Fearless Hyena හෙවත් අකීකරු මුණුබුරා.
ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් අපි ලබා දෙන චිත්‍රපට ගොන්නට අද අරගෙන ආවෙ බොක්ස් ඔෆීස් ආදායම් ලැබූ ඔහුගේ තවත් පැරණි සිනමා පටයක්. ගොඩක් අය ජැකීව දන්නෙ නලුවෙක් හැටියට. නමුත් ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුත් එනවා. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂනය තමයි මේක. ඒ විතරක් නෙමේ මේක ලියල තියෙන්නෙත් ජැකීමයි. චිත්‍රපටය Xiao quan guai zhao හෙවත් Fearless Hyena. මුලින්ම තිරගත වුනේ 1979 පෙබරවාරි 17. මේක හොංකොං ෆිලුමක්. Action, Martial Arts, Comedy, Kung Fu යන වර්ග වලට අයත් වෙනවා. ජැකීගේ අනෙක් ෆිල්ම් වගේම මුල ඉඳන් අගටම සිනාවෙන් පිරුණු පට්ට කොමඩියක්. ඔහුගේ මාෂල් ආට් හැකියාවත් ඉහලින්ම පෙන්වූ චිත්‍රපටයක්. විශේෂයෙන්ම කිසිම කාන්තා චරිතයක් නැති, අසභ්‍ය දර්ශන නැති පවුලේ සැමට එකට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. IMDb අගය 6.7/10 ක්ද, Rotten Tomatoes අගය 66% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 92% ක්ද ලබාගෙන තියෙනවා. හොංකොං හීදී හොංකොං ඩොලර් මිලියන 5.4 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත් වූ මෙය විනාඩි 97 ක ධාවන කාලයකින් යුක්තයි. jackie Chan (ලුන්ග්) ට අමතරව රංගනයෙන් එකතු වෙන්නේ James Tien (චෙන් පැන්ෆෙයි), Chan Wai-lau (යුනිකෝන්) සහ Yam Sai-koon (යෙන්).

ලුන්ග්ගෙ දෙමාපියන් නෑ. එයාව හදාවඩා ගන්නෙ එයාගෙ සීයා චෙන් පැන්ෆෙයි විසින්. ඔහු දක්ෂ සටන් කලා ගුරුවරයෙක්. ඔහු ලුන්ග්ටත් කුංෆු ඉගැන්නුවත් ඔහු ඒක බරපතලව ගන්නෙ නෑ. ඔවුන්ගේ වංශයේ කුංෆු ශෛලිය කාටවත් නොපෙන්නන ලෙස ලුන්ග්ට තරයේ අවවාද කර තිබියදීත් ඔහු සටන් පාසලක සල්ලි වලට උගන්නන්න යනවා. අති දක්ෂ සටන් මාස්ටර් කෙනෙක් වන දුෂ්ට “යෙන්” බොහෝ කාලයක සිට ලුන්ගේ සීයාව හොය හොය ඉන්නෙ. යාලුකමකට නෙමේ, මරන්න. ඔහු චෙන් පස්සෙ අවුරුදු 10 තිස්සේ පන්නන්නෙ. අවසානයේ ලුන්ගේ වැඩ නිසාම “යෙන්” ලුන්ගේ සීයා, චෙන් ඉන්න තැන හොයාගන්නවා. ඉතුරු ටික බැලීම ඔයාලට බාරයි.
ජය වේවා.
SUB FORMAT – SRT & IDX
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට
උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. ලොකු සේවාවක් මේ කරන්නේ. වටිනම වැඩක් මේක. දිගටම පැරණි ෆිල්ම් දෙන්න. මේ ෆිල්ම් ටිකටත් සබ් දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ.
The Fearless Hyena 2 – 1983
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
My Lucky Stars – 1985
Twinkle Twinkle Lucky Stars – 1985
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
download karanna bane 🙁
man check kalaa. ehema awulak ne, Sahoi. aaye try karanna.