Orphan Black [S01 : E04] Sinhala Subtitle
ඔන්න එහෙනම් 4වෙනි කොටසටත් උපසිරැසිය ඉක්මනටම අරගෙන ආවා.මේ කොටස විකාශය වෙන්නේ “Effects of External Conditions”කියන නමෙන්.විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 20 වෙනිදා.ඔන්න එහෙනම් මම කිව්වා වගේම කතාව ටිකක් හිතාගන්න බැරි පැත්තකට නේද යන්නේ.හොද හොද සෙල්ලම් එළිවෙනකොට කියනවනේ.ඒ වගේම එන්න එන්නම කතාව ලස්සන වෙනවා.ඇත්තටම මේකේ ප්‍රධාන චරිතේ රගපාන Tatiana Maslaney ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන.මොකද එයා රගපාන චරිත හැම එකක්ම ඒ ඒ චරිතෙට ගැලපෙන විදිහට නියමට රගපානවා.දැනට චරිත කීපයයිනේ හම්බුනේ.අපි බලමු තව ඉස්සරහට මොන වගේ චරිත මෙයාට රගපාන්න තියෙයිද කියලා…
කතාව ගැන පොඩ්ඩක් බලමු එහෙනම් නේ.පොඩ්ඩක් විතර මතක් කරන්නම් වැඩිය කියන්න යන්නේ නෑ.දැන් ඔන්න අපේ පොලිසියේ හාදයා ඉන්නවනේ ආර්ට්.එයා දැන් ගොඩක් හොඩුවාවල් පස්සෙන් යනවා.මේක සාරාට ටිකක් කරදර වෙන්න ගන්නවා දැන්.ඒ හින්ද සාරා ඒ ගැන සැලකිලිමත්වෙනවා ටිකක්.ඒත් එක්කම සාරාට මේ කොටසේදී ලොකු අභියෝග ටිකකට මුණ දෙන්න වෙනවා.මේකට උදව් වෙන්නෙත් එයා වගේම අය තමා.මේ කොටසේ හෙලේනයි ඇලිසනුයි දෙන්නම හොද ඇක්ටින් ටිකක් දානවා.එහෙනම් උපසිරැසිය බාගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා.කමෙන්ටුවකුත්දාගෙන යන්න අමතක කරන්න එපා.කලින් කමෙන්ටු දාපු අයත් මතක් කරනවා.ඒ වගේම ගොඩක් ස්තුතියි.ඊලග උපසිරැසියෙන් හම්බෙමු එහෙනම්.හැමෝටම සුභ දවසක්…
Spoiler Warning : Sarah’s reunion with her daughter is hindered by her tracking; the killer gets closer to the truth…
Elama saho…jaya…
දිගටම දෙමු සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
thanks mcn