Black Mirror (2011) [S02 : E04] Sinhala Subtitle

August 10, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

ශ්වේත නත්තල

IMDB Rating – 9.1

හොඳයි එහෙමනම් ටික කාලයකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්නේ. ඒ වගේම මේ කතාමාලාවේ කොටසක් ගේන්න ලොකු කාල සීමාවකට පස්සේ. මේ පාර නම් මේ කතාව දැනට ඇවිල්ලා තියෙන සියළුම කොටස් වලට දීලා ඉවර කරනවා.

ඉතින් මේක බලපු අය දන්නවා මේ කොයි වගේ කතාවක්ද කියලා. ඒ වගේම මම නැවතත් කියනවා මේක anthology series එකක්. ඒ කියන්නේ මේකේ කිසිම කතාවක් එකිනෙකට සම්බන්ධ නෑ. හරියටම කිව්වොත් පොඩි ෆිල්ම් එකක් බලනවා වගේ තමා. ඉතින් මෙච්චර කල් නොබලපු කෙනෙක්ට මේ කතාව මේ කොටසේ ඉඳන් උනත් බලත හැකි. මන් නම් කියන්නේ මේ වගේ කතාවක්වත් නොබලනවනම් ඇති වැඩේ මොකද්ද? මන් මේකට සබ් ගහන හින්දම කියනවා නෙමේ. මේකේ සමස්ත IMDB Rating එක 8.8යි. ඒ වගෙම Top Rated TV Show වල 51 වෙනි ස්ථානය. කොටින්ම කිව්වොත් මේකේ එපිසෝඩ් වලට ලොකු වියදමක් දරලා තියෙනවා නිෂ්පාදකවරුන්. ෆිල්ම් එකක් තරමට වියදමක් දරනවා. කොටින්ම කිව්වොත් හැම එපියකම වෙනස් වෙනස් නළුවෝ. සමහර අය ෆිල්ම් වලම රඟපාන උදවිය. ඇත්තටම ෆැන්ටැසි වල හිර වෙච්ච අය නම් නොබැලුවත් කමක් නෑ, ඉහළ රසවින්දනයක් තියෙන අයට තමා ඉතින් මේ කතා නිර්මාණය වෙන්නේ.

මෙම කතාව මේ වෙනකොට නිර්දේශ කිරීම් 88කට යෝජනා වෙලා, ඒකෙන් සම්මාන 24ක් දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ මන් කලින් ගෙනාව ඔසාර්ක් එකටත් වැඩියෙන් මේ කතාවට සම්මාන හිමි වෙලා තියෙනවා. එතන EMMY Awards විතරක් 6ක් තියෙනවා. ආයේ මන් කියන්නෙ නෑ මේ කතාව බලන්න කියලා. කියලා වැඩක් නෑ. මෙච්චර සාක්ෂි සාධක දුන්නටත් පස්සේ.

එතකොට අද කතාව 2014 නත්තල් සමයේදි විකාශය උනු විශේෂ කතාංගයක්. නිකන්ම කතාංගයක් නෙමේ, ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරය තියෙන කතාව තමා මේ. මේ කතා මාලාවේ මුල ඉඳන්ම තිබ්බ පොදු තේමාවක් තිබ්බනේ. තාක්ෂණය. තාක්ෂණය කොච්චර දියුණු ද, අපි ඒකට කොච්චර වහල් වෙලාද, ඒකෙන් අවසානයේදී අපිට ලැබෙන අහිතකර ප්‍රතිඵලේ මොකද්ද කියන එක මේ කතාවෙ නිතරම පෙන්නුවා. ඉතින් අද කතාවේදී මුලදිම පෙන්නන්නේ අපිට උප්දේශකවරයෙක්. එයා විනෝදාංශයට කෙල්ලෝ සෙට් කරගන්න බැරි කොල්ලොන්ට උපදෙස් දෙනවා. ඒ කිව්වේ ඔයාට කෙල්ලෙක් ගාවට ගිහින් එයාට ටෝක් කරගන්න බැරි නම්, ඔයාගේ ඇස් දෙකේ තියෙන කැමරාවකින් ඒ කෙල්ල දිහා බලලා එයාව හොඳට විශ්ලේෂණය කරලා ඒ කෙල්ලට දැලේ දාගන්න උපදෙස් දෙනවා කෙනෙක් තිරය පසුපස ඉඳන්…..

ඉතින් මන් ඔය කිව්වේ කතාවේ මුල්ම හරියේ කොටසක්. ඕක කතාවේ අවසානයට ඇති සම්බන්ධයකුත් නෑ වගේ. මේ කතාව බලල ඉවරවෙද්දී හිතෙයි, මොන මඟුලක්ද ඒ උනේ කියලා. උඩු යටිකුරු වෙලා තියෙයි. ඒකට කතාව බලලම ඉන්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (4)
  • Hashan Priyadarshana User
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි Raveen බ්‍රෝ අන්තිමට කොහොමහරි මේකට සබ් දෙන්න ගත්තා නේ ආයෙ :slight_smile::punch:.. මේ සැරේ මේක ඉවරයක් වෙනකන්ම දෙන්න :slight_smile:..
    බ්‍රෝ season 2 එකේ 4වෙනි කොටසක් නෑ නේද 3යිනෙ තියෙන්නේ episodes, මේ අර special episode එකේ සබ් එකද ☺

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      ow saho. me special episode ek.
      IMDB eke thiyenne eka s02e04 wdyta.
      ithn mn e wdytma dmm:blush::blush:

    • Hashan Priyadarshana User
      Android 9 Chrome 80

      ආ එහෙමද :slight_smile::slight_smile:.. thank you thank you බ්‍රෝ :punch:

  • Sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search