Gorre Puranam (2024) Sinhala Subtitle October 13, 2024 Rasika Samanjith | Admin IMDB RATING 5.8 GENRES DramaGenresMoviesTelugu Movies CAST Suhas,Vishika Kota,Raghu Karumanchi බැටළුවෙක් කල හදියක් 2024 සැප්තැම්බර් 20 දින තිරගත කිරීම ආරම්භ කර, ඔක්තෝබර් 10 දින OTT හරහා ප්‍රදර්ශනය ආරම්භ කල නවතම තෙලුගු නිර්මාණයක් තමයි Gorre Puranam. බැටළුවාගේ කතාව යන තේරුම තියෙන්නෙ. Comedy, Drama, Crime විදිහට වර්ග කරන්න පුලුවන්. විශේෂයෙන්ම කොමඩි පැත්තට තමයි බර. සාහසික අපරාධයක්, දේශපාලන යටිකූට්ටු, පලිගැනීමක්, ආගමික ගැටුමක් සම්බන්ධව ගලාගෙන යන කතාවක් වුනත්, ඒ අතරින් ලස්සනට හාස්‍යය මතුකර, එය මුලු චිත්‍රපටය පුරාම රඳවාගන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා. මෙහි වැඩිය නලු නිලි පිරිසක් නෑ. ගොඩාක් ජනප්‍රිය අයත් නෑ. ප්‍රධාන නිලියක් ඇත්තෙම නෑ. ප්‍රධාන චරිතය වන රවීගෙ භූමිකාවට Suhas Pagolu පෙනී සිටිනවා. ඉස්සර බොහෝවිට දුෂ්ට චරිත වලට පෙනී ඉඳලා දැන් කොමඩි චරිත වලින් වැඩ පෙන්වන Posani Krishna Murali විනිසුරු ලෙස අමතක නොවෙන රංගනයක නිරත වෙනවා. ධාවන කාලය පැය 1 වි. 43 යි. මේ කුතුහලය දනවන කතාව ජේසු ලෙසත් හැඳින්වෙන රාම් නමැති බැටළුවෙකු වටා තමයි ගෙතී තියෙන්නෙ. හරියටම කිව්වොත් ප්‍රධාන චරිතය තමයි රාම්. බැටළු රැලක සිටින එක් බැටළුවෙක් වන රාම්ගේ සිහිනය වන්නේ, ඔහු හැමදාම කඳු මුදුනේ සිට ඈත දකින ලස්සන ලෝකයට, එනම් නගරයට එන්නයි. පැමිණීමෙන් පසු සත්ව බිලි පූජා කිරීමේ සිරිත නිසා, ඔහුට ආගම හා දේශපාලනය සම්බන්ධ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මෙම කුමන්ත්‍රණවලින් බේරීමට උත්සාහ කරන විට, ඔහුව සිරගත කරනු ලබනවා. එහිදී ඔහුට හම්බෙන මැදිරි සගයා තමයි, සිරකරු රවී. මේ රවී කියන්නේ කවුද? ඔහු හිරේ සිටින්නේ ඇයි? ඔහු බැටළුවාට සම්බන්ධ වන්නේ කෙසේද? ගොරේ පුරාණම් කතාවෙන් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ කවුරුත් නොසිතන සම්බන්ධතාවන් ටිකක් ලැබේවි. චිත්‍රපටය බලමු. ජය වේවා. QUALITY // 480p – 400mb / 720p – 700mb, 850mb / 1080p – 1.6gb ♣♣ HQ HDRip / 480p / 720p / 1080p ♣♣
Caddo Lake Subtitles dennako
බොහොම ස්තුතියි Ransomed (2023) කොරියන් චිත්‍රපටය සිංහල උපසිරස කරන්න කො