
මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර අප සයිට් එකේම පළවුනු සබ් එකක් තමයි අද නම් ගෙනාවෙ. සබ් එක හැදුවට පළකරන්න බැරිවුනා අපේ වෙන සහෝදරයෙක් ඒකට සබ් එකක් පළකරපු නිසා. මහන්සිය අපතේ නොයන්න පළකරන්නත් එපායෑ. ඒ නිසා ඒකෙ බ්ලූරේ අප්ඩේට් එකක් විදිහට ඔයාලට ගෙනාවා. නොබලපු අය ඉන්නවා නම් අරන් බලන්න. සුපිරි භාණ්ඩයක්. සුපිරි සටන් නලු ජැකී චෑන්ගේ “Vanguard“. 2020 ජනවාරි 25 දින මෙය තිරගත කිරීමට සියල්ල සූදානම්ව තිබුනත් Covid-19 වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා. පසුව එය 2020 සැප්තැම්බර් 30 දින චීනයේදී තිරගත කිරීම ආරම්භ කල අතර, එහි ඉංග්‍රීසි පිටපත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අසල්වැසි රටවල ඔක්තෝබර් 08 දින ප්‍රදර්ශනය අරඹන ලදි. ඇමෙරිකාවේදී නොවැම්බර් 20 ද, ඉන්දියාවේදී දෙසැම්බර් 25 ද ප්‍රදර්ශනය ඇරැඹුණු අතර චීනයේ ප්‍රදර්ශනය ඇරැඹී මුල් සති දෙක තුල යුආන් මිලියන් 246 ( ඩොලර් මිලියන 37 ) ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට “වැන්ගාඩ්” සමත්වුනා. උපයාගත් සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මිලියන 50.6 ක්. ඩුබායි සහ සැම්බියාවේදී රූපගත කර ඇති මෙම චිත්‍රපටයේ එක් දර්ශනයකදී ජැකී චෑන් වතුරේ ගිලෙන්නට ගොස් අනූ නමයෙන් බේරි ඇත. ඒ ජෙට් ස්කී දර්ශනයේදී වතුර යට ගලක හිරවීම නිසා. මෙම සිනමා පටය වෙනුවෙන් යුආන් මිලියන 80 ක් , ආසන්න වශයෙන් ඩොලර් මිලියන 12 ක් චෑන්ට ගෙවූ බවයි වාර්තාවෙන්නෙ.
මේක Action, Adventure, Comedy, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. Jackie Chan ට අමතරව Yang Yang (ලී), Miya Muqi (මියා), Ai Lun (කයිසුආන්) සහ Xu Ruo Han (ෆරීඩා) යන අය චරිත නිරූපනයේ යෙදෙනවා. ජැකී රඟපෑ Supercop [1992], Runble in the Box [1995], First Strike [1996] සහ Myth [2005] යන චිත්‍රපට නිර්මාණය කල Stanly Tong ගේ තවත් වැඩක්. ධාවන කාලය විනාඩි 108 යි.
භයානක ජාත්‍යන්තර අවි ජාවාරම් කල්ලියක් විසින් පැහැරගනු ලබන ක්වින් නම් ලන්ඩන් කෝටිපති ව්‍යාපාරිකයෙකු වැන්ගාඩ් ආරක්ෂක ආයතනය විසින් බේරාගන්නවා. එම කුරුමානම වැරදුනු නිසා තම එකම දුව එම කල්ලියේ ඉලක්කය වන බව ක්වින් තේරුම්ගන්නවා. ඒ වනවිට අප්‍රිකානු වනාන්තරයක සංචාරයක යෙදී සිටින තම දුව ආරක්ෂිතව නැවත එක්කරන් එන ලෙස වැන්ගාඩ් ප්‍රධානියා වන ටැන්ග් මහතාගෙන් ක්වින් ඉල්ලා සිටිනවා. ඒ අනුව ටැන්ග් ප්‍රමුඛ වැන්ගාඩ් කණ්ඩායමක් අප්‍රිකාව බලා පිටත්වෙනවා. ජාවාරම් කල්ලියත් ක්වින්ගේ දියණිය වන ෆරීඩා සොයාගෙන එතකොටත් එහෙට ඇවිත්. ඊට පස්සෙ ඉතින් කියන්න තරම් කතාවක් නෑ. ඉවර වෙනකම්ම සිනහවෙන් පිරි නන්ස්ටොප් ඇක්ෂන් තමයි.
ජය වේවා.
QUALITY // 480p – 450mb // 720p – 986mb // 1080p – 1.9gb
SUB FORMAT // SRT
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
Download Links:
Download Torrent BRRip BRRip පිටපත 986 MB Download Torrent BRRip පිටපත 1.9 GB Download Direct BRRip පිටපත 450 MB uptobox Download Direct BRRip පිටපත 986 MB uptobox
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
4.7
0%
0%
Comments: 1
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Shamal Manojan
ජෙට් ලී අසනීපයෙන් නේ ඉන්නේ. ඒක නිසා ආයේ කවදාවත් අලුත් ෆිල්ම් එක එකක් නෑනේ. ඒ නිසා පරණ චිත්‍රපට ටිකට් සබ් දෙන්න සහෝ.
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
Swordsman 1990
Swordsman II – 1992
The Legend – 1993
The Legend – 2 – 1993
Kung Fu Cult Master – 1993
Last Hero in China – 1993
Legend of the red dragon – 1994
The New Legend of Shaolin – 1994
Dr. Wai in the Scripture with No Words – 1996
Fearless – 2006
The Warlords – 2007
Ocean Heaven – 2010
Flying Swords of Dragon Gate – 2011
Once Upon a Time in China Collection