Ferdinand (2017) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකට පස්සේ ඔන්න තවත් සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් Subz.Lk වෙත ගොඩ වැදුණා. ඇත්තටම මේ දවස්වල කාර්යබහුල නිසා උපසිරැසියක්වත් කරගන්න වෙලාවක් නෑ. පොඩි වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගෙනාවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ගෙනාපු නිර්මාණය පැත්තට හැරෙමු.
Ferdinand (2017)
2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලොව පුරා සිනමා ශාලාවල් වල තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – [Ferdinand] – Animation වර්ගයට අයත් වන මේ සිනමා නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy, Comedy කියන කාණ්ඩ වලටද අයත් වන මේ සිනමා නිර්මාණය Carlos Saldanha කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. එමෙන්ම අපි කවුරුත් දන්න John Cena ද හඬකැවීම් අංශය සඳහා දායක වෙනවා. හඬකැවීම් අංශය සඳහා දායක වන අනෙකුත් ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය.
Cast
- Jack Gore as Young Valiente.
- Jet Jurgensmeyer as Young Guapo.
- Nile Diaz as Young Bones.
- Colin H.Murphy as Young Ferdinand.
- Carlos Saldanha as Screaming Matador.
- Jeremy Sisto as Ferdinand’s Father.
- Bobby Cannavale as Valiente’s Father.
- Raul Esparza as Moreno.
- Juanes as Juan.
- Jerrod Carmichael as Paco.
- Julia Scarpa Saldanha as Young Nina.
- John Cena as Ferdinand.
හරි එහෙනම්, කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද එක වාක්‍යකින් මුළු කතාවම වුණත් කියවෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම කිව්වොත් කිසි වැඩක් නෑනේ. ඔයාලම බලන්න කොහොමද කතාව කියලා. අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු වුණා තමයි. ඒත් ආවට ගියාට උපසිරැසිය කළේ නෑ. පුළුවන් නිර්මාණශීලී විදිහටම තමා උපසිරැසිය කළේ. ඒ නිසා උපසිරැසි බාගන්න කොට Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට මම නවතිනවා. ආයෙත් තවත් දවසක සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට…
බුදු සරණයි!!!
සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.
Bohoma sthuthiyi, Thawama download kaleth naha. Sthuthi karalama wede patan gannawa.
අදහසට බොහොම ස්තූතියි.