 4
    • English Movies 447
    • French Movies 11
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 18
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

FB Group

Subz.LK

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න

Today Top 10

Dragon Lord (1982) Sinhala SubtitleGodzilla vs. Kong (2021) Sinhala SubtitleBoss Level (2021) Sinhala SubtitleThe Falcon and the Winter Soldier (2021) [S01 : E04] Sinhala SubtitleHarry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala SubtitleZack Snyder’s Justice League (2021) Sinhala SubtitleFifty Shades Freed (2018) Sinhala SubtitleMaster (2021) Sinhala SubtitleGangs of London (2020) [S01 : E01] Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E05] Sinhala Subtitle

ads

Movies English Movies Soul (2020) Sinhala Subtitle
Soul (2020) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 3 months ago Adventure, Animation, Comedy, Family, fantasy

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම අදත්. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ඩිස්නි ප්ලස් (Disney Plus) හරහා නිකුත්වූ ඩිස්නි පික්සාර්හි නවතම ත්‍රිමාණ සජීවීකරණ සිනමා සිත්තමේ සිංහල උපසිරැසිය: මේ තමයි Soul (2020). මේ වනවිටත් සම්මාන 28කට නිර්දේශව එයින් අටක් තමන් සතු කරගෙන Imdb අඩවියෙන් 8.2ක් තරමේ ඉහල අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 167වන ස්ථානය තමන් සතු කරගන්නට සමත්ව ඇති මේ අපූරු සහ යම් විටක සංවේදී චිත්‍රපටය Rotten Tomatoes වෙතින් 95%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 83%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් වශයෙන් ලබාගන්නටද සමත්කම් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය PG (එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් සීමාවක දරුවෙකුට නැරඹිය හැකි) ලෙස ඇමරිකාව තුල නිර්දේශ ලබා ඇතත්, මෙහි ඇති යම් දර්ශන හා දෙබස් ලමා මනසට නොගැලපීමට ඉඩ ඇති බවයි මගේ හැඟීම, එම නිසා මෙය දරුවෙකුට නරඹන්නට දෙන්නේනම් ඒ ගැන සැලකිලිමත් වන ලෙසත් මතක් කරන්නට කැමතියි. නමුත් චිත්‍රපටය තුලින් නරඹන්නාට දෙන්නට වෑයම් කරන සමස්ත පණිවිඩය ඉතාම වටින බවත් කියන්න ඕනෙ.

පවත්නා තත්වය හමුවේ ඩිස්නි ප්ලස් වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවය හරහා මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත පිලිගැන්වෙන මේ නිර්මාණය සිනමා ශාලාවක් හරහා එලි නොදැක්වූ ප්‍රථම පූර්ණ ධාවන කාලයක් සහිත පික්සාර් චිත්‍රපටය බවටද පත්වෙනවා ඒ අනුව. එසේම අප්‍රිකානු ඇමරිකානු ප්‍රධාන චරිතයක් (ජෝ ගාඩ්නර්) ඇති ප්‍රථම පික්සාර් චිත්‍රපටයද මෙය බවට පත්වෙනවා.එසේම නත්තල් දිනයේ මුදාහැරුනු ප්‍රථම පික්සාර් චිත්‍රපටය වන්නේද මෙයයි. පීට් ඩොක්ට, මයික් ජෝන්ස්, කෙම්ප් පවර්ස් තිදෙනාගේ කතාව සහ තිර රචනයෙන් පණ ලබන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පීට් ඩොක්ට විසින්ම වන අතර සම අධ්‍යක්ෂණය කෙම්ප් පවර්ස්ගෙන්. මේ අනුව පීට් ඩොක්ට විසින් අධ්‍යක්ෂණ කරනු ලැබූ චිත්‍රපටයක් හා පික්සාර් නිමැවුමක් ප්‍රංශ කැනස් සිනමා සම්මාන උළෙලට පිට පිටම නිර්දේශවන තුන්වන අවස්ථාව මෙයයි, මින් පෙර එම වරම් ලැබුවේ Up (2009) සහ Inside Out (2015) යන සජීවීකරණ චිත්‍රපට ද්විත්වයයි.

Soul (2020) චිත්‍රපටයට තම හඬ දායකත්වය දක්වන්නේ: ජේමි ෆොක්ස් (ජෝ ගාඩ්නර්), ටීනා ෆේ (22), ග්‍රැහැම් නෝටන් (මූන්වින්ඩ්). රේචල් හවුස් (ටෙරී), ඇලිස් බ්‍රාගා (ජෙරී), රිචඩ් අයෝඩේ (ජෙරී), ඩොනල් රෝලින්ස් (ඩෙස්), ක්වෙස්ට්ලව් (කර්ලි), ඇන්ජෙලා බැසට් (ඩොරතියා), කෝරා කැම්පොමියර් (කොනී), මර්ගෝ හෝල් (මෙල්බා) ඇතුළු පිරිසක්. විස්තර ඒ ඇතිනෙ. මම කතාවට පොඩි ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම් ඔබේ රසවින්දනයට හානියක් නොකර…

ජෝ ගාඩ්නර්…ඔහු ජෑස් සංගීතයට තදින්ම ආශා කරනව පියානෝ වාදකයෙක්. ඔහුගේ සිහිනය ජෑස් සංගීත ලෝකයේ නමක් සාදාගැනීම වුවත්, ඔහුට ඒ වරම ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු පාසලක සංගීත ගුරුවරයා ලෙස අර්ධ කාලීනව සේවය කරනවා. ඔහුගේ මවගේ වුවමනාව වන්නේ තම පුත්‍රයා වාදක අවස්ථා සොයන්නට නොයා ස්ථිර රැකියාවක් කරගෙන සිටිනු දැකීමයි. කෙසේ වෙතත් තම ජෑස් සිහිනයේම ඇලි ගැලී සිටින ඔහුට දිනෙක නොසිතූ අවස්ථාවක් උදාවෙනවා තම සිහිනයට ලං වෙන්නට, නමුත් ඒ සමගම සිදුවන තවත් නොසිතූ විරූ ඇබැද්දියක් නිසා ඔහුට යන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතයට ජීවිතයට බියෙන් සැඟවී සිටින තවත් අයෙකුට පිහිට වන්නට, ඒ ඔහු නොසිතූ තැනකදී…එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

 අන්තර්ජාලයේ ඇති සියලුම WEB සහ Bluray පිටපත් සඳහා වෙන් වෙන්ව උපසිරැසි දෙකක් ලබාදී ඇත.

විශේෂ :-
♠ ඔබට මෙහි එක් තැනක මීයෙකු විසින් පීසා පෙත්තක් ඇදගෙන යන දර්ශනයක් දකින්නට ලැබෙනු ඇති.එය චිත්‍රපටයට එක්කර තිබෙන්නේ හාස්‍ය ශිල්පී මැට් ලිට්ල් විසින් 2015 වසරේදී නිව්යෝක්හීදි කැමරාවට හසුකරගත් පීසා පෙත්තක් ඇදගෙන යන මීයාගේ වීඩියෝව සිහිවීමටයි. මේ එම වීඩියෝව.

♠ අංක විසිදෙකගේ පෙර උපදේශකවරුන්ගේ නම් සඳහන් බිත්තියේ පොප් ගායක මයිකල් ජැක්සන්, ජෑස් ගායක ප්‍රින්ස්, කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගූ මාටින් ලූතර් කිං, ප්‍රංශ ඡායාරූප ශිල්පී Jr, හිටපු ඇපල් සමාගම් ප්‍රධානී ස්ටීව් ජොබ්ස්, ගායිකා ඇරීතා ෆ්‍රෑන්ක්ලින් යන අයගේ නම්ද ඇතුලත්.

♠ සම තිර පිටපත් රචක හා සම අධ්‍යක්ෂ කෙම්ප් පවර්ස්ට මුලින්ම ලැබී තිබෙන්නේ චිත්‍රපටයේ තිර පිටපත ලිවීමට පමණයි. නමුත් ඔහු එහිදී දැක්වූ කැපවීම මතයි ඔහුව සම අධ්‍යක්ෂක දක්වා උසස් කර තිබෙන්නේ. ඒ අනුව පික්සාර්හි මුල්ම අප්‍රිකානු-ඇමරිකානු සම අධ්‍යක්ෂකවරයා ඔහුයි.



Year : 2020

Rating : 8.2

Genre : animation,adventure,comedy,family,fantasy,music

Actors : Jamie Foxx,Tina Fey,Graham Norton,Rachel House

Writer : N/A

Director : Pete Docter,Kemp Powers

Plot :

Directed by Pete Docter, Kemp Powers. With Jamie Foxx, Tina Fey, Graham Norton, Rachel House. A musician who has lost his passion for music is transported out of his body and must find his way back with the help of an infant soul learning about herself.


BRRip සඳහා යාවත්කාලීන කර ඇත

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 119 Views




සිංහල උපසිරැස Download කරගන්න 1235 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
8.2
IMDB
100%
User Rating



Watch More

Mile 22 (2018) Sinhala Subtitle

Wrecked (2010) Sinhala Subtitle

Bethany (2017) Sinhala Subtitle

The Son of Bigfoot (2017) Sinhala Subtitle

Timecop (1994) Sinhala Subtitle

OtherLife (2017) Sinhala Subtitle

Anthropoid (2016) Sinhala Subtitle

Renegades (2017) Sinhala Subtitle

Lake Placid: Legacy (2018) Sinhala Subtitle

‹ ›

  1. Lahiru Sandaruwan Subtitler January 4, 2021 at 12:49 pm

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.:star_struck::star_struck::star_struck:
    දෙනකන් බලාගෙනයි හිටියේ.


    Reply
  2. දමිත් ප්‍රියංකර SYSTEM Administrator January 4, 2021 at 5:45 pm

    ෆිල්ම් එක නම් ආපු දවසෙම තමයි බැලුවේ ..මට නිකමට හිතුනා හසිත මේකට අනිවා කරාවි කියල ..මොකද coco ෆිල්ම් එක ගොඩාක් ආශාවෙන් කරපු නිසා ..රසික කෝල් කරපු වෙලාවෙත් මම කිව්වා අන්න හසිත මේ ෆිල්ම් එකට සබ් එක කරනවා කියලා ..හසිත ආපු එකට වැඩියෙන්ම සතුටු වුන කෙනත් එයා කියලා විශේෂයෙන් සදහන් කරන්න කැමති ..අර ෆිට්සා එක මියා අරගෙන යන එක පිටි පස්සේ තියන හැබෑ කතාව දන්නේ මම මේ ලිපිය කිව්වාට පස්සේ …අවංකව කිව්වොත් 22 වොයිස් කරපු නිළිය අතිවිශ්ෂ්ටයි …හරිම ආශාවෙන් බැලුවා ..ඒ වගේම මම හිතන්නේ ඉස්සරහාට disny plus පෙරේලිකාර දෙයක් කරාවි කියලා ….ඔහ ඒවා කිව්වොත් ස්පොයිල් වෙයිද මන්ද …


    Reply
    • Hasitha Prasad Co - admin January 4, 2021 at 6:14 pm

      පීසා කතන්දරේ මමත් දැක්කෙ ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි, දමිත්. 22ට වොයිස් කරපු කෙනාට (ටීනා ෆේ) පොඩි ප්‍රශ්ණෙකුත් ආවා ෆිල්ම් එකට වොයිස් කරන එක ගැන, ඒ එයා කලින් කරපු මොකක්හරි කළු ජාතික විරෝධී දෙයක් හින්ද.


      Reply
  3. Hashan Unregistered User January 4, 2021 at 6:31 pm

    බොහොම ස්තූතියි සබ් හසිත එකට :slight_smile:❤… සුපිරි film එකක්..
    ජය වේවා.! :punch::punch::punch:


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google
  • කිසිම විටක උපසිරැස් කරුට හෝ වෙබ් අඩවියට අපහාස නොවන ආකාරයට ඔබගේ අදහස (comment) එකතු කිරීමට කාරුණික වන්න ..
  • යම් දෝෂයක් ඇත්නම් එය සැකවින් පල කරන්න .(හැකි ඉක්මනින් අප එය නිවැරදි කිරීමට උත්සහා කරමු )

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
News Of The World (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Soul (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Wonder Woman 1984 (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
තව බලන්න

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Replicas (2018) Sinhala Subtitle 2936 Inuka Wijerathna
Sentinelle (2021) Sinhala Subtitle 2172 Rasika Samanjith
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle 908 Hasitha Prasad
The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle 872 දමිත් ප්‍රියංකර
Cherry (2021) Sinhala Subtitle 535 Hasitha Prasad
The Winter Lake (2021) Sinhala Subtitle 433 Rasika Samanjith
Raya and the Last Dragon (2021) Sinhala Subtitle 430 Hasitha Prasad
The Martian (2015) Sinhala Subtitle 267 Hasitha Prasad
Your Honor (2020) [S01 : E06] Sinhala Subtitle 231 K.A Raveen
Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle 223 K.A Raveen
තව බලන්න

ads

information

  • Software
  • අපි ගැන

Security & privacy

  • Terms Of Use
  • Privacy Policy
  • DMCA

introduction

Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

Copyright © 2015-2021 / Subz.LK