අහිංසක ඝාතකයා
පැරණි චිත්‍රපට බලාපොරොත්තුවෙන් Subz.lk සමඟ රැඳී සිටින හිතවතුන් වෙනුවෙන් මෙවර අරගෙන ආවෙ සුපිරි සටන් නලු ජෙට් ලිගේ Hitman නොහොත් Contract killer ( ඇමරිකන් ඉංග්‍රීසි පිටපත ) චිත්‍රපටයයි. ඔබ වෙත ලබා දී ඇත්තේ ඔරිජිනල් චීන පිටපතයි. මුලින්ම තිරගත වූයේ 1998 අප්‍රියෙල් 03 දින හොංකොංවලදියි. හොංකොං ඩොලර් 10,296,852 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙනත් තියෙනවා. ධාවන කාලය විනාඩි 104 ක් වන අතර Action, Comedy, Crime, Thriller යන ශානරයන්ට අයිතියි. IMDb අගය 6.2/10 ක්ද, Rotten Tomatoes අගය 80% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 84% ක්ද ලබාගෙන තියෙනවා. කොමඩිත් සමග සුපුරුදු ජෙට් ලිගෙ හැකියාවන් සපිරි ෆිලුමක්. ජෙට් ලි ගැන ආයෙ කියන්න ඕන නෑනෙ. Jet Li ( ෆූ ) සමඟ රංගනයෙන් එකතු වෙනවා Eric Tsang (නෝර් ), Simon Yam (චෑන් ක්වාන්) සහ Gigi Leung ( කිකී).
හොංකොං හී ධනවත් ජාවාරම්කාර ව්‍යාපාරිකයෙක් වන ජපන් ජාතිකයෙක්ව, ඝාතකයින්ගේ රජු ලෙස හැඳින්වෙන “killing Angel” නමැති ඝාතකයෙක් විසින් මරාදමනු ලබනවා. මේ ජපන් ජාතිකයා තමන්ව ඝාතනය කලොත්, එයට පලිගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100 ක අරමුදලක් පිහිටුවල තියෙනවා. ඝාතකයා සහ ඒ ඝාතකයා කුලියට ගත් කෙනා හොයාගෙන මරල දාන කෙනාට ඒ සල්ලි ලැබෙනවා. ඉතින් ජපන් ජාතිකයාගෙ මරණයත් එක්ක අරමුදල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ලොව පුරා සිටින අංක එකේ ඝාතකයන් රැසක් මේ තරගෙට අවතීර්ණ වෙනවා. ඉන් එක්කෙනෙක් තමයි ෆූ. චීන වැසියෙක්. හිටපු ගෝල්ඩන් ට්‍රෑන්ගල් හමුදා සෙබලෙක්. මෙයා මිනී මරුවෙක් නම් නෙමේ. දුප්පත්කම නිසා කීයක් හරි හොයාගන්න හොංකොං ආපු කෙනෙක්. තමාගේ සියලුම ආර්ථික අහේනිකම් වල කෙලවරක් දකින්න ෆූත් මේකට සම්බන්ධ වෙනවා. ඔහුට අනුග්‍රහය දක්වන්නෙ ඝාතකයන්ගේ ඒජන්ට් කෙනෙක් කියාගන්නා මිස්ට නෝර්. අංක එකේ තක්කඩියෙක්. ජපන් ජාතිකයාගෙ මුනුබුරා වන ඊජීත් තමාගෙ ගැන්සිය සමඟ මේ ගේමට බැහැල තියෙන්නෙ. මේ පාතාල ක්‍රිකාරකම් වලට ඇහැ ගහගෙන ඉන්න දක්ෂ අවංක පොලිස් නිළධාරියෙක් තමයි චෑන් ක්වාන්. ඉතින් මේ සියල්ලන්ගේම ගැටුම කොහොමට තියේවිද? මේ “killing Angel” කවුද? මුල සිට අවසානය දක්වා කුතුහලය රඳවා තබාගනිමින් සටන් දර්ශනයන්ගෙන් පිරුණු ‘හිට්මෑන්’ ඒ සියල්ලටම පිළිතුරු ලබා දේවි.
ජය වේවා.
QUALITY – 720p 957 MB / 1080p 1.9 GB
SUB FORMAT – SRT & IDX
♣♣ BRRip / 720p / 1080p ♣♣
Information

Year :
1998
Genre :
Action,comedy,crime
Actors :
Jet Li,Eric Tsang,Simon Yam
Writer : N/A
Director :
Wei Tung
Plot : Contract Killer: Directed By Wei Tung. With Jet Li, Eric Tsang, Simon Yam, Gigi Leung. Two Hitmen, One A Novice And The Other A Veteran With Poor Luck, Band Together To Find The "King Of Killers" For Whom There Is A Large Reward.

සිංහල උපසිරැස Download කරගන්න 208 times
6.2
80%
0%
තෑන්ක්ස් සබ් එකට
ගොඩක් ස්තූතියි, බ්‍රදර්.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ චිත්‍රපට ටිකටත් සබ් දෙන්නකෝ සහෝ.
Fearless Hyena 2 – 1983
My Lucky Stars – 1985
Twinkle Twinkle Lucky Stars – 1985
Kids From Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
Once Upon a Time in China Collection
අනිවාරෙන් කරමු. ස්තූතියි, ශාමල්.
අයියේ, බොහොම ස්තූතියි කියනවා ඇරෙන්න වචන නෑ.
මෙව්වනේ ෆිල්ම්. සුපිරියි! ඔයාට පිං සිද්ධ වෙන්න තමා පරණ ෆිල්ම් බලන්න පුළුවන් වෙන්නේ. දිගටම පරණ ඒවට සබ් දෙන්න.
ස්තූතියි, ළහිරු. ඔයාලගෙ දිරිගැන්වීම නැත්නම් මම පරණ ෆිල්ම් වැඩේ නවත්තලා. ඒත් ඔයාලගෙ වචන වලින් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙනවා.
බොහොම ස්තුතියි මේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට මේකත් එක්තරා විදියක පිනක් තමා
mewa nam hodai thanks