මකරාගේ සටන
Dragon Fight aka Lung joi tin aai කියන්නෙ 1989 සැප්තැම්බර් මස 01 දින මුලින්ම තිරගත වුනු, ජනප්‍රිය සටන් නලු ජෙට් ලිගෙ Action, Crime, Thriller ශානරයන්ට අයත් වෙන Hongkong ෆිලුමක්. ජෙට් ලිගේ ප්‍රථම ඇමරිකන් චිත්‍රපටය කියල කිව්වොත් නිවැරදියි. 5.9/10 ක IMDb අගයක් ලබාගෙන ඇති අතර හොංකොං ඩොලර් 6,815,936 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයා ගැනීමට සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂනය Billy Tang. මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නෙත් ජෙට් ලිගෙ ආදරණීය බිරිඳමයි. ඒ තමයි ජනප්‍රිය හොංකොං නිලි Nina Li Chi. මීට අමතරව Jet Li සමග රංගනයෙන් දායක වෙන්නෙ තවත් ජනප්‍රිය නලුවෙක් වන Stephen Chow. ඔයාලට මතක ඇතිනෙ Shaolin Soccer[1991] චිත්‍රපටය. අන්න ඒ පොර. ධාවන කාලය මිනිත්තු 96 යි.
ජිමී (ලී) සහ ටයිගර් ඇමරිකාවට යන්නෙ චීන සටන් කලා සංදර්ශනයකට. මේ දෙන්නා කුඩා කල පටන්ම අඹ යාලුවො. ටයිගර්ගෙ යටි අදහස වෙන දෙයක්. ඔහුට ඕනෙ හොරෙන් ඇමරිකාවෙ නවතින්න. ඒ උත්සාහයේදී ඔහු අතින් පොලිස් නිලධාරියෙක් මරණයට පත්වෙනව. ඒ ස්ථානයේ වැටිල තිබිල ජිමීගෙ අයිඩී කාඩ් එකක් නිසා පොලීසිය ඔහුව අත් අඩංගුවට ගන්නවා. මිනීමැරුම් චෝදනාව ජිමීට එල්ලවන අතර ජිමී අත් අඩංගුවෙන් පැනල යනවා. මේ වනවිට ටයිගර් මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමකට එකතුවෙලා ඉන්නෙ. ඒ ජාවාරම් කණ්ඩායම් අතරත් ගැටුම් තියෙනවා. ටයිගර් සොයා යන ජිමීටත් ඒ මැර කණ්ඩායම් වලට මුහුණ දෙන්න වෙනවා. ජිමීගේ සහ ටයිගර්ගේ ඉරණම් කෙසේ විසඳේවිද?
ජය වේවා.
QUALITY//480p – 400MB//720p – 900MB//1080p – 1.7 GB
SUB FORMAT // SRT IDX TV
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට සහෝ ඔයා විතරයි දැන් සයිට් එකේ සබ් දෙන්නෙත් ගොඩක් වටිනවා මේ වගේ පරණ ෆිල්ම්වලට සබ් දෙන එක.. නවත්වන්න එපා දිගටම සබ් කරන්න
අපේ කට්ටිය එක් එක්කෙනා අඩුවුනා, සුපුන්. එයාලටත් වැඩ වැඩි ඇති. ආයෙත් අපි එක්ක එකතු වේවායි කියලයි නිතරම ප්‍රාර්ථනා කරන්නෙ. ඉතින් කට්ටිය එකතු එනකල් දිගටම මමයි ඇඩ්මිනුයි හරි සයිට් එක කරගෙන යනවා. කිසිම ලාබයක් නැතුව අපි මේක කරන්නෙ ඔයාල වෙනුවෙන්නෙ. ඉතින් ඔයාලගෙ එක වචනයක් පවා අපිට හයියක්. තෑන්ක්ස්.
සෑහෙන කාලෙකට පස්සේ තමා මේ වගේ පරණ ෆිල්ම් එකකට සබ් එකක් දුන්නේ. පුළුවන් වෙන හැමවෙලාවකටම සබ් එකක් කරන්න. තෑන්ක්ස්.
ඉඩ ලැබෙන විදිහට සබ් කරනව, ලහිරු. අනිවාරෙන්.
උපසිරසියට බොහොමත්ම ස්තූතීයි සහෝ.
දිගටම පැරණි ෆිල්ම් සබ් කරමු.
කවදාවත් සහෝ දෙන පරණ ෆිලුමක් නොබලා ඉන්නේ නෑ.
දුර්ලභ ෆිල්ම් වලට තමයි මම නිතරම සබ් කරන්න බලන්නෙ. ඒවට සැබෑවටම කැමති 50 දෙනෙක් ඩවුන්ලෝඩ් කලත් මට ඇති. ස්තූතියි, ශාමල්. හැබැයි දේශපාලනය සම්බන්ධ “අකුරක්වත්” මේ සත් කාර්යයට අපි ගාව නොගෙන ඉමු.
thaniyama gahana gema supiri machooo. thanks
Thanx saho, Dirigenweemata.