විෂන්ගේ ඔලුව ඇතුළට පැනපු අර මිනීමරු කෘත්රිම බුද්ධිය එළියට පන්නන්න එයාගෙ අනිත් ඒ අයි පද්ධති ටික ලොකු උත්සාහයක් ගන්නවා. ඒ අතරතුර විෂන්ගෙ හිස තුළ අර හිර වෙලා හිටපු කෙනා එක්ක එයා කතා කරන්න පටන් ගන්නවා. එයාට ඕන වෙන්නේ මොකක්ද කියලා විෂන් අහනවා. එයාලා එකතු වෙලා මේ මිනීමරු ගැහැණු කෙනා ඉලක්ක කරන අය ගැන තොරතුරු සොයන්න පටන් ගන්නවා. මේ පරීක්ෂණ වලදී එයාලා ඉන්ටර්පෝල් ආයතනයේ දත්ත පද්ධතියට හොරෙන් ඇතුළු වෙන්න උත්සාහ කරනවා. ඒකෙදි එයාලට රොබෝවෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න කැබ්චා පරීක්ෂණයක් පහු කරන්න වෙනවා. අමාරුවෙන් ඒ දත්ත ප්රවේශය ලබා ගත්තට පස්සේ එයාලට දැනගන්න ලැබෙනවා මීළඟට ඉලක්ක කරලා තියෙන්නේ කටරිනා වෙල්ස් කියන තැනැත්තිය කියලා. ඊටපස්සේ එයාලා එම ගාලා උත්සවයක් අසලට යනවා. ඒ අතරතුර තෝමස් දැනගන්නවා විෂන් එයාගෙ මතකය ඇතුළේ අල්ට්රොන්වත් රහසින් හංගගෙන හිටියා කියලා. ඒ ගැන තෝමස්ට ලොකු කේන්තියක් ඇති වෙනවා. උත්සවය අතරතුර අර මිනීමරු ගැහැණු කෙනා එකපාරටම එළියට පැනලා ප්රහාරයක් එල්ල කරන්න පටන් ගන්නවා. විෂන් එයාව නවත්වන්න උත්සාහ කළත්, සටන අතරතුර විෂන්ගේ පද්ධතියේ දෝෂයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී විෂන් තමන්ගේ පාලනය අල්ට්රොන්ට ලබා දෙනවා. ඒත් අල්ට්රොන් කරන්නේ වෙනත් නරක වැඩක්. එයා අනිත් ඒ අයි පද්ධති ඔක්කොම සිස්ටම් එකෙන් පිටතට අගුලු දාලා අයිතිය අරගන්නවා. ඒ විතරක් නෙවෙයි, අල්ටරොන් හිතාමතාම අර ඉලක්ක කරපු කටරිනාව ආරක්ෂා කරන්නේ නැතුව එයා මියයන්න ඉඩ හරිනවා. අන්තිමට තෝමස් පුදුමයෙන් බලාගෙන ඉද්දී අල්ට්රොන් පාලනය කරපු විෂන් එතනින් පිටවී යනවා.
VisionQuest (2026)