Cursed (2020) [S01 : E01] Sinhala Subtitle
!…නිමුඒ…!
කොහොමද කට්ටියටම, ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම සබ් එකක් අරං ආවා. මුලින්ම කියන්න ඕනේ ඉක්මනට මම legacies වල සබ් එක දෙන්න බලන්නම්. ඒ වගේම මම, මිහිර සහෝදරයා, සහ රවීන් සහෝදරයා එකතු වෙලා තමයි කරන්නේ. මුලින්ම කරන්න ටිකක් බැහැ වගේ කියලා හිටියත් පස්සේ අපිට ලැබුණු ඉල්ලීම් එක්ක අපි තුන් දෙනා මේක කරන්න හිතුවා. කොහොම හරි ඉතින් මේ සතිය ඇතුලත මේ කතාව දීලා ඉවර කරන්න අපි කටයුතු කරනවා. එහෙනම් අපි යමු මේ ආතර් රජුගේ සහ මර්ලින්ගේ පුරාවෘතය දිග හැරෙන කතාව දෙසට……! (ඇත්තටම ආතර් මර්ලින් පුරාවෘතයමද?)
හොඳයි ගිය ජූලි 17 වෙනිදා වෙනකොට තමයි මේක නෙට්ෆ්ලික්ස් ලා රිලීස් කරේ. imdb අගය 5.4 ලෙස පොඩ්ඩක් අඩු අගයක සටහන් වෙලා තිබ්බත් මේක එන්න කලින් ඉඳන්ම සෑහෙන්න ලොකු හයිප් එකක් මේක වෙනුවෙන් තිබ්බා. මොකද කලින් කිව්වත් වගේ මේ මර්ලින්-ආතර් පුරාවෘතය වටා මේ කතාව යන නිසා. ඉතින් මම උඩින් ප්‍රශ්නයක් අහලා තියනවා. මම කතාව ගැන මුකුත් කියන්නේ යන්නේ නැහැ පටන් ගැන්ම නිසා. කතාව බලලා ඔයාලා ඒ ප්‍රශ්නයට උත්තර හොයා ගන්න ඕනේ.
මේ cursed කතාව ඇමරිකන් ෆැන්ටසි වෙබ් කතාවක්. ඒ වගේම මේක හදලා තියෙන්නේ ෆ්‍රෑන්ක් මිලර් සහ ටොම් වීලර් විසින් ලිව්ව මේ නමම තියන නවකතාවක් පාදක කරගෙන. මෙහි ශානරයන් ගතහොත් Adventure, Drama, Fantasy යන ඒවාට අයත් වෙනවා. ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නෙත් මේ කතාව හැදුව දෙන්නම තමයි. ඒ වගේම මේ සීසන් එක කොටස් 10 කින් සමන්විත වෙනවා. තව මේ කතාව ගූගල් පරිශීලකයන් ගේ 85% කැමැත්ත සහ කුණු තක්කාලි දර්ශකයේ අගය 72% ගන්නත් සමත් වෙලා තියනවා. මේ කතාව රූගත කරලා තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් වල. ඒ වගේම රඟපාන නළු නිළියන් ගත්තොත්,
Katherine Langford (13 reason why හී හැනා බේකර්) – නිමුඒ
Devon Terrell – ආතර්
Gustaf Skarsgård – මර්ලින්
Daniel Sharman – අළු යතිකයා
Sebastian Armesto – ඌතර්
Lily Newmark – පිම්
Shalom Brune-Franklin – සිස්ටර් ඉයිග්රෙන්
Peter Mullan – කාර්ඩන් පියතුමා
ඉතින් මේ විදිහට තමයි රඟ පාන නළු නිළියන්. එහෙනම් ඊලඟ කොටසත් එක්ක ඉක්මනට හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා කියලා පතනවා!
sub ekta thanks bro
lipiyath deela thynwa niyametama:fire::fire:
thank you
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Patta##*
බොහොම ස්තුතියි නියම වැඩක්
නියමයි යාළුවා.
සුපිරිම කතාවකටනේ සබ් දෙන්න පටන්ගෙන තියෙන්නේ.
මරු!:star_struck::star_struck::star_struck:
සබ් එකට ස්තූති සහෝ..
thanks. …………good luck. ……
Patta##
ඔන්න මාත් කතාව බලන්න ගත්තා ..nice work bro..මට bbc ලාගේ මර්ලින් මතක් වුනා ..මොනවා වුනත් කියන්න ඕන CGI එහෙම ලස්සනට තිබ්බා ..අහන්න දෙයක් නැහැ එතින් netfilx ලාගේ වැඩක් නේ …මේක කතාවට අදාල නැහැ ..එත් කැතරින් ටිකක් මහත් වෙලා වාගේ නේ ද ?
ඒක නම් ඇත්ත. cgi වල නම් ටිකක් අවුලුත් තිබ්බ නැත්තේම නැහැ. මෙයාලා විචර් ගහන නිසා, බජට් එක මේකට වැඩිය වියදම් කරන්නේ නැතුව ඇති. කැතරින් මහත් වෙලා තමා. කොහොම නමුත් කතාව නම් සෑහෙන්න හොඳයි.
niymai ! math blnna gaththa thanx sub ekata.:heart_eyes:
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
Thank you all