මෙහෙමත් යාලුවෝ දෙන්නෙක්..
Subz.lk සමඟ අත්වැල් බැඳන් සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් මෙවර අරගෙන ආවේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජැකීගේ තවත් පැරණි සිනමා පටයක්. ඒ තමයි 1982 ජනවාරි 21 දින හොංකොංහීදී ප්‍රදර්ශනය ආරම්භ කල Dragon Lord. ජැකී විසින්ම ලියා අධ්‍යක්ෂනය කල තවත් සිනා සාගරයක්. Action, Comedy, Martial Arts ගණයට වැටෙන මෙය හොංකොංහී ප්‍රදර්ශනයෙන් උපයාගත් බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. 2,954,917 ක්. එය අපේක්ෂා කල තරම්ම සාර්ථකත්වයක් නොවූ නමුත් ජපානය ඇතුලු නැගෙනහිර ආසියාවේ එය සුපර් හිට් විය. ඇ.ඩො.මිලියන 4.38 ක් උපයාගනිමින් 1982 වසරේ ජපානයේ ඉහලම ආදායම් ලත් චිත්‍රපට අතරේ නව වැනි ස්ථානයටද, ඇ.ඩො. 152,551 ක් උපයාගනිමින් තායිවානයේදී 14 වන ස්ථානයටද පත්විය. ඇ.ඩො. 1,223,350 ක් උපයාගනිමින් දකුණු කොරියාවේ 1982 වසරේ ඉහළම ආදායම් වාර්තාව තැබීමට සමත්වූ “ඩ්‍රැගන් ලෝඩ්”, නැගෙනහිර ආසියාව තුල අති සාර්ථක වෙමින් ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 23 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්වුනා. Jackie Chan ට අමතරව ජැකීගේ අතිජාත මිත්‍රයා ලෙස Mars සහ ලායි ලෙස Shirley Yim රංගනයේ යෙදෙනවා. Lung siu yeh, Dragon Strike ලෙසද හැඳින්වෙන මේ සිනමා පටය ධාවන කාලය විනාඩි 102 කි. ඒ වගේම කියන්න ඕන කිසිඳු අසභ්‍ය දර්ශනයක් හෝ වචනයක් නැති පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්.
ලුන්ග් සහ නගව් පොඩි කාලෙ ඉඳලම අඹ යාලුවෝ. නමුත් දෙන්නා කෙල්ලෙක් නිසා නම් සෑහෙන්න රණ්ඩු වෙනවා. දවසක් ලුන්ග් උතසාහ කරනවා සරුංගලේක ගැටගහල, මේ ගෑනු ළමයට ලියුමක් යවන්න. නමුත් ලුන්ගෙ ගොං යාලුවන්ගෙ දක්ෂකම නිසා ඒක කඩාගෙන ගිහින් එක්තරා ගෙදරක වහලෙට පාත්වෙනවා. ඒ ගේ නිධන් හොරු රැළකගේ මූලස්ථානයක්. උන් සොරාගත් වටිනා පුරාවස්තු වගයක් විකිණීමේ සැලැස්මකට මේ අනුව ලුන්ග් මැදිහත් වීමත් සමගම කතාව සටන් ගැටුම් ගොඩකට පරිවර්තනය වෙනවා. ජය වේවා..

තෑන්ක්ස් සහෝ
අම්මෝ! කොහොම ස්තූති කරන්නද මන්දා! ජැකීගේ ෆිල්ම් එකකට සබ් එකක් සයිට් එකේ වැටෙනවා දැක්කම මාරම සතුටක් තියෙන්නේ. කොච්චර පරණ වුණත් ආසාවෙන් බලන්නේ ජැකීගේ ෆිල්ම්. බොහොමත්ම ස්තූතියි අයියේ සබ් එකට. පුළුවන් හැම වෙලාවකම මේ වගේ ජැකී චෑන්ගේ, ජෙට්-ලීගේ ෆිල්ම් වලට සබ් දෙන්න. මොකද, ඒ ෆිල්ම් වලට ගහන්න ෆිල්ම් ඇත්තෙත් නෑ.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
තව තවත් දිගටම පැරණි චිත්‍රපට දෙන මෙන් ඉල්ලමි.
වෑන් ඩෑම්, ජෙට් ලී ගේ පැරණි ෆිල්මුත් දෙන්න.
sub download wenne na..error
mama chek kalaa. ehema awulak ne. wena divice ekakin try karala balanna.