Published
November 3rd, 2020 by
Rasika Samanjith
The Master (1989) Aka Long hang tian xia
සුපිරි සටන් නලු ජෙට් ලි ගේ පට්ට පැරණි ෆිලුමක් අරගෙන තමයි මෙවර subz.lk එකට ගොඩ වැදුනේ. 1992 මැයි 28 හොංකොංහීදී හා හා පුරා තිරගත කල, හොංකොං ඩොලර් මිලියන 8.097 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත් වූ චිත්‍රපටයක්. ඒ තමා ” The Master”. මෙම චිත්‍රපටය 1989 වසරේ නිෂ්පාදනය කලත්, jet li රඟපෑ “Once upon a Time in China” චිත්‍රපටයේ සාර්ථකත්වය හේතුකොටගෙන, එය තිරගත කිරීම 1992 තෙක් කල් දැමූ බවයි වාර්තා වෙන්නෙ. මුල සිටම සාම්ප්‍රදායික චිත්‍රපටවල රඟපෑ ජෙට් ලි, එයින් මිදී මුල්වරට නවීන ලෝකයේ සිනමාවට පා තබන්නෙ මෙම චිත්‍රපටයෙන්. හොලිවුඩ් නිර්මාණයන් වුනු Romeo Must Die (2000) සහ Cradle 2 the Grave (2003) වැනි චිත්‍රපට වලට The Master පූර්ව උදාහරණයක් වූ බවයි විචාරකයින් පවසන්නේ.
Martial Arts, Action, Comedy, Crime ගණ වලට අයිතිවෙනවා. IMDb අගය 5.8/10 අගයක් ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 87% ලබාගෙන තියෙනවා. ධාවන කාලය විනාඩි 92 යි. Jet Li සමඟ රංගනයෙන් දායක වෙනවා Yuen Wah (ටක්), Jerry Trimble (ජොනී) සහ මෙයි ලෙස Crystal Kwok. කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය Tsui Hark. Golden Harvest සමාගමේ තවත් සිනමා කාර්‍යයක්. චීන සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම තියෙනවා.
කිට්ගේ (Jet Li) සටන් ගුරුවරයා වන අන්කල් ටක් ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලීස් වල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වගෙන යනවා. මුලින් ඔහුගෙන්ම සටන් ඉගෙනගත් ඇමරිකන් ජාතිකයෙක් වන ජොනී චීන සටන් ගුරුවරුන් සමඟ මොකක්දෝ හුටපටයක් තියෙනවා. ඔහු සෑම සටන් ගුරුවරයෙක් සමගම සටන් කර, පහරදී මරා දමනවා. ටක් මාස්ටර් සමගත් ඔහු සටන් කරන්න එනවා. එහිදී මාස්ටර් දරුණු ලෙස තුවාල ලබන අතර ඇනා නමැති තරුණියක් ඔහුව බේරගෙන එතනින් පලායනවා. මේ ගැන මොකුත් නොදන්න කිට් තම ගුරුතුමා හම්බවෙන්න හොංකොං ඉඳලා ඇමරිකාවට එනවා. එතකොට ඔහුගේ මාස්ටර් අතුරුදන්. මාස්ටර්ගෙ සාප්පුව කුඩුවෙලා. පොලීසියෙන් සීල් තියලා. සාප්පුවේ ණය වාරික ගෙවීම අතපසු කිරීම නිසා බැංකුවට අත්පත් කරගැනීමට මෙයි නමැති බැංකු නිලධාරිනියකුත් ඇවිත් ඉන්නවා. කිට් ඇයට පොරොන්දුවෙනවා මාස්ටර්ව හොයා ගන්නම් කියලා. ඒත් කිට් කොතනින් පටන් ගන්නද? ඒ අතර ජොනී සහ ඔහුගේ කල්ලිය තුවාල ලබා පලාගිය මාස්ටර් ටක් ව හැමතැනම හොයනවා. විනෝදය, ත්‍රාසය කැටි කරගත්, ජෙට් ලි ගේ අති දක්ෂ හැකියාවෙන් වර්ණවත් වුනු ක්‍රියාදාම පෙලක් ඊට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන්. ජය වේවා.
BRRip /720p / 1080p
Download Links:
Download Torrent 720P පිටපත 853 MB Download Torrent 1080P පිටපත 1.54 GB Download Direct 720P පිටපත 853 MB Download Direct 720P පිටපත 853 MBRasika Samanjith
TV EPISODES :
0
MOVIES :
124
5.8
0%
0%
Comments: 10
Leave a Reply
Search
Login
Mithun
එක නම් සුපිරිම සහෝ… බොහොම ස්තුතියි .:green_heart::green_heart::green_heart::green_heart::green_heart::green_heart: මෙක නම් බලපු හොඳම එකක් ,ආයේ බලන්න අසාවක් ඇති කලා ඔයා සිංහල සබ් එකට ගොඩක් ස්තුතියි ❤
Rasika Thushara Samanjith
Thanx saho!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Rasika Thushara Samanjith
ගොඩක්ම ස්තූතියි
prasad karunarathne
මේක ඊයේ පෙරේද ඩවුන්ලෝඩ් කරේ අද දැක්කා සබ එක දාලා තියනවා සබ් එකක් හදන්න ලොකු කට්ටක් කන්න ඕනේ
දිගටම පරණ චිත්‍රපටි වලට සබ් දෙන්න සියලු කටයුතු සාර්ථක වේවා ජය
Rasika Thushara Samanjith
Thank u very very much. Oyaalaa mehema agaya karanakota kaapu katta amathaka wenawaa.
ලහිරු සඳරුවන්
සෑහෙන දවසකට පස්සෙයි සයිට් එක පැත්තේ ආවේ.
ජෙට්-ලීගේ සුපිරි ෆිල්ම් එකටනේ සබ් දීලා තියෙන්නේ.
බොහොම ස්තූතියි.:star_struck::star_struck::star_struck: වෑන් ඩෑම්ගේ Derailed (2002) ෆිල්ම් එකේ සබ් එකත් ඉක්මනින් දෙන්න. ඒවගේම හැකිනම් ජෙට්-ලීගේ මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න බලන්න.
Once Upon A Time In China (Series)
The New Legend Of Shaolin
My Father Is A Hero
Rasika Thushara Samanjith
aniwaa. Aluth film kiipayak kalaa. eeken Derailed(2002) poddak pamaa wunaa. dhawas 3-4 kin dhennam. Subz.lk ekka inna.
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Mithun
මචන්. පුළුවන් නම් මුවි එකක් තියෙනවා එකට සිංහල සබ් එකක් දල දෙදෙන්න පුළුවන් ද. මල්ලි .Queen of Hearts
2019 . 18+වැැඩිි හැබැයි