The New Legends of Monkey (2018) [S01 : E08] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
ඔයාගේ එක කොටසක් නැති වෙලා වගේ..
ඉතින් කට්ටියට කොහොමද.අද සෑහෙන ඉක්මනට මේ කොටස දෙන්න පුළුවන්.උදේ තියන වැඩ ඔක්කොම ඉවර කරලා රෑ වෙලාව මේකට වෙන් කරගත්තා.ඉතින් වැඩිය කතා ඕනේ නැහැ.ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ A Part Of You That’s Missing (ඔයාගේ එක කොටසක් නැති වෙලා වගේ) කියලා.imdb අගය 7.6 වගේ හොඳ අගයක් මේ කොටසට අරන් තියනවා.
ඉතින් පසු ගිය කොටස දිහා බැලුවොත් ඔයාලා දකින්න ඇති මන්කි ගේ නඩු විභාගේ හිටපු අර ගුවෙන් කියන දෙවි කෙනා මැරෙනවා ට්‍රිපිටාකාට විෂ වෙලා තිබ්බ විෂ උරා ගැනීම නිසා.ඒ වගේම කාටවත් විනාශ කරන්න බැරි වෙලා තිබ්බ කින්ව මන්කි විනාශ කරනවත් අපි දැක්කා.
ඉතින් අද කොටස දිහා බැලුවොත් අද යන්නේ ඒ ගුවෙන් කියන දෙවි කෙනා ට්‍රිපිටාකව බේර ගන්න ගිහිල්ලා මැරෙන එකට වැරදි හංගීමක් දැනිලා ට්‍රිපිටාකා කට්ටියගෙන් ඉවත් වෙලා තමන්ගේ පවුල හොයා ගන්න යන එක ගැනයි.ඉතින් ඇත්තටම ඇයට මොකක් වෙයිද?ඇය පවුල හොයා ගනීද නැත්නම් නැද්ද කියලා ඔයාලාම කතාව බලලම දැන ගන්න කියලත් කියනවා.
ඉතින් එහෙනම් මම යනවා.මේ sub එක ගැන මගේ කැපවීම ගැන හරි අගයලා එක comment එකක් දාල යන්න කියලා මම ඔයාලාගෙන් ඉල්ලනවා.මොකද අපි මේක කරන්නේ අනෙක් අයට සතුටක් ලබා දීමටයි.ඉතින් ඒ සතුට ලැබෙන්නේ ඔයාලා දාන එක comment එක මතයි.ඉතින් තව කොටස් දෙකයි තියෙන්නේ.ඒකත් ඉක්මනට දෙන්නම් කියන පොරොන්දුවෙන් මම යනවා.එහෙනම් ඔයාලට ජය.
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් දෙමු…
බොහොම ස්තුතියි සහෝ අප සෑමදෙනා වෙනුවෙන් මේ කරනා වටිනා උතුම් සේවයට . බුදුසරණයි , දෙවිපිහිටයි.
future man saho mekata sub dannako thanks saho
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Hi…. niyamai.. thanks bro….
tankuuuuu tankuuuuuuuuuuuuu sahoooooooo
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!