ඔටුන්නකින් ඔයාව රජ කෙනෙක් කරන්නේ නැහැ.
හොඳයි යාළුවනේ.අද නම් පරක්කුවක් නැතුව ගේන්න පුළුවන් වුණා.අද කතාවේ නම තමයි A crown does not make you king(ඔටුන්නකින් ඔයාව රජ කෙනෙක් කරන්නේ නැහැ).මේක imdb rate එක 7.9 ලෙස සටහන් වෙලා තියනවා.ඉතින් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.
ගිය සතියේ කතාවෙන් ඔයාලා දකින්න ඇති මේ ශාමන් කියන යක්ෂයා සැන්ඩිවයි,පිග්සිවයි,මන්කිවයි අල්ලාගෙන ඛණ්ඩන භූමිය නැමති ස්ථානයේ අමුතු තැබෑරුමක හිර කරනවා මනසෙන්.ඉතින් කොහොමහරි ට්‍රිපිටාකා එතනට ඇවිල්ලා සැන්ඩිවයි,පිග්සිවයි ඒ හීන ලෝකෙන් බේර ගන්න එක දකින්න ඇති.ඒ වගේම මන්කි ලියන්න කියන්න දන්නේ නැති නිසා එයා ඉතින් ඉන්නකොට ලියෝ නැමති ආරක්ෂක මුර ප්‍රධානියාව හමු වෙනවා.ඉතින් එයාගෙන් මොනවද වුනේ කියලා ඇහුව්වහම එයා හරි උත්තරයක් දෙන්නේ නැහැ.ඉතින් ඊට පස්සේ එයාට එතන තිබුන රූපයක් දැකලා ජේඩ් කන්ද මතක් වෙනවා.ඊටපස්සේ අන්තිමට කට්ටියම එපා කියද්දී(ට්‍ර්පිටාකා සහ ශාමන් යක්ෂයා)එයා තමන්ගේ මනසේ ගැඹුරුම තැනට යනවා.
ඉතින් අද කතාවේ යන්නේ මන්කි එයාගේ මනසෙන් අතීතයට ගිහිල්ලා ඇත්තටම මොකක්ද වුනේ,ඒකට හේතු වුනේ මොකක්ද කියලා දැන ගැනීම ගැනයි.ඒ වගේම ට්‍ර්පිටාකා එයාව ගේන්න ගන්න දරන උත්සහයෙනුයි පස්සේ එයත් මන්කිගේ මනසට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා දැන ගැනීමයි.ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා අද කතාව බලලම දැන ගන්නකෝ.
විශේෂ
මෙහි එන පොඩි සටන් වර්ගයකට නම් දැක්වීමේදී එය ඉංග්‍රීසී භාෂාවෙන්ම මම සිංහලෙන් ලිව්වා.නැත්නම් ඒක කතා රසයට හානි වෙන නිසා.උදා:-Tall Son උස පුත්‍රයා වෙනුවෙට ටෝල් සන් කියා ලිවීම වගේ.
ඒක ගැන ප්‍රශ්න තියනවනම් කතාව බලලා කියන්න.එහෙනම් මම යනවා.sub එක ගැන comment එකක් දාගෙනම යන්න.ඊළඟ කොටසින් හමුවෙමු.ඔයාලට ජය.
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ
Bohoma stuthi…..!!! okkoma ikmntama oni… jayawewa… bs….!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
thanks yalu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි 😘
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
bohoma tankuuuuuuuuuu sahoooooo
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!