Virindhu ( 2024 ) Sinhala Subtitle
සෙවන් හිල්ස් අභිරහස
ශ්‍රීනිවාසා සර්ජා කිව්වම අවුල් වගේ නේද? හැබැයි "ඇක්ෂන් කිං, අර්ජුන්" කිව්වම නම් නොදන්න කෙනෙක් නැහැනෙ. රංගනය, අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, තිර රචනය, බෙදාහැරීම යන අංග වලින් ඉන්දීය සිනමාවට දායක වෙමින්, චිත්‍රපට 160 කට පමණ තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රවීන රංගධරයාගේ නවතම දමිල සිනමාපටය පසුගිය 2024 අගෝස්තු 29 දින නිකුත්වුනා. ඒ තමයි 9.3/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙන Action, Mystery,Suspense, Thriller වර්ගයේ ෆිල්ම් එකක් වන Virundhu.මලයාලම් පිටපත නිකුත් වුනේ Virunnu නමින්. අර්ජුන් සුපුරුදු වීරයාගේ චරිතයෙන් රසිකයන් අතරට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ. ඔහුගේ පෙර චිත්‍රපටය වූ 2023 වසරේ නිකුත්වූ තලපති විජේගෙ "ලියෝ" චිත්‍රපටයෙත් අර්ජුන් කලේ දුෂ්ට චරිතයක්. ඉතින් මේ චිත්‍රපටය ඔහුගේ ෆෑන්ස්ලට හොඳ ආරංචියක් වේවි. පැය 2 විනාඩි 5 ක ධාවන කාලයකින් යුතු මෙහි Arjun Sarja (දේවාන්), Nikki Galrani (පර්ල්), Gireesh Neyyar (හේමන්ද්), Hareesh Peradi (ඩේවිඩ් ) සමග මලයාලම් සිනමාවෙන් Baiju Santhosh සහ Aju Varghese රංගනයෙන් දායක වෙනවා.
ධනවත් ව්‍යාපාරිකයෙක් වන ජෝන් ඒබ්‍රහම් ගඟකට වැටී අභිරහස් ලෙස මරණයට පත්වෙනවා. පාලම ගාව තිබී ඔහුගේ කාර් එක හමුවුනත්, ඔහුගේ සිරුර සොයාගන්නේ දවස් පහකට පස්සෙ. නමුත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු මිය ගොස් ඇත්තේ දින හතරකට පෙර බවයි. ඒ අනුව එය සැලසුම් සහගත ඝාතනයක් බවට තීරණය වන අතර ඊට මාස කීපයකට පසු ජෝන්ගේ බිරිඳ එලිසබෙතුත් හදිසි අනතුරකින් මිය යනවා. ඇය මිය යන මොහොතේ එතනට එන ආටෝ රියදුරෙකුට ඇය පණිවිඩයක් කියනවා. ඒ ඔවුන්ගේ පවුලේ හිතවතෙක් වන බාලාට. ඇයට කියන්න ලැබෙන්නේ " හැමදේකටම උත්තර තියෙන්නෙ 'සෙවන් හිල්ස්' වල. එහේ.. එහේ තමයි..." යන වචන කිහිපය විතරයි. ඉන් දින කීපයකට පසු ඔවුන්ගේ තරුණ දියණිය පර්ල්ව ඝාතනය කිරීමටත් පිරිසක් උත්සාහ කලත් ඇයව බාලා බේරගන්නවා. ඉතින් මොකක්ද මේ වෙන්නෙ? කාටද මෙයාලව මරන්න ඕනෙ? මොකටද? එතකොට මේ "සෙවන් හිල්ස්" කියන්නෙ මොකක්ද? අර්ජුන් එක්ක ඒ ගැන හොයන්න යන්න ආරාධනා කරමින් නවතින්නම්. විශේෂ කාරණයක් : මේ ෆිලුම බලනකොට දැන් අර්ජුන්ගෙ වයස අවුරුදු 62 ක් කියල නම් මතක් වෙන එකක් නෑ.
ජය වේවා.
QUALITY // 480p - 400mb / 720p - 700mb, 900mb, 1.4gb / 1080p - 1.6gb♣♣ HQ HDRip / 480p / 720p / 1080p ♣♣
2024-11-02 01:54 am
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
- HDRip
- Download : 424
- File Size : 32.948KB
- Sub Update :2024-10-06
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links: