Beast (2022) Sinhala Subtitle

May 22, 2022 Expert Subtitler
මෘගයා

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. දිගු නිහැඬියාවකට පස්සේ ආයේ වතාවක් Subz Lk වෙබ් අඩවිය වෙතට ගොඩ වැදුණේ දමිළ සිනමාවේ සුපිරි නළු විජේගේ අලුත්ම චිත්‍රපටය වන බීස්ට් චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. විශේෂයෙන්ම කියන්න ඕනේ, මැයි 11 වෙනිදා OTT මාධ්‍යයන් හරහා චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණත්, කාර්යබහුලත්වය සහ විදුලි කප්පාදුව නිසා උපසිරැසිය ගේන්න පරක්කු වුණා.

හරි, එහෙනම්. චිත්‍රපටයේ විස්තර පැත්තට හැරුණොත්, 2022 අප්‍රේල් 13 තිරගත ආරම්භ කරපු බීස්ට් චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නෙල්සන් දිලිප්කුමාර් විසින්. ඒවගේම අනිරුද්ගේ සංගීතයෙන් චිත්‍රපටය හැඩ වෙලා තියෙනවා. Action, Comedy, Crime, Thriller යන වර්ගීකරණයට අයත් වෙනවා. විජේ සහ සුරූපි නිළි පූජා එක්ව රංගනයෙන් දායක වන පළවෙනි චිත්‍රපටය මෙය වන අතර කේ. සෙල්වරාඝවන්, ශයින් ටොම් චාකෝ, යෝගි බාබු, රෙඩින් කින්ග්ස්ලි, වීටීවී ගනේෂ්, ශාජි චෙන්, අපර්ණා දාස්, සතීෂ් ක්‍රිශ්ණන්, ලිලිපුට්, අන්කුර් විකල්, සුනිල් රෙඩ්ඩි, ශිවා අරවින්ද් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. පැය 2යි විනාඩි 35ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා කෝටි 150ක පිරිවැයක් දරා ඇති අතර උපයා ඇති මුදල කෝටි 250ක් පමණ වෙනවා. ඒවගේම IMDb ශ්‍රේණි දර්ශකයේ 5.4ක අගයක් ලබාගෙන තියෙන අතර වඩාත් ජනප්‍රියට පත්, චිත්‍රපටය තිරගත වීමටත් පෙර යූටියුබ් එකට මුදාහැරුණු Halamithi Habibo Lyric Video ගීතය මේ වන විට යූටියුබ් එකේ නැරඹුම් වාර මිලියන 400 ඉක්මවා ගිහින් තියෙනවා.

එහෙමනම්, චිත්‍රපටය රස විඳින්න කියන ගමන් මං දැනට සමුගන්නවා. ඔබ සැමට බුදු සරණයි!

 ලබා දී ඇති උපසිරැසි Proper HDRip/WEB-DL පිටපත් සඳහා ගැලපේ.

Available Torrents
720p web 1.41 GB
1080p web 2.89 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (2)
  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 101

    අම්මෝ, කාලෙකට පස්සෙ. එල එල.

  • Supun Kaushalya Unregistered
    Android 12 Chrome 101

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search