ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම The wolf’s call(2019) එක්කම තවත් චිත්‍රපටයක උපසිරැසිය ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. මෙය ජනප්‍රිය හොලිවුඩ් නළු හියු ජැක්මන්ගේ සහ නිළි සෝ සල්ඩානාගේ හඬින් රසවත් වුණ The Missing Link (2019) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය. ත්‍රිමාණ සජීවීකරණ කිව්වට මෙක Stop motion – animated තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔබ හොඳින්ම දන්න Chicken run (2000) මේ තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මෙය ඔස්කා සම්මාන ද්විත්වයකට ඇතුළු සම්මාන රැසකට නිර්දේශ වූ Kubo and the Two srtings (2016) චිත්‍රපටය ඔබවෙත ගෙන ආ Laika චිත්‍රපට ආයතනයේම නිර්මාණයක්. එසේම මෙය තමයි Laika ආයතනයේ පළමු චිත්‍රපටය කුඩා දරුවකු ප්‍රධාන චරිතයට හඬ දායකත්වය නොදක්වන. එසේම මෙය ඔවුන් මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල චිත්‍රපටය. මේ වනවිට Imdb වෙතින් 6.9ක අගයක්ද Rotten Tomatoes වෙතින් 89%ක අගයක්ද ගූගල් පරිශීලකයන් 80%කගේ ප්‍රසාදයද දිනා තිබෙනවා. මෙහි රචනය සහ අධ්‍යක්ෂණය ක්‍රිස් බට්ලර්ගෙන්. හියු ජැක්මන් ( ලයනල් ෆ්‍රොස්ට්), සෝ සල්ඩානා (ඇඩලීනා ෆෝට්නයිට්)ට අමතරව ඩේවිඩ් විලියම්ස් (ලැමුවෙල් ලින්ට්), ස්ටීෆන් ෆ්‍රයි ( පිගට්-ඩන්ස්බි), මැට් ලූකස්( කොලික්), සැක් ගැලිෆිනකස්( මිස්ට. ලින්ක්), ටිමති ඔලිෆන්ට් ( විලියම් ස්ටෙන්ක්) ඇතුළු පිරිසක් තමයි හඬ දායකත්වය දක්වන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කතාවෙ කාලය දිවෙන්නෙ 1886 කාල සමයෙ කියල අනුමාන කරන්න පුළුවන් ලිබර්ටි ප්‍රතිමාව ඉදිවෙමින් පවතිනවා එක් තැනක දකින්නට ලැබෙන නිසා (එහි ඉදිකිරීම් අවසන් අදියරේ තිබෙන බවකුයි පෙනෙන්නේ). හැබැයි එතනදි පොඩි කාල පටලැවිල්ලකුත් වෙලා තියනවා මොකද චිත්‍රපටයේ චරිතයක් හැඳ සිටින ඇඳුමක සිපර් ( Zipper) එකක් තිබෙනවා ඔබට දකින්න ලැබෙයි. හරිනම් ඒක එහෙම වෙන්න බෑ මොකද නූතනයේ භාවිතාවන සිපරය ලෝකයට හඳුන්වාදෙන්නේ 1913 වසරේදී( මේ වනවිට ලිබර්ටි ප්‍රතිමාව තනා අවසන්) නිසා. එසේම සිපරය ඇඳුම්වලට එකතුවුනාය කියල කියන්නෙ 1930 දශකයේයි. මෙතනට ඒතරම් අදාල නැතිවුනත් ඔබේ දැනුමට යමක් ඒ. හරි එහෙනම් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
සර් ලයනල් ෆ්‍රොස්ට් කියන්නෙ ඉතාම ධනවත්, අවධානම් චාරිකාවල නිරතවීමට සහ රට රටවල්වල මිත්‍යා විශ්වාස හා බැඳි දේවල්, විශේෂයෙන්ම මිත්‍යා සතුන් ආදිය සොයාගැනීමට ඉතාම ලැදි කෙනෙක්. ඔහු විශ්වාස කරන්නේ එම අංශයෙන් ලෝකයේ ප්‍රධානම ගවේෂකයා තමන් බවයි. ඔහුට ඇති එකම සිත්වේදනාව කිසිම අයෙක්, විශේෂයෙන්ම අවධානම් ක්‍රියාවල යෙදෙනන්නන්ගෙන් සමන්විත විද්වත් සංගමය නම් සංගමයේ සාමාජිකයන් ඔහුගේ සොයාගැනීම් සමච්චලයට ලක්කිරීම සහ එම සතුන් පිලිබඳ පිළිගත හැකි සාක්ෂි නොමැතිව ඔහුව එම සංගමයට බඳවාගැනීම ප්‍රතික්ෂේප කිරීම. මෙහෙම ඉන්න අතරෙ ඔහුට ලැබෙනවා තවත් මිත්‍යා සතෙක් සිටිනා තැනක් ගැන දන්නා අයෙක්ගෙන් ලැබුණ ලියුමක්.. ලෝකයේ අවධානයට ලක්වීමේ දැඩි ආශාවෙන් පෙළෙන ලයනල් තීරණය කරනවා මේ හෝඩුවාව පසුපස හඹායන්නට… මම ගිහින් එන්නම්, අපි තවත් චිත්‍රපටයකින් හමුවෙමු. මෙය විනෝදයෙන් නරඹන්නට හැකි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ.
විශේෂ :- BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB-DL සහ HDrip පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Year :
2019
Genre :
Animation, Adventure, Comedy, Family, Fantasy
Actors :
Hugh Jackman, David Walliams, Stephen Fry, Matt Lucas
Writer : N/A
Director :
Chris Butler
Plot : Mr. Link Recruits Explorer Sir Lionel Frost To Help Find His Long-lost Relatives In The Fabled Valley Of Shangri-La. Along With Adventurer Adelina Fortnight, This Trio Of Explorers Travel The World To Help Their New Friend.

සිංහල උපසිරැස Download කරගන්න 3686 times
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks ayye me seal team eke sub nadda
Niyamsi mewage films walata aththatama asai thankx bro
ඔන්න බ්ලුරෙ ප්‍රින්ට් එකත් ආවා ඇම් ටිකකට කලිම්…🙂❤
MKACAGE …
බොහොම ස්තූතියි, මිතුන්, දැනුම් දුන්නට ඔන්න අප්ඩේට් කලා.
සබ් එකට බොහොම ස්තුතියි සහෝ……… සම්මාන වලටත් නිර්දේශ වෙලානම් නොබල ඉන්නෙ කොහොමද ❤
මේක නිර්දේශ වෙලා නෑ, මිතුන්. මම කිව්වෙ Kubo and the two strings ගැන
මෙකට පහලින් තියෙන සබ්මැරීන් මුවි එක බලන්න හදන්නෙ …
එක බලලා මෙක අරගන්නව තැන්ක්ස් සහෝ
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙන්නකෝ..
ජය වේවා.!
Thanks..!
Request: The axiom 2019
Tumbaa 2019
Anukta 2018
Aa Karaala Ratri 2018
හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
හොද කතාවක් වගේ….
එල බන් අලුත් ෆිල්ම දියන් කොල්ලෝ.ජය වේවා
Great Job 👌ස්තුතී🙏
නවත්තන්න එපා,දිගටම සබ් දෙන්න..
මේ පිස්සුව නවත්තන්නෙ නෑ මැරෙනකල් 😉
එලම. උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…..
thanks blindspotting sub demu