Hacker (2015) Sinhala Subtitle

/

ටික දවසක නිහැඬියාවකින් පස්සෙ ඔන්න ආයිත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක කැනේඩියානු චිත්‍රපටයක්. IMDB අගය 6.3ක්ල බාගන්නත් සමත් වෙලා තියනවා. අයත් වෙන්නේ අපරාධ/ නාට්‍යමය ඝනයට. තිරගත වුණේ මේ වසරේ.හැකර්... පහුගිය දවස්වලනම් අපේ රටෙත් ගොඩක් කතාබහට ලක් වුනානේ ජනපතිතුමන්ගේ වෙබ් අඩවිය හැක් කිරීම නිසා. ඒ වගේම එය සිදුකල පාසල් සිසුවාට සහනයක් හිමිවීමත් සතුටට කාරණයක්. නමුත් ලෝකයේ බොහොමයක් රටවල මෙය දැඩි දඬුවම් ලැබියහැකි වරදක්. ඒ නිසා දැනගියොත් කතරගම නොදැනගියොත් අතරමග වගේ දෙයක් හැකින් කියන්නෙ.ඕගොල්ලො දන්නවනේ ඩාක්වෙබ් නොහොත් අන්තර්ජාලයේ අඳුරුපැත්ත ගැන.ඩාක්වෙබ්වලට ගොඩවෙලා තියන අය දන්නවා ඇති ඇයි මේකට ඩාක්වෙබ් කියන්නෙ කියල.අන්තර්ජාල අකටයුතුකම් බොහොමයක් ඒ කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්, හොරබඩු ජාවාරම්,ක්‍රෙඩිට් කාඩ් වංචා ආදී බොහොමයක් වෙන්නෙ මේ ඩාක්වෙබ් හරහා. මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේත් මේ ඩාක්වෙබ් ගැනයි. දැන් කතාව පැත්තට යමු...

ඇලෙක්ස් ඩැනිලුක් කුඩා කාලයේම තමන්ගේ දෙමව්පියන් සමඟින් කැනඩාවට සංක්‍රමණය වෙනවා. ඒත්, කැනඩාවේ වාසය කිරීම ඔවුන්ට පහසු වෙන්නෙ නෑ ආර්ථික අපහසුතානිසාවෙන්. නාඳුනන රටක මිතුරු මිතුරියන් නැතිව ජීවත්වන ඇලෙක්ස් තම තනිකම මකාගන්නෙ තමන්ගේ මවගේ පරිගණකයෙන්. තමන්ගේ වියදම් සොයාගැනීමට ඇඩ් ක්ලික් කිරීම ආරම්භ කරනවා. ඒ අතර මවට ඇයගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ ඒ අහිංසක ගමන්මග අනිත් අතට හැරෙන අතර අවසානයේ ඔහු නතර වෙන්නේ ඩාක්වෙබ් වල. මීට වඩා කිව්වොත් වැඩක් නෑ.ඒ නිසා `ඉතිරිය නරඹලම බලන්න.කොහොමවුනත් හැකර්ලා සම්බන්ධ ගොඩක් සිනමාපටවල ඒවා ඉදිරිපත් කරන්නේ අතිශයොක්තියෙන්, ඒ කාරණය මේ සිනමාපටයටත් පොදුයි...

6.2
IMDB

Year : 2015

Actors : callan mcauliffe, lorraine nicholson, daniel eric gold, clifton collins jr.

Alex is a young Ukranian immigrant, who supports his parents by doing illegal jobs on the internet. His best friend Sye is a black market dealer, who helps Alex make money. Kira - who has ...

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 13176
  • File Size : 45.935KB
  • Sub Update :2021-01-08
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-11-21 at 5:49 am
  • Kaushan P Herath User
    Windows 10Firefox 43

    සබ් එකට තෑන්ක්ස්….Break Up(2006) ටත් සබ් දෙන්න බැරිවෙයිද…

    2016-11-27 at 3:15 pm
  • Kaushan P Herath User
    Windows 10Firefox 43

    ප්‍රොෆයිල් පික් එක වෙනස් කරන්න බැරිද බං. එස් අකුරනෙ වැටෙන්නෙ

    2016-11-27 at 3:17 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බලමු…බලමු.

      2016-11-27 at 5:34 pm
  • nuwan Unregister User
    Windows 10Chrome 54

    ela mchn. thanx

    2016-11-29 at 9:31 am
  • Pushpakantha Sadaruwan User
    Windows 7Firefox 43

    elama digatama karagena yamu

    2016-12-12 at 4:54 pm
  • mithun Unregister User
    Android 6Chrome 58

    Thx bokka oyage sb eka thibba ❤️

    2017-12-27 at 9:49 pm
  • Sithija Unregister User
    Android 8.1Chrome 70

    ඇත්තටම සුපිරි සබ් එකනම්.අනික් ඒවල වගේ ස්පීඩ් අව්ල් ඇත්තෙම නෑ සුපිරියට කරනව හොද වැඩක් ජය

    2019-05-28 at 6:03 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *