
මගේ තාත්තා වීරයෙක්
ඉතින් අදත් සුපුරුදු විදිහට සබ්ස්.එල්කේ නිවහනට ගොඩවැදුනේ, ජනප්‍රිය සටන් නලු ජෙට් ලිගේ තවත් පැරණි සිනමා පටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි. ඒ තමයි 1995 මාර් තු 02 දින හාපුරා කියා හොංකොං රිදී තිරයෙන් ප්‍රදර්ශනය ඇරැඹූ MY FATHER IS A HERO හෙවත් THE ENFORCER ( ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පිටපත නිකුත්වුනේ මේ නමින් ). ධාවන කාලය විනාඩි 104 යි. භාෂාව චීන. Action, Crime, Drama, Thriller යන වර්ගවලට අයත් වෙනවා. හොංකොං ඩොලර් මිලියන 15.5 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වුනා. Jet Li’s The Enforcer නමින් 2004 දී එක්සත් රාජධානියේ නිකුත් වූ අතර මිලියනයක ජනතාවක් එය රූපවාහිනියෙන් නරඹා තිබුනා. ඒ අනුව එම වසරේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රූපවාහිනියෙන් නැරඹූ විදේශීය චිත්‍රපට අතරේ අට වෙනි තැනට පත්වෙන්නට ‘මයි ෆාදර් ඊස් අ හීරෝ’ සමත්වුනා. අති ජනප්‍රිය හොංකොං නිර්මාණ රාශියක් සිනමා ලොවට එක් කල Corey Yuen ගේ තවත් අධ්‍යක්ෂනයක්. Jet Li (කුං වෙයි) ට අමතරව රංගනයෙන් එකතුවෙනවා Anita Mui (ඈන් ෆොන්ග්), Xie Miao (කුං කූ) සහ Yu Rongguang (පෝ ක්වොන්ග්). 1994 වසරේ නිකුත් වූ The New Legend of Shaolin චිත්‍රපටයෙත් ජෙට් සහ Xie Miao තාත්තා සහ පුතා විදිහටම රඟපාලා තියෙනවා. Anita Mui ගැනත් යමක් කියනවා නම් දක්ෂ, ඒ වගේම අතිශය ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක්. ගායනය පැත්තෙන් කොච්චර සාර්ථක වුනාද කියනවා නම් ඇයව හැඳින්වූයේ ‘නැගෙනහිර මැඩෝනා’ කියලා. ජාත්‍යන්තරව ඇයට වැඩිම අවධානයක් ලැබුනු චිත්‍රපට අතර ජැකී චෑන්ගේ Legend of Drunken Master [1994]සහ Rumble in the Bronx [1995], Michelle Yeoh සහ Maggie Cheung සමග රඟපෑ Heroic Trio [1993] සහ ජෙට් ලි සමග රඟපෑ My Father is a Hero ප්‍රධාන තැනක් ගත්තා. 2003 දී ඇය මිය යනවිට, අවුරුදු 20 ක කාලයක් තුල චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයක රඟපා තිබුනා. ඒ වගේම රංගනයෙන් සහ ගායනයෙන් සම්මාන රාශියකට හිමිකම් කියා තිබුන
කුං වෙයි චීනයේ පොලිස් නිලධාරියෙක්. බිරිඳ අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. අවුරුදු 8 ක පුතා වන කුං කූ සටන් කලා ශිෂ්‍යයෙක්. ඒ දෙන්නාත් ඇතුලුව කිසි කෙනෙක් දන්නෑ වෙයි පොලිස් නිලධාරියෙක් කියලා. ඔහු රහසිගත සේවයක තමයි ඉන්නෙ. හොංකොං මිනීමරු ජාවාරම්කාරයෙක් වන පෝ ක්වොන්ග් ගැන හොයන්න වෙයිව හොංකොං යවනවා. ඔහු ගිහින් ඒ කල්ලියට එකතු වෙනවා. ඔවුන් සමග මංකොල්ලයකට සම්බන්ධවීම නිසා, ඈන් ෆොන්ග් නමැති පොලිස් පරීක්ෂකවරියකුත් වෙයි පස්සෙ පන්නනවා. ඒ අතර වාරේ කුං වෙයිගෙ පුතත් තාත්තා හොයාගෙන හොංකොං එනවා. එහිදී ඔහුව පෝ ක්වොන්ග්ට අහුවෙනවා. ඊට පස්සෙ මොකක් වෙයිද? වෙයිව හෙලිවේවිද?
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජෙට් අසනීප තත්ත්වයෙන් පසුවෙන බව ආරංචියි. ඔහුට සුවය ප්‍රාර්ථනා කරමු.
ජය වේවා.
QUALITY // 480p – 400mb // 720p – 900mb/1.2gb
SUB FORMAT // SRT // IDXTV
♣♣ BRRip / 480p / 720p ♣♣
Download Links:
Download Torrent BRRip BRRip පිටපත 1200 MB Download Direct BRRip පිටපත 400 MB uptobox Download Direct BRRip පිටපත 900 MB mega
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
109
6.5
0%
0%
Comments: 0
Search
Login
Updates









