Orphan Black [S01 : E10] Sinhala Subtitle
එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා.
මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මතකනේ කලින් කොටසේ තව චරිත 2ක් එකතුවෙනවා කතාවට.එක්කනෙක්නම් ඇත්තටම සාරාගේ අම්මනේ.කලින් කතාවේ මතකනේ සාරායි හෙලේනායි නිවුන්නු කියලාත්එ යාලගේ අම්මා කියනවනේ.ඒ වගේම අනිත් හැමදේම ජරමර වෙලානේ තියෙන්නේ.දැන් ආර්ට් දන්නවා බොහෝදුරට වෙන්නේ මොනවද කියලා.ඩෙල්පීන් කවුද කියලත් කොසිමා දැන් දන්නවා.ඒත් ඉතින් පරක්කු වැඩිනේ.ඔන්න ඔය අතරේ අද කතාව ගලාගෙන යනවා.දැන් අපේ ලීකි දොස්තර මහත්තයා ලොකු වැඩකට බැහැලා. ක්ලෝන අයට එයා අද යෝජනාවක් ගේනවා.පේනහැටියට හොදයි වගේ.ඒක මොකක්ද හොයාගන්න අන්තිමේදී කොසිමාට පුළුවන් වෙනවා,.ඒත් ඒ වෙනකොට ගොඩක් අය ඒකට කැමැත්ත දීලා.ඒ ගැන බලාගන්න පුළුවන් අද කතාවෙන්.මතකනේ කලින් කතාවෙන් ආපු අලුත් චරිතේ.අද එයා ගැනත් ටිකක් විස්තර මතුවෙනවා.මං හිතන්නේ එයා Season 2එකේනම් ගොඩක් වැදගත් වගේ.Season 1 ඉවරවෙනවත් එක්කම කීපදෙනෙක්ම කතාවෙන් සමුගන්නවා.ඒ වගේම සාරාගේ වටිනාම සම්පත සාරා දාලා යන්න යනවා.එහෙනම් ඇත්තටම මේ දේවල් කොහොමද සිද්ධවෙන්නේ කියලා බලමු අද කතාවෙන්.
Season 1 එකේ අවසානය නිසා අද විශේෂ දෙයක් මතක් කරන්නත් ඕන.මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාව ලබාදීම සම්බන්දයෙන් Subz LK අඩවියට.ඒ වගේම විශේෂයෙන් අපිත් එක්ක එකතුවෙන ඔයාලට ස්තුතිවන්ත වෙනවා කමෙන්ටුවක් දාලා දිරිගන්වනවට.මේ තමා එහෙනම් අදියරක අවසානය.මේ කතා මාලාවට ලැබෙන ප්‍රතිචාර වගේම Download ප්‍රමාණය ගැනත් බලලා කට්ටිය ගොඩක් බලාගෙනඉන්න කතාවක් වගේනම් දිගටම Sub එක ගේන්න බලාපොරොත්තු වෙනවා.ඒ නිසා කමෙන්ටුවකින් අදහස කියන්න අමතක කරන්න එපා.ඉක්මනින්ම Season 2 සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.!
Spoiler Warning : Sarah’s attempt at convincing the enemy is obstructed by Art’s intervention; the Orphans must decide whether or not to make peace with their creators; Sarah confronts the enemy…
thanks mcn
Niyamai ?✌ Digatama me wade karagena yamu.elamah sahoo.??