අහිංසකයෝ
හොඳයි එහෙමනම් මුලින්ම කලින් කොටස මතක් කරගමු නේද? දකින්න ඇති මැරිච්ච ඇල්බට් පණපිටින් ප්‍රංශ වෙරළ තීරයට එනවා. එතන ඉන්න පොලීසියේ උන්ටත් හොඳට නෙළනවා. ඇල්බට් ආව ගමන්ම යන්නේ එයාලව පොඩි කාලේ හදා වඩාගත්තු පල්ලියේ පියතුමා ගාවට. ඇල්බට්ගේ අරමුණ ඕකාව බේරගන්න එක කියලා දැනගත්තනේ.
ඒවගේම ඩොනේෂියන්ගෙත් කකුලේ මස් කුණු වෙලා නිසා දොස්තරලා කියනවා කකුල කපන්න ඕනේ කියලා. ඒත් මේ වැඩේට එයාගේ තාත්තා චාල්ස් ඩී මොටාර්ගිස් කැමති වෙන්නේ නෑනේ.
ඒවගේම ජෝසෙප් ඕකාව හම්බෙන්න හිරකුටියට ගියාම තව දර්ශනයක් දකිනවා. ඒක නිසා ජෝසෙප් යනවා රෙබෙකා හිටිය තැනට. එතනදි රෙබෙකාගේ තාත්තවත් හබෙනවනේ.
ඒවගේම මැඩලීන් සහ අර වෙස් මුහුණු දාගත්තු කෙල්ල ගැන හීන පේන්න ගන්නවා. මේ හිනවලට ඇල්බට්ගේ සම්බන්ධයකුත් තියෙනවා වගේ. මැඩලීන් එලීස්ට දෙන මාලයකින් දැනගන්නවා ආපහු ඇල්බට් කියලා. එලීස්, ඒක විශ්වාස කරන්න බැරි උනත් ඇල්බට්ව හොයන් යනවා. ඒවගේම එලීස්, චාල්ස් තාත්තා ගැන බොරු කිව්වේ කියලත් දැනගන්නවා. ඒවගේම එලීස්ගේ තාත්තවත් දකින්න ලැබෙනවා. එයා ලෙඩකින් ඉන්නේ. චාල්ස් එයාට නිල් පාට මොකද්දෝ දෙයක් එන්නත් කරනවා. ඒවගේම මේ නිල් පාට දේ ගැන ජෝසෙප් පරීක්ෂණ කරලා හොයන්න පටන් ගන්නවා. මීයෙක්ව එහෙම අල්ලලා කරපු දේ දැක්කනේ.
ඊටපසෙසේ පෙරූස් අර රෙබෙකාගේ තාත්තාව මරනවා. මොකද ජෝසෙප්ව හමුබුනු නිසා.
අන්තිමට කතාව ඉවර වෙන්නේ ඇල්බට්ව හොයන් ගිය එලීස් සහ කැටෙල්ගේ බොරුවට අහු උනු ජෝසෙප් සහෝදරත්ව සංවිධානයට අහු වෙලා. ඒවගේම මොන්ටාර්ගිස් මරණයෙන් උත්ථාන වීමෙන්. ඒ කිව්වේ තාත්තම පුතාව මරලා. ඊටපස්සේ අර එලීස්ගේ තාත්තට ගැහැව්ව නිල් පාට දේ පුතාටත් එන්නත් කරා. ඒ කියන්නේ මේ නිල් පාට දෙයට පුලුවන් මිනිහෙක් මැරුණම ආපහු පණ දෙන්න.
අද කතාව එතැන් සිට……
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ