• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Matrix (1999) Sinhala Subtitle

The Matrix (1999) Sinhala Subtitle

2019/12/30 at 6:01 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ අඩවියට නිතරම යන එන CJ, මිතුන්, මධූෂ යන සහෘදයන් තිදෙනා කල ඉල්ලීමක් ඉෂ්ට කිරීමේ පළමු පියවර, The Matrix චිත්‍රපට පෙලේ පලමුවැන්න The Matrix (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටය ඔවුන් ඉල්ලීම කල දවස්වලම කරන්න පටන්ගත්තත්, මම පෙර ලිපියක සඳහන් කලා වගේ පරිගණකයට රැන්සම්වෙයා එකක් ඇතුල්වීම නිසා වැඩ අවසන් කර තිබූ උපසිරැසි කීපයකුත් දත්ත සියල්ලත් අහිමිවුණා, පළකිරීමට ඔන්න මෙන්න තිබූ මෙට්‍රික්ස් උපසිරැසියත් එයින් එකක්. ඒ නිසා දෙවෙනි උත්සාහය තමයි මේ. දැන් ටික කාලයක ඉඳන් කරගෙන ඇවිත් ඊයෙ වනවිට වැඩ අවසන් කරගන්න පුළුවන් වුණා.මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.

ඔබ දන්නවා මෙය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පලමුවැන්න. චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙලින් සඳහන් කලොත්...

The Matrix (1999)

The Matrix : Reloaded (2003) 

The Matrix : Reveloutions (2003)

මෙහි මම අද මේ උපසිරැසි ලබාදෙන පළමු චිත්‍රපටය ඉතාම පැහැදිලි කතාවකින් සමන්විත වුණත්, මෙහි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපටනම් ඉතාම පැටලිලි සහගත වුණා. ඊට හේතුව මුල් චිත්‍රපටය සහ දෙවන චිත්‍රපටය අතර කාලසමයේ සිදුවූ සිදුවීම් නිසිලෙස පැහැදිලි කර නොදීම. එය හේතුකරගෙන විය යුතුයි නිර්මාණකරුවන් මෙහි කතාවේ අපැහැදිලි තැන් පැහැදිලි කරමින් The Animatrix (2003) නම් කෙටි චිත්‍රපට නමයකින් සමන්විත වීඩියෝවක් නිකුත්කරනු ලැබුවා (මාත් මෙට්‍රික්ස් චිත්‍රපට මාලාවෙ බොහෝ අපැහැදිලි තැන් පැහැදිලි කරගත්තෙ එය නැරඹීමෙන් පසුව). එය මෙම ලින්ක් එකට පිවිස අප අඩවියෙන්ම ලබාගන්න සිංහල උපසිරැසි සහිතව.  මතක ඇතුව එම ලිපියේ සඳහන් කර ඇති අනුපිළිවෙලට නරඹන්න.

ඔබ මෙහි කතාව පැහැදිලි කරගෙනම මුල් චිත්‍රපටය නරඹන්නට කැමති අයෙක් නම් පමණක් ඉහත වෙබ් පිටුවේ ලිපියේ සඳහන් කර ඇති පිලිවෙලට කෙටි චිත්‍රපට නමය නරඹන්න. එසේ නොමැතිව ප්‍රධාන චිත්‍රපට තුනෙන්ම කතාව තේරුම්ගැනීමට කැමති අයෙක්නම් The Matrix (1999) චිත්‍රපටයෙන්ම නැරඹීම ආරම්භ කරන්න. ඉදිරි චිත්‍රපට දෙකට උපසිරැසිත් හැකි ඉක්මනින් සබ්ස් එල් කේ හරහා ඔබ අතට පත්කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි The Animatrix(2003)හි අදාල කෙටි චිත්‍රපට කොටස් නරඹා මෙය නැරඹීම කතාව වටහාගැනීමට පහසුවක් විය හැකි බවත් මතක් කරන්න ඕනෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය දිශාවට..

මේ මෙට්‍රික්ස් සිනමාපට ත්‍රිත්වය තරමට ලෝකයේ කතාබහට ලක්වූ තවත් චිත්‍රපට ත්‍රිත්වයක් තිබේදැයි පවා සැක සහිතයි. ඊට හේතුව මෙහි කතාවට තම දෘෂ්ටිකෝණය අනුව විවිධාකාර අර්ථකථන දීමට ඇති හැකියාව. යම් පිරිසක් මෙය සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධමය කතාවක් ලෙස දකිද්දී, තවත් පිරිසක් මෙය දකින්නෙ සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකින් එහා ගිය ගැඹුරු, දාර්ශනික, විටෙක අධ්‍යාත්මික අර්ථකථනයක් පවා දිය හැකි කතාවක් ලෙසයි. මේ ගැන විවිධාකාර වාද විවාද, මති මතාන්තර තිබෙනවා ලෝකය පුරා. එය හැරුණුවිට මෙය නිකුත්වූවේ 1999 වසරේදී වීම සැලකීමේදි එවක පැවති සිනමා දෘෂ්‍ය ප්‍රයෝග භාවිත සම්ප්‍රදායන් උඩු යටිකුරු කල එකක් මෙට්‍රික්ස් කියන්නෙ. ඒ වගේම නියෝට පණපොවන කියානු රීව්ස් රංග ශිල්පියාව ජනප්‍රියත්වයේ ඉහලටම ගෙන ගිය චිත්‍රපට පෙලත් මෙට්‍රික්ස්. ඉතින් මේ අපූරු සිනමා නිර්මාණයේ රචකයන් සහ අධ්‍යක්ෂකයන් වන්නේ (එවකට) Wachowski සහෝදරයන් විසින්. අදනම් මේ දෙදෙනා හඳුන්වන්න වෙන්නෙ Wachowski සහෝදරියන් ලෙසයි, ඒ ඔවුන් ශල්‍යකර්ම මාර්ගයෙන් කාන්තාවන් බවට පත්ව සිටින නිසා.අද ඔවුන්ගේ නම් දැක්වෙන්නේ Lana Wachowski සහ Lilly Wachowski ලෙසයි. The Matrix(1999) තිරගතව දැනට වසර 18ක් පමණ ගෙවී ඇතත්, අදටත් මෙය IMDB හොඳම සිනමාපට 250 තුල 16 වන ස්ථානය උසුලනවා 8.7ක අගයක් දරමින්. එසේම ඔස්කා සම්මාන හතරක් ඇතුළු තවත් සම්මාන 37කින්ද පිදුම් ලැබූවක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 88%ක අගයකුත්, මෙටා ක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබා තිබෙනවා මේ චිත්‍රපටය.රංගනයෙන් දායක වෙන්නෙ කියානු රීව්ස් (නියෝ/ තෝමස් ඇන්ඩර්සන්), ලෝරන්ස් ෆිෂ්බර්න් (මෝෆියස්), කැරී-ඈන් මොස් ( ට්‍රිනිටි), හියුගෝ වීවින් ( නියෝජිත ස්මිත්), ග්ලෝරියා ෆොස්ටර් (අනාවැකිකාරිය), ජෝ පැන්ටොලියානෝ (සයිෆර්), මාකස් චොන්ග් (ටෑන්ක්), මැට් ඩොරන් ( මවුස්), බෙලින්ඩා මැක්ලෝරි ( ස්විච්), ජූලියන් අරහන්ගා (ඒපොක්), ඇන්තනි රේ පාකර් ( ඩෝසර්) ඇතුළු පිරිසක්.

• කියානු රීව්ස් තෝරාගන්නට පෙර ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙකුටම නියෝ චරිතය ඉදිරිපත් කර ඇතත් ඔවුන් කිසිවෙකුත් චරිතය බාර ගෙන නෑ, එයින් එක් අයෙක් විල් ස්මිත්. ඔහු චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන්නෙ එම චරිතයට තමන්ගේ පරිණතභාවය මද බව පවසමින්. ඊට අමතරව නිකලස් කේජ්, ටොම් කෲස් හා ලියනාඩෝ ඩිකැප්‍රියෝටද චරිතය ඉදිරිපත් කර තිබෙනවා. අවසානයේ නියම සුදුස්සාවන කියානු රීව්ස්ටයි නියෝ චරිතයට පණපෙවීමේ වරම ලැබෙන්නේ.

• Wachowski සහෝදරයන් වෝනර් සමාගමට මුලින්ම ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. වෝනර් බ්‍රදර්ස් සමාගම පිටපතට කැමැත්තක් දක්වා ඇතත්, Wachowski සහෝදරයන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය තමන්ට අවශ්‍ය බව පැවසූ විට මදක් පැකිලී තිබෙනවා. ඒ නිසා වෝනර් බ්‍රදර්ස් Matrix නිෂ්පාදනයට කැමති කරගැනීමෙ අදහසින් ඔවුන් Bound (1996) චිත්‍රපටය නිර්මාණය කරන අතර එහි සාර්ථකත්වය නිසා වෝනර් බ්‍රදර්ස් සමාගම චිත්‍රපටය ගැන සලකා බලන්නටත් අධ්‍යක්ෂණ කාර්යය Wachowski සහෝදරයන්ටම ලබාදීමටත් එකඟ වෙනවා. ඔවුන් මුලින්ම මිලියන 10ක මුදලක් ලබාදී ඇති අතර Wachowski සහෝදරයන් එම මුළු මුදලම වියදම් කර ඇත්තේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කීපයේ ඇති ට්‍රිනිටිගේ සටන් දර්ශනය වෙනුවෙන්.

• එම කොටස පෙන්වීමෙන් පසු වෝනර් බ්‍රදර්ස් සමාගම එකඟ වනවා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය තුල චිත්‍රපටයේ රූගතකිරීම් කරන්නට ඇස්තමේන්තුගත මුදල මෙන් තුන්ගුණයක් පමණ වියදම් වන බව පෙනී යන නිසා ඔවුන් මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේදීයි. එම නිසාම මෙහි වියදම ඇමරිකානු ඩොලර් 60කට සීමාකරගන්නට ඔවුන් සමත්වෙනවා.

• මෙහි එක් විශේෂ චරිතයක්නෙ මෝෆීයස්. මෝෆියස් කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවන්ගේ එන සිහිනයන්ට අධිපති දෙවියන්. මෝෆියස් දෙවියන්.

• මෙහි එන සටන් දර්ශන Fist of Legend (1994) නම් හොංකොං චිත්‍රපටයෙන් ආභාෂය ලබාගෙන තිබෙනවා. ඊට හේතුව මෙහි සටන් අධ්‍යක්ෂණයත් එම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කල වූ-පින්ග් යුවන්ගේ වීම. වූ-පින්ග් යුවන්

• චිත්‍රපටයේ දාර්ශනික කෝණය පැහැදිලි වෙන තැනක් තමයි නියෝ තම කාමරය තුල පරිගණක ඩිස්කට් සඟවා තිබෙන පොත. එය ප්‍රංශ ජාතික දාර්ශනික Jean Baudrillard විසින් රචිත යථාර්ථානුකරණය හා අධි-යථාර්ථ (Simulation & Hyper-reality) පශ්චාත්-නූතන සංකල්පය ගවේෂණය කිරීමක් වූ "Simulacra and Simulation" නම් නිබන්ධනයක්. චිත්‍රපටයේ මුල් භාගයේ නියෝ පොත තුලින් පරිගණක ඩිස්කටයක් පිටතට ගනිද්දී එහි "On Nihilism" නම් පරිච්ජේදයක් දක්නට ලැබෙනවා අපිට. Nihilism යනුවෙන් හැඳින්වෙන්නේ ශුන්‍යවාදයයි. එය ජීවිතය යනු අර්ථ විරහිත එකක්ය යන විශ්වාසය හා බැඳුනු එකක්. මෙට්‍රික්ස් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සියලු දෙනාට ඊට පෙර මෙම පොත ඇතුළු දර්ශනවාදී පොත් කිහිපයක්ම කියවීම අනිවාර්ය කර තිබී තිබෙනවා Wachowski සහෝදරයන් විසින්. ඒ චිත්‍රපටයේ පිටපත නිවැරදිව අවබෝධ කරගැනීම පහසු වීම පිණිස.

එහෙනම් ඒ ඇති වගේ නේ, කතාවට ආරම්භයක් දෙන්නත් අවශ්‍ය නෑ මම හිතන්නෙ, මොකද මේ චිත්‍රපටය අපි බොහෝ දෙනෙක් නරඹල තියනව.  ආයිත් නරඹන්න කැමති අයටත්, අහම්බයකින් හෝ නරඹල නැති අයටත් තමයි මේ උපසිරැසිය.  මට හැකි උපරිම පැහැදිලි ලෙස දෙබස් පරිවර්තනය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීම නරඹන ඔබ සතුයි. එහෙනම් ගිහින් එන්නම්, හැකි ඉක්මනින් මෙහි දෙවන චිත්‍රපටය වන The Matrix : Reloaded (2003) හි සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

"ඔබේ තේරීම රතු පෙත්තද නිල් පෙත්තද? "

 

සිංහල උපසිරැසිය ලබා ගන්න 10099
The Matrix
  • 720p (bluray)
    703.69 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.86 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.49 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • shean Unregistered User
    Windows 10Chrome 79

    patta machan wadee..thanks

    2019-12-31 at 12:02 am
    Reply
    • Gamindu Sasmitha Unregistered User
      Android 11Chrome 90

      සයිට් එකේ කවුරුහරි sherlock tv series එකට සබ් දෙන්නකෝ අන්තර්ජාලයේ එක උපසිරසියක්වත් ගුණාත්මක නැහැ. google translate sub ඊට හොඳයි. අනික imdb සිනමා දර්ශකයෙ votes 1M වලින් 9.1/10 වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. sub දෙන්න පුලුවන්නම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. pls consider about this request.

      2021-12-25 at 8:21 am
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-31 at 8:54 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 79

    මමත් මාරම ආස ෆිල්ම් එකක්……….

    2019-12-31 at 12:00 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      මගෙත් ඕල් ටයිම් ෆේවරිට් එකක්, දමිත්, මේක.

      2019-12-31 at 6:59 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-31 at 12:01 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 65

    නියමයි.අප වෙනුවෙන් කාලය,මහන්සිය වැය කරලා මේ කරන කාර්ය අගය කරනව සහෝ.බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    2019-12-31 at 3:39 pm
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2019-12-31 at 7:36 pm
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 69

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2020-01-01 at 12:27 am
    Reply
  • Vinoj Unregistered User
    Android 7Chrome 64

    කෝ බන් තාමත් ෆිල්ම් එකක් ගන්න බැරි උනා නේ දවස් දෙකක් try කරා

    2020-01-01 at 2:18 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      මොකද්ද එන එරර් එක, විනෝජ්? මම මේ දැනුත් බැලුවා ලින්ක් සියල්ල වැඩ.

      2020-01-01 at 4:43 pm
  • Mithun Unregistered User
    Android 8Chrome 78

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
    තුනම එකපාර නැවත ඩව්න්ලොර්ඩ් කරගන්න ඔනෙ brrip එවම..❤ ,,
    !!!!!සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ !!!!!!

    2020-01-01 at 9:11 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරල තියාගන්න,මිතුන්, මතක ඇතුව The Animatrix එකත් අරං බලන්න. මම ඒක දීල ඇත්තෙ කලින්. අනිත් දෙකටත් සබ් දෙනවා පුළුවන් ඉක්මනටම.
      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2020-01-01 at 4:45 pm
  • Supun Praneeth Unregistered User
    Windows 7Chrome 79

    සබ් එක සුපිරියටම තියෙනවා…film එකේ තේරැම තේරැම් ගන්න පුලුවන් විදිහට නියම සිංහල තේරැම එක්ක තියෙනවා.මීට කලින් ආපු සබ් එකේ වැරදි තැන් තියෙනවා ගොඩක් එහෙම උනාම තේරැම තේරැම් ගන්න අමාරැයි.ඔය ගමන් අනිත් එකේ සබ් එකත් දාන්න පුලුවන් තරම් ඉක්මනට…

    2020-01-01 at 4:24 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      බොහොම ස්තූතියි, සුපුන් 🙂
      මීලඟ දෙකත් දෙන්නම් පුළුවන් ඉක්මනටම.

      2020-01-01 at 4:46 pm
    • supun praneeth abeysekara Unregistered User
      Android 9Chrome 78

      Matrix reloaded eka kawdda denne???pluwan ikmnta ekath danna..film eke neo ge part eka mokkda kiyla therum gnna pluwan wenne reloaded eken thmai.eketh anithimata source ekata neo giyta passe artitech ekk karana kathawen passe thamai film eka godak pehedili wenne….waiting for reloaded mchn…thnks..❤️❤️❤️

      2020-01-03 at 1:10 pm
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      රීලෝඩඩ් දෙන්නම්, සුපුන්, තව දවස් කීපයක් වගේ ඇතුලත. අනිවාර්යයෙන්ම දෙනවා.

      2020-01-03 at 1:59 pm
    • supun praneeth abeysekara Unregistered User
      Android 9Chrome 78

      Waiting for it mchn…soon as u can…❤️❤️❤️

      2020-01-05 at 2:53 am
  • රුවිඳු අබේරත්න Unregistered User
    Windows 10Chrome 79

    මේ ෆිලුම මම ඉස්සෙල්ලාම බැලුවෙ 2018 මුල වගෙ.ෆිලුමෙ තියරිය අර පනින සීන්, ගහගන්න සීන් හින්ද චාටර් උනා කියලයි හිතුනේ. .පස්සෙ matrix reloaded බැලුව.මෙලෝ රෙද්දක් තේරුනේ නෑ.පස්සෙ 3ත් නොබල ඉන්න හිතුව.පස්සෙ මේ සයිට් එකෙ තිබ්බනෙ animatrix ගැන ලිපියක් .ඒක මීට මාස 2කට විතර කලින් දැකල ආයෙ මුල ඉදන්ම බලනව කියල හිතන් බැලුව , එතකොට තමයි තේරුනෙ කතාව විනාස කරල ෆිල්ම් එක නෙවෙයි සබ්ටයිටල් එක කියල…කෝම හරි තේරුන්නැති තැන් දෙපාර තුන්පාර බල බල අමාරුවෙන් බැලුව.ඊටපස්සෙ animatrix,reloaded,revolutions බැලුවා.(o/l ලියන්ඩ ඔන්න මෙන්න තියෙද්දි..)කෝම හරි දෙසැම්බර් 31 වෙනිද මන් දැක්ක මේක දීල තියෙනව.දැන් මේ මේක බලලා ඉවර උනා විතරයි.

    **THE MATRIX තමයි මේ අවුරුද්දෙ මන් බලපු 1වෙනි ෆිල්ම් eka

    2020-01-01 at 5:44 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      රුවිඳු :- හරියටම හරි. මෙට්‍රික්ස් රීලෝඩඩ් තමයි මේ කතාවෙ සැබෑ අර්ථය අපිට පෙන්නන ෆිල්ම් එක. මුල එක විතරක් බලල පැත්තකට වුණොත් නිකං දකුණු ඉන්දියානු ගුරුත්වාකර්ෂණ අඩු ෆිල්ම් එකක් බැලුව වගේ හැඟීමක් විතරයි ඉතුරු වෙන්නෙ.ඒ පාවෙන දර්ශන සියල්ලේ අර්ථය තේරුම්ගන්න රීලෝඩඩ් බලන්නම ඕනෙ. වැඩේ තමයි හදපු අය රීලෝඩඩ් හැදුවට පස්සෙයි The Animatrix (2003) එලියට දැම්මෙ. ඒක කොටස්වලට කඩල මුලින් රිලීස් කලානං, රීලෝඩඩ් එකයි මෙට්‍රික්ස් Trilogy එකයි නරඹන්නාට තේරුම් ගන්න මීට වඩා ගොඩක් ලේසි වෙන්න තිබුණා.

      2020-01-01 at 6:09 pm
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 85

    sub ekata thanks saho

    2020-10-09 at 9:58 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms