La Révolution (2020) [S01 : E01] Sinhala Subtitle
ආරම්භය
ඔන්න එහෙනම් මේ ගේන්නේ අළුත්ම අළුත් කතා මාලාවක්. බොහෝ දුරට මේ කතාව ගොඩක් අය නරඹන්න නැතුව ඇති. මොකද මේකට සිංහල උපසිරැසි නිසාත් ඒ වගේම මේක ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය උනු කතාවක් නිසා.
ඉතින් මන් මේකේ නම දැක්ක ගමන් තේරෙනවා ඇති මේක නිකන් ප්‍රංශ විප්ලවයට සම්බන්ධ දේශපාලනික කතාවක් කියලා. අපෝ නෑ. මේ කතාව ප්‍රංශ විප්ලවය තිබ්බ කාලයේ වෙන සිද්දියක් විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ. අතීතයෙන් පොඩි අභාෂයක් අරන් විතරයි තියෙන්නේ. නැත්නම් තව තේරෙන්න කිව්වොත් අතීත කාල රාමුවක් වෙන මනංකල්පිත කතාවක්. නිකන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ. ඒකත් අතීත කතාවක්. ඒත් ඇත්තටම අතීතයේ එහෙම දෙයක් වෙලා නෑනේ. අන්න ඒ වගේ.
ඇත්තම ප්‍රංශ විප්ලවය සිදුවන්නේ 1789 ඉඳන් 1799 දක්වා කාලය තුලයි. 16වන ලුවී රජතුමාගේ අරාජිකත්වය හමුවේ නිර්දන පංතිය කැරලි ගහන්න පටන් අරන් ප්‍රංශ විප්ලවය ඇති වෙනවා. ඉතින් කතාවේත් රජු ඇතුළු වංශවත් උදවිය වගේම නිර්දන පංතියකුත් ඉන්නවා. ඒ නිර්දන පංතියේ ඇතුලේ තියෙනවා කැරලි ගහන සංවිධානයක්. ඒකට කියන්නේ “සහෝදරත්වය” සංවිධානය කියලා. මේ කතාවේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙන වංශවත් පවුල තමා මොන්ටාර්ගිස්. ආයේත් කියනවා ඉතිහාස තොරතුරු මේකේ ඇතුළත් උනාට මේක ඇත්තටම වෙච්ච දෙයක් නෙමේ.
ඒවගේම ඇත්ත විප්ලවයේ වගේ නෙමේ, මේකේදී විප්ලවය පටන් ගන්න හේතුව වෙන්නේ වසංගත තත්තවයක්. හරියට නිකන් මේ වර්තමාන කාලේට ගැලපෙනවා වගේනේ? ඒත් මේ වසංගත තත්ත්වය මොකද්ද? වසංගතය හැදුනේ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තර මම දැන්ම දෙන්නේ නෑ. ඒවගේම වසංගතය හැදුනම මිනිස්සුන්ට මොකද වෙන්නේ? අන්න ඒක තමා වැදගත් ප්‍රශ්නය. මොකද ඒකේන් තමා මේ කතාව නිකන් සොම්බි කතාවක් වඟේ වෙන්නේ. පොඩි ඉඟියක් දුන්නා ඕන්.
ඒවගේම මේකේ ඉන්න ප්‍රධාන චරිත ටිකත් මන් ඔයාලට හඳුන්වලා දෙන්නම්.
එලීස් ඩී මොන්ටාර්ගිස්
කතාවේ ප්‍රධාන නිළිය. මෙයාගේ තාත්තා තමා ඒ ප්‍රාන්තයේ ආදිපාදවරයා. හැබැයි තාත්තා රජතුමාව හම්බවෙන්න වර්සයිල්ස් වලට ගිහින් ලු. ඒ නිසා දැනට මෙයා තමා නමට වැඩ බලන ආදිපාදවරිය.

මැඩලීන්.
එලීස්ගේ නංගි. මෙයා ගොළුයි. මෙයාට එක එක හීන පේනවා. කතාවේ වැදගත්ම චරිතේ වගේම රහස් ගොඩක් හැංඟිලා තියෙනවා.

ඔෆීලී
මැඩලීන්ව බලාගන්න සේවිකාව. සේවිකාවක් ගැන ඇයි කිව්වේ කියලා කතාවේ අන්තිමට තේරෙයි.
චාල්ස් ඩී මොන්ටාර්ගිස්
එලීස්ගේ මාමා. එහෙම නැත්නම් එලීස්ගේ තාත්තගේ මල්ලි. මෙයා තමා දැන් එලීස්ලවත් බලා කියාගෙන ප්‍රාන්තයත් බලාගෙන ඉන්නේ. ආදිපදකමටත් ඇහැ ගහන් ඉන්නේ.

වම් පැත්තේ ඉන්නේ චාල්ස් ඩී මොන්ටාර්ගිස්. අනික් කෙනා පොලිසියේ ලොක්කා. පෙරූස්
ඩොනේෂියන් ඩී මොන්ටාර්ගිස්
මෙයා තමා කතාවේ ප්‍රධාන හතුරා. ඒවගේම චාල්ස් ඩී මොන්ටාර්ගිස්ගේ පුතා.

වංශවත් පවුල ගැනනේ මෙච්චර වෙලා කතා කරේ. දැන් කතා කරමු 3වන පංතියේ චරිත ගැන.
ඇල්බට් ගිලොටින්
කතාවේ ප්‍රධාන නළුවා. දක්ෂ සටන් කරුවෙක්. හැබැයි මෙයා මැරිලා 🙂 මෙයාට මැරෙන්න කලින් එලීස් ඩී මොන්ටාර්ගිස් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා.

ජෝසප් ගිලොටින්
මෙයා ඇල්බට්ගේ මල්ලි. දක්ෂ වෛද්‍යවරයෙක්. හිරකාරයන්ට බෙහෙත් කරන එක තමා රස්සාව.

මෙහෙම්ම පොඩි අමතර දැනුමට දෙයකුත් කියන්නම්. මේ නමින්ම ප්‍රංශ විප්ලව කාලයේ ඇත්තටම භෞතික විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. එයා හැබැයි ඉඳලා තියෙන්නේ 16වන ලුවී රජතුමාගේ මාළිගාවේ. එයා තමා මිනිස්සුන්ගේ බෙල්ල කපන්න ගිලොටොන් මැෂින් එක හොයාගෙන තියෙන්නේ.
මැරියෑන්
සහෝදරත්වය කියන සංවිධානයේ ප්‍රධාන නායිකාව.

ඕකා

ගොඩක් විස්තර කිව්වා. ඉතින් මේ කොටස ආරම්භ වෙන්නේ රෙබෙකා කියන ගොවි කෙල්ලෙක්ගේ මරණයකින්. ඉතින් මේ කලින් හඳුන්වලා දුන්නු චරිත මේ මරණෙත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලගන්න එක ඔයාලට බාරයි.
සිංහල උපසිරැසියට ස්තූතියි
Boardwalk Empire ekatath sub denna
තෑන්ක්ස් සහෝ සබ් එකට
තව සුපිරි seriesවලට සබ් ගේන්න