The Witcher (2019) [S01 : E05] Sinhala Subtitle
!…බෝතල් කල අභිරුචිය…!(18+)
කොහොමද කට්ටියටම ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මාත් ආවා උපසිරසියක් අරගෙන. මේ දවස් වල ගොඩක් කාර්යබහුල වුනත් පසිඳු සහෝගේ ඉල්ලීම මත තමයි මේක සිද්ද කරේ.හරි එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Bottled Appetites කියලා. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.9 වෙනවා.
ඔයාලට කලින් කොටස මතක නම් විස්මයේ නියමය, නැත්නම් ලෝ ඔෆ් ස්ප්‍රයිස් කියන එක ගැන කියෙනවා. ඒක හොඳටම බලා ගන්න පුළුවන් ඒ කොටසින්. ඒ වගේම තමා අපේ සිරිල්ලා කුමරියට එහෙන් බේරිලා ඇවිත් ඉන්න කට්ටියක්ව සෙට් වුණා. ඒත් ඉතින් නිල්ෆ්ගාර්ඩියන්ලට පිං සිද්ද වෙන්න එයාලත් අහවරයි. ඒ වගේම යෙනිෆර් කොච්චරක් කරත් අර ගැහැණු දරුවාව බේර ගන්න බැරි වුණා. ඒ වගේම අපි දැක්කා කැලැන්තේ රාජිනියගේ දුව සහ විවාහ වුණු නයිට් වරයාව. ඒ ඔක්කොම විස්මයේ නියමය අනුව නැත්නම් ඉරණම අනුව සිද්ද වුනු දේවල්. ඒ වගේම තමයි සිරිල්ලා කුමරියට බ්‍රොකිලෝන් වනයේ සිද්ද වෙන දේවලුත්.
ඔය කට්ටියට තේරෙනවා ඇති නේ මේක වෙනස් කාල වලදී සිද්ද වෙන දේවල් කියලා. මට පේන විදිහට නම් කාල දෙකක් හෝ තුනක් අතර. අතීතය සහ වර්තමානය ගැන. සිරිල්ලා ඉන්න කාලය තමයි වර්තමානය.
හොඳයි මේ කොටසින් සිද්ද වෙන දේ බලන්න ඔයාලටම භාරයි. එහෙනම් වැඩිය කියන්න යන්නේ නැහැ කතාව ඇරෙගෙන බලන්න. legacies තව කිහිප දොහකින් ලැබෙයි. කරන්න දෙයක් නැහැ. දුකෙන් වුනත් කියන්න වෙනවා තව ටික දවසක් පරක්කු වෙනවා කියලා. එහෙනම් මම ගියා. තවත් උප්සිරසියකින් හමු වෙනකම් ඔබලා හැමෝටම ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
thanks,,,,,,,,,
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට 😊👍..
ජය වේවා.! 👊
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට, ජය!!
🙏🙏🙏 ස්තුති