ඉතින් හැමෝටම ආයුබෝවන්. තවත් පැරණි චයිනීස් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවෙ. කීප දෙනෙක් මගෙන් ඉල්ලුවා Jackie chan, Sammo Hung සහ yuen Biao තුන් දෙනාගෙ ෆිල්ම් එකක් දෙන්න කියල. තව සහෝදරයෙක් කමෙන්ට් කරල තිබ්බා Twinkle Twinkle Lucky Star එකට සබ් ඉල්ලලා. ඒක ඇවිල්ලා Lucky Stars සීරීස් එකේ තුන්වෙනි චිත්‍රපටය. ඉතින් ඒ දෙගොල්ලම වෙනුවෙන් මන් අද තෝරගත්තු ෆිල්ම් එක තමයි ඒ සීරීස් එකේ පළමු චිත්‍රපටය වන Winners & Sinners. මේකෙ ඔරිජිනල් චීන නම තමයි Qi mou miao ji: Wu fu xing නොහොත් Five Lucky Stars. මුලින්ම තිරගත වුනේ 1983 ජූලි 7 දිනයි. හොංකොං ෆිලුමක්. ධාවන කාලය විනාඩි 108 යි. Action, Comedy, Crime, Drama යන කාණ්ඩ වලට අයත් වෙන පට්ටම පට්ට ඇක්ෂන් කොමඩියක්. 6.7/10 ක IMDb අගයක්ද, 92% ක Google පරිශීලකයන්ගේ කැමැත්තක්ද ලබාගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක සැමූ හංගෙ චිත්‍රපටයක්. කතාව ලියා, අධ්‍යක්ෂනය කරන්නෙත් ඔහුමයි. ජැකී උප ප්‍රධාන චරිතයක් රඟපාන අතර yuen Biao පෙනී ඉන්නෙ එක දර්ශනයකට පමණයි. Jackie Chan සහ Sammo Hung (ටීපොට්) සමග John Sham (කර්ලි / ජැක් සෝ), Richard Ng (දුම් පයිප්පයා), Charlie Chin (වැස්ලින්), Stanley Fung (ලැරී/රූකි) සහ Cherie Chung (ෂර්ලි ) රගපෑමෙන් දායක වෙනව. හොංකොංහී ප්‍රදර්ශනයෙන් පමණක් හොංකොං ඩොලර් 21,972,419 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්වූ අතර 1983 වසරේ පැවති 3rd Hong Kong Film Awards සම්මාන උළෙලේදී Best Action Choreography සම්මානය දිනාගැනීමටද Yuen Biao, Lam Ching-ying, Billy Chan යන තිදෙනා සමත්වුනා.
මුල් පෝස්ටරය
කතාව පැත්තට හැරුණොත්, සුලු සුලු වැරදි වලට සිර දඬුවම් විදින ටීපොට් (සැමූ), කර්ල්, ලැරී, දුම් පයිප්පයා සහ වැස්ලින් කියන හිරකාරයො දෙනා, එහිදී හොඳ යාලුවන් බවට පත්වෙනවා. එයාල නිදහස් වෙලා ඇවිත් නවතින්නෙ කර්ල්ගෙ ගෙදර. කර්ල්ගෙ නංගි, ෂර්ලිත් එක්ක එකතුවෙලා ක්ලීනින් කොම්පැනියක් පටන් අරන් කරගෙන යනවා. ඔය අතරෙ ෂර්ලිගෙ හිත දිනාගන්න යාලුවො අතරෙත් සීතල යුද්ධයක් යනවා. මැර කණ්ඩායම් කරගෙන යන හොර නෝට්ටු ජාවාරමක් පසු පස යන පොලිස් නිළධාරියෙක් තමයි අංක 7086 ( ජැකී ) කියන්නෙ. හොර නෝට්ටු ප්‍රින්ට් කරන ප්ලේට් කීපයක් සහ සල්ලි පිරුණු බ්‍රීෆ්කේස් එකක් වැරදිමකින් “ෆයිව් ස්ටාර් ක්ලීනින් කොම්පැනියෙ” වෑන් එකට වැටිලා අපේ යාලුවන්ට ලැබෙනවා. මැර කණ්ඩායම් ඒ බ්‍රීෆ්කේස් එක පස්සෙ පන්නන්න පටන් ගැනීමත් සමග මේ යාලුවො හය දෙනත් මේ යුධ භූමියට වැටෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ කියලා. “ලකී ස්ටාර්ස්” සීරිස් එකේ අනෙක් චිත්‍රපට දෙකටත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සබ් දෙනවා. අපිත් එක්කම රැඳී ඉන්න. ජය වේවා.
SUB FORMAT – SRT & IDX
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Year :
1983
Genre :
Action,comedy,crime
Actors :
Sammo Kam-Bo Hung,Jackie Chan,John Sham
Writer : N/A
Director :
Sammo Kam-Bo Hung
Plot : Qi Mou Miao Ji: Wu Fu Xing: Directed By Sammo Kam-Bo Hung. With Sammo Kam-Bo Hung, John Sham, Richard Ng, Charlie Chin. Fresh From Prison, Five Friends Try To Stay Crime Free But Inadvertently Find Themselves Caught In A Triad War.

සිංහල උපසිරැස Download කරගන්න 186 times
අම්මෝ! මාරයි! ඕඩර් ලිස්ට් එකේ තියෙනවා දැකලා ෆිල්ම් එක කලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා. හැබැයි මෙච්චර ඉක්මනට සබ් එක දෙයි කියලා හිතුවේ නෑ. හුඟක් ස්තූතියි අයියේ ජැකී පිස්සෝ වෙනුවෙන් සබ් එක අරන් ආවට.:grin::star_struck: ඉතුරු ටිකත් හිමින් සැරේ දෙමු.
අනික SRT Format එකෙන් සබ් දෙන එකනම් හුඟක් හොඳයි. මොකද SRT Format එකේ සබ් කොලිටියි. ඒ වුණත් ඉතින් වෙන සයිට් නම්-ගම් වෙනස් කරලා එයාලගේ සයිට්වල දාන එක තමයි අවුලකට තියෙන්නේ.:worried:
idx දුන්නත් මන් දවස් තුන හතරකින් srt දානවා. උණුසුම ගියාම. පුදුම ජාතියෙ හොරුනෙ දැන් ඉන්නෙ.
තෑන්ක්ස් සබ් එකට… ඉතුරු දෙකටත් සබ් දෙන්න සහෝ
අනිවාරෙන්. පොඩි කාලයක් දෙන්න, සහෝ.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
කමෙන්ට් එකට ස්තුතියි.
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ. ස්තූතියි කියලා මදි. ලොකු සේවයක් ඇත්තටම මේ වගේ ෆිල්ම් උපසිරැසි කරන එක. පුදුම සතුටක් ඇතිවෙන්නේ මේ වගේ පැරණි ෆිල්ම් වල සබ් දකිනකොට.
දිගටම මේවගේ පැරණි ෆිල්ම් වල සබ් දෙන්න.
ජැකී චෑන් ගේ,
My Lucky Stars 1985
Twinkle Twinkle Lucky Stars – 1985 යන චිත්‍රපට දෙකටත්,
ජැකී චෑන් ගේ,
The Fearless Hyena – 1979
Fearless Hyena 2 – 1983
යන චිත්‍රපට දෙකටත්,
ජෙට් ලී ගේ,
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
යන චිත්‍රපට දෙකටත්,
ජෙට් ලී ගේ,
The Legend – 1993
The Legend 2 – 1993
යන ෆිල්ම් දෙකටත්,
Swordsman – 1990
Swordsman II – 1992
යන ෆිල්ම් දෙකටත්
Once Upon a Time in China Collection එකටත් සබ් ඕනේ සහෝ. කරදර කරනවානම් සමාවෙන්න.
මේ කරනා සේවයට ස්තූති කරලා මදී ගොඩක් පින් මේ ෆිල්ම් වලට සබ් දෙනවට ඒ වගේම Crime Story 1993 එකටත් සබ් දෙන්න ජැකි ජැන්ගේ
aniwaaren karamu.