A Legend (2024) Sinhala Subtitle
අයිස් යට සැඟවුණු අතීත ආදරයක් සොයා
කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන චිත්‍රපට වලට සමාන නිර්මාණයක්. එයිනුත් Myth චිත්‍රපටයට ගොඩක් ළගින් යනවා. තවත් විශේෂත්වයක් තමයි මේ චිත්‍රපට තුනම ලියා, අධ්‍යයක්ෂනය කලේ හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Stanley Tong. බොක්ස් ඔෆිස් ආදායමක් පවා උපයා ගැනීමට සමත්වූ "අ ලෙජන්ඩ්" Action / Adventure / Comedy / Drama / Fantasy වර්ගයේ චිත්‍රපටයක්. පැය 2 විනාඩි 9 ක ධාවන කාලයකින් යුතු මෙහි ජැකී, හැන් රාජ වංශයේ අශ්වාරෝහක හමුදාවේ ජෙනරාල්වරයෙක් ලෙස සහ වර්තමානයේ පුරාවිද්‍යාඥයෙක් ලෙස කාල අවකාශ දෙකක චරිත දෙකක් රඟපානවා. Jackie Chan (ප්‍රොෆෙසර් ෆැන්ග් / ෂාඕ ෂෙන්) සමග Gülnezer Bextiyar (මෙන්ග් යුන්),
Lay Zhang (වැන්ග් ජින්/හුආජුන්), Xiao Ran Peng (ෂින්රන්) සහ Aarif Rahman (හුඩුනා) රංගනයෙන් එකතු වෙනවා.
මහාචාර්ය ෆැන්ග් පුරාවිද්‍යාඥයෙක්. ඔහුගේ සහායකයින් දෙන්නා තමයි තරුණ වැන්ග් ජින් සහ ෂින්රන්. පුරාවිද්‍යා කැණීමකදී හමුවන ජේඩ් පෙන්ඩනයක බලපෑම නිසා ෆැන්ග්ට සහ වැන්ග් ජින්ට, වසර දහස් ගණනකට පෙර කාලයක සිදුවීම් වගයක් හීනෙන් පෙනෙන්න ගන්නවා. ඒ හීන වලට අනුව කාලයේ මේ දෙන්නා චීන හැන් රාජ වංශයේ අශ්වාරෝහක බල ඇණියේ ජෙනරාල්වරු දෙන්නෙක්, ඒ වගේම යාලුවො. මේ දෙන්නම ආදරය කරන්නෙ එකම කාන්තාවකට. ඇය මෙන්ග්යුන්. හැන් දේශය ආක්‍රමණය කරන හුන් කුමාරයෙක් වන හුඩුනා අතිශය දරුණු අයෙක්. ඔහුත් මෙන්ග්යුන්ව අයිති කරගන්න හැමදේම කරනවා. නමුත් මේ කතාවෙ ඉතුරු ටික කාටත් අභිරහසක්. ඒ වගේම හුන්වරුන් විසින් පැහැරගත් විශාල ධන නිධානයක් ගැනත් අතීත කතාවක් පැන නැගෙනවා. ඉතින් මේ කතාවේ අවසානය කොහොමද වුනේ? සිව්කොන් ආදර කතාව කෙසේ විසඳුනාද? ජේඩ් පෙන්ඩනය මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නෙ? අර ධන නිධානයට මොකද වුනේ? ප්‍රශ්න ගොඩයි නේද? පැය දෙකක් පුරා ඔබව අමුතුම අවකාශයකට අරන් යන මේ රසවත් නිර්මාණය නරඹමු.
විශේෂයෙන්ම කියන්න ඕනෙ, ඔයාල මේකෙ අපි දීලා තියෙන ලින්ක් වලින් BR කොපියම බාගන්න. මොකද වයිටීඑස් එකෙත් තාම තියෙන්නෙ WEB කොපිය. ඒකෙ අමුතුම භාෂාවක් තියෙන්නෙ. මොකක්ද මන්දා. ඒ ඇරුනම හාඩ්කෝඩ් කරපු චීන සහ ඉංග්‍රීසි උපසිරැසිත් තියෙනවා. ඒ නිසා වයිටීඑස් කොපිය දැනට ගන්න එපා. මේක පවුලේ සැමටම එකට ඉඳන් රසවිඳිය හැකි නිර්මාණයක් බවත් මතක් කරනවා. මේ චිත්‍රපටය ආපු දවස්වල බැලුවට මුලුමනින්ම අමතක වෙලා තිබ්බෙ. ඒක මතක් කරල දුන්නු හර්ෂණ ප්‍රතිමාල් සහෝදරයාටත් ස්තූති කරමින් මා නවතිමි.
ජය වේවා.
Quality // 480p - 600mb // 720p - 850mb // 1080p - 2.6gb
♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣
Android 10Chrome 120
නියමයි….ඔහොම යන් දිගටම..
Windows 10Chrome 137
Thanx.